........*එකොළොස් වෙනි කොටස*........
පහනුත් මමත් නුවරට ලඟා වන තුරැත් හිටියේ නිහඬතාවක.. බඩගින්නට බඩ කැක්කුම හැදුනත් මම ඒ බව නොකිය හිටියේ තවත් නම් හොටෙල් වල කෑම එපා කියා සිතුනු නිසයි... වාහනයේ ජනේලයට හේත්තු වී මම පාර දිහාම බලන් හිටියේ ගමේදි චන්ඩිකම් දැම්මත් අරැන් ඉදිරියේ මම අසරණ වී සිටි නිසයි.. එ්ත් පහන් මාව අදත් ආරක්ෂා කලා.. ඒ වුනත් මුල් ම දවසෙ වගේ මට ඒක මදිකමක් විදියට දැනුනෙ නෑ...
"මොනවද කල්පනා කරන්නෙ.. යකෙක්ටවත් බය නෑ කිව්ව නේද..ඒ වුනාට උන් පොඩි සද්දයයි දැම්මෙ මගෙ කරේ එල්ලිලා... අහිංසක අපිට තමා මෙයාගෙ සද්දෙ.."
මෙච්චර වෙලා නිහඬ ව සිටි පහන් නිහඬතාවය බිඳ තම හඬ අවදි කලේ මගේ කල්පනාකාරී ඉරියව්ව බිද දමමින්...
"මම බය නෑ තමා.. ඒත් මේ නොදන්න පැත්තක්නෙ.. අනික එතන තුන් දෙනෙක්.. අපරාදෙ මෙයා ගාවට දිව්වෙ.. ඒකනේ ඇනුම් පද කියන්නෙ දැන්..ඇයි එවලෙ කිව්වෙ ලොකු ගානක් හදන්න දීලා ඒ වටිනාකමට සමානයි කියලා.. වටින්නැත්තම් එහෙම කිව්වෙ මොකද මාව දීලා දාන්නෙපැයි.."
මගෙ හිතේ තිබුණු දුක ලැජ්ජාවට මම පහන්ට පිලිතුරැ දුන්නෙ ඒ විදියටයි..
"අයියෝ.. මම එවලෙ බොරැවට කිව්වෙ.. එච්චර වටින්නෙ නෑ මටනම්.."
පහන් එහෙම කිව්වෙ හිනා වෙමින්..
"පුදුම දුශ්ටෙක්.. වටින්නැල්ලු ඒ වුනාට මැරෙන්න දෙන්නෙත් නෑ..කරදරයක් වෙන්න දෙන්නෙත් නෑ.."
මම දොර වීදුරැවෙන් පාර දිහා බලන් හිතින්ම කියා ගත්තා.. මේකට කියලා වැඩක් නෑනෙ ඉතින්..
එකපාරම පොඩි කෑම කඩයක් ගාව වාහනය නතර කල පහන් නොකියාම බැස ගියේ කඩය අැතුලටයි.. වැඩි වෙලා නොගොස් නැවත පැමිණියේ මොනවදෝ බෑගයක් එල්ල ගෙනයි..
" බඩගින්නෙ නේද.. මෙන්න කන්න.. රෝල්සුයි, ආප්පයි ගෙනාවා... අාප්ප කන්න දීපු සම්බෝලෙ නම් සැර ඇති..."
පහන් මම බඩගිනි කියලවත් නොකිය ලඟටම කෑම ගෙනත් දුන්නේ මහත් ලෙන්ගතු කමකින් කියලා මට දැනුනා.. පහන් නැවතත් වාහනය පන ගැන්නුවේ නුවර ගමන නිමා කරන්න අදිටන් කරගෙනම වගෙයි..
"ඔයා කන්නැද්ද.. වාහනය ගෙනියන ගමන් කන්න පුලුවන් ද..?"
පහන් මුකුත් නොකාම ඩ්‍රයිව් කල නිසා මට එහෙම අහන්න හිතුනා..
"නෑ ඔයා කන්න.. මට බඩගිනි නෑ.."
පහන් එ් විදියට පිලිතුරැ දෙද්දී මාත් ආප්පයක් අතට ගත්තේ සම්බොලෙ සුවඳට කටට කෙලත් ඉනුව නිසයි... එ්ත් මට කෑම කට ගාවට අරන් ගියත් කන්න හිතුනෙ නෑ. පහන් බඩගින්නෙ අැත්තෙ... කවදද මම මට වඩා අනිත් කෙනා ගැන හිතන්න පුරැදු වුනේ...මටම අදහගන්න බෑ මගෙ වෙනස්වීම..
"ආ මෙන්න.. කට අරින්න...ඩ්‍රයිව් කරන්නෙ අත් දෙකෙන් මිසක් කටින් නෙවෙයිනෙ.. කෝ කට අරින්න..."
