........*දහ වන කොටස*........
පසුදා උදෑසන අවදි වී මම පහළට ගියේ අදත් මම අවදිවීමට පෙර පහන් වැඩට ගොස් තිබූ නිසයි.. පහල කවුරැවත් ම පේන්න නොසිටි නිසා කුස්සියේ පිගන් මදිමින් සිටි රෝසා අම්මා ගාවට ගියේ ගෙදර අම්මලත් පේන්න නැත්තෙ මොකද බලන්නයි.. රෝසා අම්මා පහන්ගෙ ගෙදර වැඩට ඉන්න කෙනයි...
"ගුඩ් මෝනින් රෝසා අම්මා... කෝ මේ ගෙදර කට්ටිය.. පහන් නම් වැඩට යන්නැති.. අම්මයි තාත්තයි කෝ..."
"චූටි මැණිකෙ නැගිට්ටද..පිටි එකක් හදන්නම්.."
"හා රෝසා අම්මා.. මට කියන්න අම්මලා කෝ.."
"ලොකු මැණිකෙයි ලොකු මහත්තයයි නුවර ගියා.. උදෙන්ම කෝල් එකක් අාවා චූටි මහත්තයගෙන්.. පාෙඩි මහත්තයට ටිකක් අසනීපයිලු... නුවර ඉස්පිරිතාලෙ නතර කරලා පානදර.. පහන් මහත්තයා ගියා ලොකු මැණිකෙලව බස් එකට දාන්න.. පහන් මහත්තයත් යයි රෑ වෙලා නුවර.."
රෝසා අම්මා දිගටම කියන් යද්දි නම් මට හොඳටම බය හිතුණා..
"දෙවියනේ... ඇයි මට ඔය වගක් නොකිව්වෙ.. අම්මවත් මාව කීද්දුවෙ නෑනෙ.. මල්ලිට ගොඩක් අමාරැයි කිව්වද.."
"අනේ එ් වගක් නම් කිවවෙ නෑ.. උදේම ගියා කන්න උයනකම්වත් හිටියෙ නෑ.."
රෝසා අම්මා එහෙම කිව්වම තේ එකත් අරන් උඩට ගියේ පහන්ට හරි අම්මට හරි කෝල් එකක් ගන්න හිතන්..පෝන් එක අරන් බැල්කනියට ගියේ පහන්ගෙ නම්බර් එක ඩයල් කරමින්...
ටික වෙලාවක් රින්ස් යද්දි පහන් පෝන් එක අාන්සර් කලා...
"ඔව් කියන්න දිදුලි.."
"පහන් ඔයා කොහෙද ඉන්නෙ.. මල්ලිට ගොඩක් අමාරැද.. මාව ඇහැරෙව්වෙ වත් නෑනෙ.."
මම පහන්ට චෝදනා කලේ හැමදේම මට හංගපු නිසයි.
"මල්ලිට එකපාර ම තදට උණ අරන්.. එහෙ කවුරැත් නෑනෙ.. අම්මල ගියා ටික දවසකට..
මම දැන් එයාලව බස් එකට දාලා දැන් මේ සයිට් එකට ආවෙ.. හදිසි වැඩක් අද.. මම කලින් එනවා.. නුවර යන්න.. මම තියනව.. "
පහන් දිගටම කියන් ගියෙ මට කතා කරන්න ඉඩක් නොතබාමයි..
"එතකොට මං.."
වැඩක් නෑ.. මෝඩයා පෝන් එක කට් කරලා... එයා විතරනෙ යනවා කිව්වෙ.. මම යනවා අම්මලගෙ දිහා.. මාත් අාසයි නුවර පැත්තෙ පොඩි රවුමක් දාන්න.. එ්ත් මේ මෝඩයට වැඳ වැඳ කියන්න බෑනෙ එක්කන් යන්න කියලා.. මම අැඳුම් දෙක තුනක් බෑගයට දාගත්තෙ මගෙ ගෙදරට යන්නයි..
