Pages

Tuesday, May 19, 2020




සයුරු පෙම ( නව කථාවකි )


        ........*දාහතරවන කොටස*........

මාව ඇඳ උඩින් තියලා පහන් සාළුවක් ගෙනල්ල මගෙ කොන්ඩෙ හොඳට පිහදැම්මා.. තාමත් මම හිටියෙ සීතලේ ගැහි ගැහි.... 

"දැන් මේක කොන්ඩෙ ඔතාගන්න.. හපන්කෙම් ප්‍රතිවිපාක තමයි ඕවා.. මාත් ඇඳුමක් දාගෙන තේ එකක් හදන් එන්නම්.. රෑට කෑවෙත් නෑනෙ.. ඇඳුම මාරැ කර ගන්න මම කන්න තියෙන දේකුයි උණුවට තේ එකකුයි අරන් එන්නම්.."

පහන් මට ඇඳුමක් දාගන්න කියලා කාමරයෙන් ඉවතට ගියා...
මාත් පිහදාගෙන ඇඳුමක් දාගෙන ශීට් එකක් පොරවගෙන ඇඳ කැටයම් ලැල්ලට හේත්තු වෙලා හිටියා..

"මෙන්න පිටි එකක් ගෙනාවා.. පාන් වගයක් තිබ්බා රෑ කෑමට ගෙනාපු.. සම්බෝල ගාගෙන කන්න.. කාලා ඕක බොන්න සීතල අඩුවෙයි.."

පහන් කිරි තේත් හදලා..

"ඉතින් ඔයත් කන්න.. මට මෙච්චර වැඩි.."

පහනුත් මමත් කිරි තේ එකත් බීලා ඉවරවෙලා... නින්දට වැටුණා.. තාමත් මම සීතලට ගැහෙනවා... ශීට් එකත් හොඳට දාගෙන අපි නින්දට වැටුණේ එ් වන විට රෑ 12ට කිට්ටු වී සිටි නිසයි...
පාන්දර වෙන්න වෙන්න ම සුළඟත්, වැස්සත් වැඩි වෙන්න අරන්.. මට ලොකු අමාරැවක් දැනෙන්න වුණා... පාන්දර අවදිවෙද්දි 3 ට විතර ඇති... මම හොඳටම ගැහෙන්න අරන් ඔළුවත් පැලෙන්න වගේ රිදෙනවා...මම තව තවත් ශීට් එකට ගුලිවුනා...

"දිදුලි.. ඔයා අවදියෙන් ද.. ඇයි මේ දඟලන්නෙ ඇඳ පෙරලෙන්න වගේ..."

පහන් මම ඇඳේ ගුලි වෙද්දි අවදිවෙලා...

"ම්... මු...කු...ත්.. න්..හැ... වෙ..ව්...ල...න...වා..."

මට කතා කරගන්නත් බෑ.. එ් තරම්ම වෙව්ලනවා මං..

කෝ... ඉන්න... අපොයි... දෙවියනේ.. සහලෝලා උණ...

පහන් මගෙ නළලට සහ බෙල්ලට අත තියලා එහෙම කියද්දි මට එ්ක තේරැණෙත් නෑ...

"මෙ...ක..ක්... ලෝ.. ලා..?"

"සහලෝලා... ඒ කියන්නෙ තදටම උණ කියලා.."

පහන් තේරැම් කරලම කිව්වා...

"ම..ම.. ද..න්...න..ව..ද.. ඕ..වා.."

මම වෙව්ලද්දි පහන් මගෙ ලඟට ම අාවා..

"ඔහොම ඉන්න.. මම පෙන්ඩෝල් දෙකක් ගෙනත් දෙන්න.."

පහන් පෙන්ඩොල් දෙකකුත් වතුරෙන් පෙඟවූ  රෙදි කෑල්ලකුත් අරගෙන මං ලඟට ආවා...

"ආ මේක බොනවා.."

"ම..ට පෙන්ඩොල් බොන්න බ්..බෑ.. ඊ... බෙහෙත්..."

මම කවදත් බෙහෙත්වලට අකමැති කෙනෙක්නෙ.. බෙහෙත් පේන්න බැරි කෙනෙක්නෙ..

"බෙහෙත් බොන්න අාස නැද්ද.. එහෙනම් මොකටද මහ රෑ වැස්සෙ තෙමි තෙමි හිටියෙ... බොනව දැන්.."