පහන්ගේ දෙතොල් හමුවට ආප්පයක කොටසක් ගෙන ගියේ මට එ්ක කරන්නම හිත කියූ නිසයි... මගේ හිත මටම අවනත නැති හැඩක් මට තේරැණේ එවිටයි....පහන් මම දිහා ටික වෙලාවක් බලන් හිඳිමින් කට ඇරියේ මගේ පිලිගැන්වීම පිලිගනිමින්....
"අම්මෝ එ් කටට මගෙ අතත් දැම්මහැකි.. ආප්ප දෙකක් එකපාර ඔබන්න පුලුවන්.."
මම හිනාවෙද්දී පහනුත් හිනා වුනේ ගොඩ වෙලාවකට පසුවයි....මාරැවෙන් මාරැවට ගෙනා කෑම අවසන් කර පහන් අමතක නොකරම ගෙනත් දීපු බීම බොතලයත් ඉවර කලේ අපි දෙන්නම එකටයි....
ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා මගෙ අැස් පියවෙන්න ගත්තේ..දැනුනු නිදිමත නිසාමයි...
...............................................................................
"බහිනව අපි අාවා..."
පහන් එහෙම කියද්දි එකපාර ම මම දෑස් විවර කලේ කලබලයෙන් වටපිට බලමින්.. ලයිට් එලිවලට පහන්ගෙ නුවර ගේ දිස් වුනත් නිදිමත මගේ අැස්වලට සියල්ල බොඳ වෙලයි පෙනුනෙ... වාහනයෙන් බැසගත් මම පහන් එක්කම ගෙට යද්දිත් පහන්ගෙ අම්මලා හිටියෙ අවදියෙන් දොරකොඩ...
"ලමයි අාවද.. දිදු මේ තමයි අපි පදිංචි වෙලා හිටපු ගේ... එන්න දෙන්නම.. දැන් පාන්දර දෙකත් පහුවෙලා.."
වටේම ගස්කොලන් පිරී තිබුනු නිසා ලොකු සිසිලසක් දැනෙන්න ගත්තා...
"කෝ අම්මෙ මල්ලි..."
පහනුත් මමත් එකවර ම ප්‍රශ්න කරද්දි අම්ම පුදුමෙන් වගේ බලන් හිනා වුනා...
"ඔව් හවස එක්ක අාවෙ.. බෙහෙත් සැරට තදට නින්ද ගිහින්...තාත්තත් නිදි.. කාමරේ ලෑස්ති කරලා අැති නිදාගන්න ඔයාලත් මහන්සි අැති..."
පහනුත් මමත් කාමරයට පැමිණි විගස ම මම ඇඳ මතට වැටුණේ සපත්තු දෙකත් ගලවන්නෙ නැතුවයි... පරණ පුරැද්දට මම දැන් කියලා වෙනසක් නෑ ඉතිම්...
උදේ අවදි වෙද්දි මගෙ සපත්තු දෙකත් පැත්තක තිබුනා.. සීට් එකත් පොරවලා තිබුණා.. පුදුමෙ කියන්නෙ වෙනදා කුකුලා අතේ තියාගෙන නිදාගන්න පහන් අද තවමත් නිදි... මගෙ පැත්තට මූණ හරවගෙන ගෑනු ලමෙක් වගේ කකුල් දෙක අකුලගෙන අැස් පියන් ඉද්දිනම් චූටි එකෙක් වගෙයි පේන්නෙ... කියාගන්න බැරි මොකක්දෝ අමුතු හැගීමක් හිත අැතුලෙ හිර වෙලා තිබුනා..
ශීට් එකත් නමලා කොට්ටෙ උඩින් තියලා මම කාමරයෙන් ඉවතට ගියේ අායෙම පාරක් හැරිල පහන් දිහා බලලයි..
"අම්මා.. ගුඩ් මොනින්..."
ගුඩ් මෝනින් දුව.. නැගිට්ටද.. පහන් තාම නිදි ද..?
ඔව් අම්මා.. මටත් පුදුමයි..
"පව් අමාරැ අැති පැය ගානක් ඩ්‍රයිව් කරලා..
එ්ක නෙවෙයි.. පුතාගෙ ලොකු වෙනසක් තියෙනවා මම දැක්කා.. එයාගෙ හිතේ ලොකු දුකක් හෑල්ලුවෙලා වගේ..වෙනදට වඩා සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නවා වගේ..."
පහන්ගෙ අම්ම එහෙම කියද්දි මටත් තේරැම් ගියා පහන්ගෙ වෙනසක් තියෙනවා කියලා..ඊයෙ එද්දි හොටෙල් සීන් එකෙනුයි, මට කෑම ගෙනත් දීපු එකෙනුයි තේරැම්ගත්තා.. ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා....
පහන්ගෙ නුවර ගෙදර හරිම නිස්කලංකයි.. ගස්කොළන් වලින් ලස්සන මල් පැළවලින් හැඩ වෙලා තිබුණා..