පහන් ටිකක් සැරෙන් කියද්දි කට අප්පිරිය කර කර පෙන්ඩෝල් බිව්වා...

"කෝ එන්න... නලලට මේක තිව්වම හරියයි..."

පහන් පෙඟවූ රෙදි කෑල්ල මගෙ නලල මතින් තිව්වා... මම ඇඳ වියල මත හේත්තු වී ගැහි ගැහී හිටියේ දැණුනු වේදනාව නිසාමයි.. පහනුත් මගේ ලඟින් ඇඳ වියලේ හේත්තු වෙලාම හිටියා...
................................................................................

උදේ එකපාර ම අවදිවෙලා බලද්දි මම පහන්ගෙ පපුවට හේත්තු වෙලා... එයාගෙ කොන්දටත් අතක් දාගෙන තුරැලුවෙලා හිටියා...පව් පහන් ඇඳ වියලට හේත්තුවෙලා නින්දගිහින්.. මම ඉක්මනටම පහන්ගේ තුරැලෙන් අයින් වුණා.. එතකොට ම පහනුත් අවදිවුණා...

"කිව්ව වගේම මගෙන් පලිගත්තා නේද.. රෑ එළිවෙනකම්ම මට නින්දක් නෑ.. එයා මගෙ කරේ එල්ලිලා සැපට නිදාගත්තා..බලනවා මගෙ කොන්ද.."

පහන් කොන්ද හරවලා පෙන්නුවේ කමිසයක් නැතිව හිටි කොන්දෙ ඇඳ වියලේ නෙළා ඇති කැටයම එ් විදියට ම තිබුණා...

"අම්මෝ... කැටයම එහෙම් පිටින්ම හිටලා.... මේ මල්වැල ලස්සනට ගිහින් අනේ.."

මම හිනාවෙවී පහන්ට විහිලු කලා.. පව් සමහර තැන්වල තදට පාරවල් හිටලා රතුවෙලත් තිබ්බා...

"ඔයා ලෙඩවුනොත් මගෙන් පලිගන්නවා කිව්වනෙ...රිටන් එක දුන්නනෙ රෑ එළිවෙලකම්ම නින්දක් නැතුව.. එහෙන් කිලෝ හැටක් විතර බර ඇඟේ එල්ලිලා..."

පහන් කියාගෙන ගියා.. පව් ඉතිම් අසරණයා.. ඔහොම වෙලා මදි.. මට බැන්නට...

"අනේ මේ.. කිලෝ පනහක් නෑ මගේ.. අනික මම අාසාවෙන් ඇඟට හේත්තු වුනේ නෑනෙ...නින්ද ගිහින්නෙ හේත්තු වෙලා තියෙන්නෙ..."

"කෝ දැන් සනීපද.."

පහන් නැවතත් මගෙ නළලටයි, බෙල්ලටයි අත තිව්වා..

"දැන් නම් උණ බැහැලා.. අද යනවා අපි කොළඹ.. යද්දි බෙහෙත් අරන් යමු..."

පහන් බෙහෙත් ගන්න යෝජනා කරද්දි මම ඒකට කැමති වුනේ නෑ..

හා....චි...ං...

පහන්ට එකපාරම කිවිසුමක් යද්දි මම පහන් ලඟින් ඉබේම ඈතට විසිවුනා....

"පහන්.. ඔයාට හෙම්බිරිස්සාවද... අම්මෝ කිවිසුම අනේ... මම තව පොඩ්ඩෙන් ඇඳ පල්ලෙ.."

පහන්ට කිවිසුම් යන්න පටන් ගත්තෙ නහයත් බරවෙලයි... 

"ඉන්නව මම සමහන් එකක් හදාගෙන එන්නම්.. රෑ මට ට්‍රීට්මන්ට් දුන්නනෙ.."

මම ගිහින් ඉක්මනටම පහන් ට සමහන් එකක් හැදුවා... අම්ම කුස්සියෙ හිටපු නිසා එයාගෙ කතාවට අහුවෙන්න වුනා...

"ඇයි මේ සමහන් ඔයා අසනීපෙන්ද.. මූණත් ලෙඩපාට වෙලා... ඊයෙ මොකක් හරි ප්‍රශ්නයක් වුනාද...මාසයක් විතර යසට හිටිය මගෙ කොලු පැටියා.. ආයෙමත් අරකි කොල්ල ඉස්සරහට ආවනෙ..මාත් එකක්වත් තාම කතා කලේ නෑ.. ඊයෙ දෙන්නම රෑට කෑවෙත් නෑ.. දවල්ටත් කන්න නැතුව අැතිනෙ..ගිය පයින්ම අාවනෙ.. මට දුක මගෙ කොල්ලට මේ කෙල්ල හිත හදාගන්න දෙන්නෙම නෑනෙ.."