"ෂාහ් අක්කත් අැවිත් නුවර"
"අා.. මල්ලි මචන් කොහෙමද බං දැන් සනීපද.."
මල්ලි මම ගාවට අාවම මම මල්ලිට කතා කලේ එ් විදියටයි... මොකද අයිය කෙසේ වෙතත් මල්ලිට විහිලු තේරෙනවා.. මල්ලි ගොඩෙක් නෙවෙයි...
දැන් නම් ටිකක් අඩුයි අක්කා.. යමුද අද අයියවත් අැදන් පාර්ක් එක පැත්තෙ..
"ෂාහ් මරැනෙ මල්ලි.. ඔයාගෙ අර ගොන් අයියව එලියට ගන්න පුලුවන් වෙයිද.."
මටත් ඕනි වුනේ අැවිදින්න යන්නයි...එ්ත් ප්‍රශ්නෙකට තිබ්බෙ පහන්ව කැමති කර ගන්න එකයි..
පහන් අවදිවෙලා තේ එකත් අරන් මල්ලියි මායි ඉන්න තැනට ආවෙත් එවලෙමයි...
"අයියා.. අපි මේ කතා වුනේ කට්ටිය එක්ක පාර්ක් යන්න.. යමුද.."
මල්ලි යෝජනාව කරද්දි පහන් මුලින් ම බැලුවෙ මගෙ දිහා... පහන් හිතුවෙ යෝජනාව මගෙ කියලමයි..
"කාටද යන්න උවමනා මල්ලිටද නැත්තම් මල්ලිගෙ නෑනට ද.."
"අනේ මේ මම නම් කිව්වෙ නෑ.. මල්ලිම තමයි මගෙනුත් ඇහුවෙ යන්ද කියලා..මාව තමයි අල්ලගන්නෙ හැම මගුලකටම"
මම අවසාන වචන ටික කිව්වෙ අහක බලාගෙන..
"ඔව් අයියෙ මමයි අක්කට කිව්වෙ.. අක්කා අපේ පවුලට එකතු වුනේ ලඟදිනේ... කට්ටිය එක්ක යං.."
මල්ලි පහන්ගෙ සැකය දුරැ කලා..
අවසානයේ මල්ලිගෙ කීමයි, මගෙ අාසාව ගැන හිතලා පහන් ගමනට කැමති වුනා... අම්මයි තාත්තයි ගමනට කැමති නොවුනේ නිදහසේ ගෙදරට වෙලා ඉන්න ඕනි කියලයි..
මල්ලියි, මමයි, පහනුයි පාර්ක් එකට කිට්ටු වුනේ අද දවසෙම අැවිදිමු කියලා කතා වෙලයි...
"වාව්... මම එද්දි තිබ්බට වඩා මල් වවලා දැන්නම්... මාරම ලස්සනයි...."
"ඔයා ඉතින් බීච් එකේ ලස්සන විතරනෙ දකින්නෙ.. ඒ වගේද බලන්න පාර්ක් එක.."
පහන් මට ලැජ්ජ කරන එකනම් නවත්තලා නෑ..
මල් වගේම තැන් තැන් වල ඉන්න කපල් දැක්කම නම් මට ලැජ්ජාවකුත් අැති වුනා.. පහනුත් පහන්ගෙ මල්ලිත් ළඟ හිටපු නිසා..
"කෝ හිනාවෙන්න...සෙල්ෆියක් දාන්න..."
මල්ලි එයාගෙ පෝන් එක උඩට අල්ලන් එහෙම කියද්දි පහන්ගෙ අතට මගෙ අත අැදිලා ගියේ මටත් නොදැනි..
අවට ලස්සන බලමින් අැවිදින අතරමග ලස්සන තැන් වල ඉඳන් පොටෝ ගන්න අමතක කලේ නෑ.. පහනුත් මගෙයි එයාගෙයි පොටෝ ගන්න අකමැති වුනේ නෑ....
ටික දුරක් යද්දි අපි ඉදිරියේ සිටි අයෙකු දුටුවිට අපේ ගමන පියවරක් හෝ ඉදරියට නොයා පහනුත් පහන්ගෙ මල්ලි සනුකත් එකම තැන නතර වුනේ ඇස් දෙකත් ලොකු කර ගනිමින්.........
..............................................................................
*පහනුත්, දිදුලිත්, සනුකත් පාර්ක් එකේ අැවිදිද්දි පහනුත් සනුකත් හිටි තැනම නතර කරන්න තරම් ඔවුන් දුටු කෙනා කවුරැ විය හැකිද... අපි බලමු ඊළඟ කොටසෙන්... කතාවෙ දොළොස් යන කොටස අරන් ඉක්මනට ම එන්නම්..... කතාව ගැන අදහස් කමෙන්ට් කරන්න...
රැදෙන්න දිගටම කතා පියස සමඟම...*

No comments:
Post a Comment