අම්මා කතා කලේ ගොඩක් වේදනාවෙන්...ඊයෙ දවසම හිතන්නැත්තෙ එ් ගැන වෙන්නැති..

"ඊයෙ වැස්සනෙ සීතලටත් එක්ක අපි දෙන්නටම සෙම වගේ.. මටනම් ඉතිම් පුරැදු නෑනෙ එ් නිසා වෙන්නැති.. අම්ම බය වෙන්නෙපා අම්මෙ.. ඊයෙ අයියා කිව්වා..එයාට ශෂී ගාවට යන්න ඕනිකමක් නෑ කියලා.. දුක හිතුනා කිව්වා.. එයාට වෙච්ච දේට.. එයා මට ප්‍රොමිස් වුනා ආපහු ඒ අතීතෙ ගැන හිතන්නෙ නෑ කියලා.. එයා හිත හදාගෙන අම්මෙ.. අම්ම බය නොවී ඉන්න.. මම මේක දීලා එන්නම්.."

අම්මගෙත් හිත හදලා මම පහන් ලඟට සමහන් එක අරන් ගියා..

"අමාරැ ලෙඩක් තිබ්බනම් ලෙඩා මෙලහකට මැරිලා බෙහෙත් ගේද්දි.."

පහන් මට එදා ඉදන් ම කලේ හීන්ට් පාස් කරපු එකනෙ.. එ්කත් හිනාවෙවී..

"ඉතිම් මට මොකද මැරැණට.. හොඳයිනෙ..මටත් හොඳ හැන්ඩ්සම් කොල්ලෙක් මැරි කරන්න පුලුවන්... මොකද මම ලස්සන නෑ කියලද.."

මමත් අතෑරියෙ නෑ වැඩේ..

"ලස්සනයි කියලා ඔළුව උදුම්මං ඉන්නෙපා.. හැමදේම අනිත්‍යයි.."

පහන් එහෙම කියලා සමහන් එකෙන් ටිකක් බීලා ඉතුරැ කරලා මට දුන්නා..

"ඔය ටික බොනවා.. "

පහන්ගෙ කීමට එ්කෙන්ම මාත් බිව්වා.. උදේ කෑම මේසෙදි අම්මලා කතා කලෙත් ඊයෙ සිද්ධිය...

"පුතා පරිස්සමෙන් වැඩ කරන්න.. හාවියෙක් වගේ ලස්සන අහිංසක කෙල්ලෙක් ඉන්නෙ දැන්.. අතීතෙ අමතක කරල සතුටින් ඉන්න.."

අම්මයි තාත්තයි උපදෙස් දුන්නා.. මොක නැතත් අම්ම මං ගැන කරපු වර්ණනාව නම් මරැ.. පහන්ට එ්කට නම් හිනාගියා.. අම්මලා නොදන්න මගේ හා ගති පහන් හොඳටම දන්නවනෙ ඉතිම්...

"දැන් ප්‍රශ්නයක් නෑ අම්මා.. මම හිත හදාගෙන ඉන්නෙ..මං ගැන බය වෙන්නෙපා.. මල්ලිව බලාගන්න... ඉක්මනටම එන්න කොළඹ.. "

පහනුත් මමත් කෑම කාලා ආපහු එන්න ලෑස්ති වුනේ පහන්ට සයිට් එකට යන්න ඕන නිසයි..
මගින් එන ගමන් පහන් බෙහෙත් ගන්න අමතක කලෙත් නෑ..
දවල් කෑමට ලොකු හොටෙල් එකකට මාව එක්ක ගියා පහන්.. එ්ත් වාහනයට එනතුරැම මගෙ ලගින් ම පහන් හිටියා.. යද්දි වුනා වගේ වෙයි කියලා බයේ වෙන්නැති..
පහනුත් මමත් කොළඹ ගෙදරට ලං වෙද්දි හවස් වුනා.. දැන් ඉතිම් අම්මලත් නැතුව මේක එක්ක ඉන්න වෙනවනෙ..
රෝස අම්මා හිටියට එක්කො කුස්සියෙ නැත්තම් වත්ත පහල.. 

"මේ පහන්.. මටනම් බෑ උදේට නැගිටලා බත් මුල් බඳින්න.. ඔයා රෝසා අම්මට කියල කරගන්න.. අම්මා නැති අතරෙ මගෙන් වැඩ ගන්නෙපා.. මම යනවා අපේ ගෙදර.."

ගෙදරට එද්දිම මම පහන්ට මතක් කරලා දුන්නා මට එයාගෙ වැඩයි, ගෙදර වැඩයි කරන්න බෑ කියලා..
පහන් නිදාගන්න වෙලාව එනකම් කාමරයේ තිබුණු ටීවි එක ඔන් කරලා ෆිල්ම් එකක් බලන්න ගත්තා.. මාත් ඉතිම් එයා ලගින් වාඩිවෙලා බැලුවා.. එයාට විතරයැ ෆිල්ම් බලන්න හොඳ..

"පහන් බලන්න අර කෙල්ල මාර ලස්සනයි නේද.. කොල්ලනම් කැතයි.. හරියට අපිදෙන්න වගේ.. බලන්නකො.. ඒ කොල්ල කෙල්ලට ලස්නන ටෙඩියෙක් ගෙනත් දුන්නා.. වාව් එකගෙ ලොකු...."

මගේ කියවිල්ලට ෆිල් ම බැලුවැහැකි... පහන් ටීවි එක ඕෆ් කලා...

මාත් රවාගෙනම අනිත් පැත්ත හැරිලා නිදාගත්තා...
.............................................................................

මම ඇහැරෙනකොට පහන් ඉන්ජිනියර් කිට් එකත් දාගෙන යන්න ලෑස්ති වෙනවා.. අවදිවුනත් හොරකමට වගේ මම ඇස් පියාගෙනම හිටියෙ පහන් යනකම් කියලා.. ලෑස්ති වෙලා පහන් දොරකොඩටත් ගිහින් අාපහු හැරිලා බලද්දි මම අැස් පියාගත්තා තදින්..  නිදිවගේ පෙන්නන්න ඕන නිසා... පහන් මගෙ ලඟට අැවිත් ශීට් එක තව ටිකක් උඩට පෙරවලා ටිකක් මගෙ දිහා බලන් ඉඳලා කට කොනකින් හිනා වෙනව මම හොරැහින් දැක්කා..එකපාරම පහන් මගේ මූණට කිට්ටු වෙලා නළලට කිස් එකක් දුන්නා..මට මාව අදහගන්නත් බෑ.. පහන් දොරකොඩින් යද්දිම මම ඇඳේ වාඩි වුනේ නළල අල්ලගෙනමයි..
මේ මෝඩයෙ මාව කිස් කලානෙ.. කවදාවත් නැතුව.. පහන් මට ආදරේ වෙලාද...? එයා එ් බවක් කිව්වෙ නෑනෙ..මේ මොකක්ද වෙන්නෙ.. මම සැරින් සැරේ කණ්ණාඩිය ගාවට ගිහින් බැලුවා..නළල අතගගා.. කිස් එක දුන්න විදිය හිතින් මව මව තනියෙන් හිනාවෙවී.. මට මොකකද වෙලා තියෙන්නෙ.. පිස්සුවත් හැදිලද...

............................................................................


*කතාවෙ දාහතර පරිච්ඡේදයත් ඉවරයි.. පහන් දිදුලි කතාවෙ දැන් දෙන්නට දෙන්න පණ වගේ අාදරෙයි වගේ... එ්ත් එක්කෙනෙක්ට එක්කෙනෙක් එ්ක කියන්නෑ.. හොරෙන් ආදරේ කරන්නෙ.. අද පහන් හෙරෙන් දීපු කිස් එකෙන් එ් අාදරේ තේරෙන්වා.. ලැජ්ජයි දෙන්නම කියාගන්න... දිදුලිට තාමත් තෙරෙන්නෑ එයාට දැනෙන හැඟීම ගැන.. අපි බලමු මොකද වෙන්නෙ කියලා.. කතාවෙ අඩුපාඩු අැති.. අදහස් ගැන කමෙන්ට් එකක් දාන් යන්න... ලස්සනම් ශෙයා කරන්න.. දිගටම රැදෙන්න කතාපියස සමගම...*

  දිල්රුක්ෂි                                                       (උපුටාගැනීම තහනම්)

No comments:

Post a Comment