හවස් වෙන්න කිට්ටුව මම බෑගය අතට ගෙන ගෙදර යන්න පිටත් වුනේ මට රෝසා අම්ම එක්ක විතරක් ඉන්න පාලු නිසා.. දොරකොඩට යද්දිම පහන් අැවිත් වාහනය නතර කලා..
"කොහෙද යන්නෙ.."
පහන් බෑගයත් මාත් දෙස බලා ප්‍රශ්න කලා..
"මම යනවා අපේ අම්මලගෙ ගෙදර.. අම්මලත් එන්නෙ ටික දවසකින්. ඔයත් දැන් යනවනෙ.. මට රෝස අම්ම එක්ක විතරක් ඉන්න බෑ.."
මම එහෙම කියමින් යන්න හදද්දි පහන් මගෙ අතින් අල්ල ගත්තේ සමහරවිට මගෙ කතාවට දුක හිතිල වෙන්නැති..
"මල්ලිට ලෙඩ වෙලා.. බලන්නවත් යන්නැද්ද තමුසෙ.. දවලුත් කෝල් කරපු වෙලේ අැහුවෙ මහලොකු නෑනා ගැන.."
පහන් එහෙම කියද්දිනම් මට ලෙකු සතුටක් දැනුනා..
"එ්කනෙ හබියට වඩා ෆන් මස්සිනා පොඩ්ඩ.. එයා දැන් අයියට වඩා නෑනට තමා එකතු.. මල්ලි පව් අනේ..."
"ඔයා මාව එක්කන් යන එකක් නෑ කියලා හිතුවෙ.. එ්කයි අම්මලගෙ ගෙදර යන්න හැදුවෙ.. ඉන්න මාත් ටක් ගාලා ඇඳුමක් දාගෙන එන්නම්.."
පහනුත් මමත් සූදානම් වී වාහනයට නැග්ගෙ රෝසා අම්මට සමු දෙමින්... වාහනයෙන් බොහෝ දුරක් අාවත් අපි අතර තිබුනෙ නිහඬියාවක් විතරයි... ගතට දැණුනු අපහසුතාවයක් නිසා මම පහන් දෙසත් පාර දෙසත් සැරින් සැරේ බලමින් සිටියේ පහන්ට කියා ගන්න බැරැවයි... තවත් ටික දුරක් විත් පහන් වාහනය නතර කලේ ලස්සන හොටෙල් එකක් ගාවයි...
" දැන් යන්න අර පැත්තෙ වොෂ් රෑම්.. මාත් යනවා...පැල නොවී එන්න.. රෑට මෙහෙන් කාලා යමු.."
පහන් මගෙ මැලි වුන මූණෙන් මම සිටි අපහසුතාවය තේරැම් අරන්.. හොටෙල් එකත් ගොඩක් ෆේමස් එකක්.. මම අපහසුතාවයෙන් මිදී මූණ ද සෝද ගෙන එළියට එන විට පහන් පේන්න හිටියෙ නෑ..
" මේ මෝඩයා නානවද.. මටයි කිව්වෙ පැල වෙන්නෙපා කියලා.. එ් පාර එයා මුල් අැදලද කාෙහෙද.."
හිතින් බනිමින් මම බලා සිටියේ පහන් එනතුරැයි...
"ආ මේ නංගිට කාවහරි ඕනිවෙලා වගේ.. "
නන්නාදුනන බේබදු රස්තියාදුකාරෙක් මම දිහා කැත විදියට බලන් එහෙම කියද්දි තව එකෙක් එ්කට හවුල් වුණා...
"නංගි කීයද ගාන.."
එහෙම කියද්දි නම් මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා... හොටෙල් එකේ කැමරා තිබ්බත් මේ පැත්තට කැමරා නැති බව මට තේරැම් ගියා... එතන තුන් දෙනෙක්ම සිටි නිසා මගේ බය තරමක් වැඩි වුණා... කෝ දෙයියනේ මේ පහන්.. වොශ් රෑම් ගියාට අැයි මෙච්චර පරක්කු.. මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ පහන් නැති නිසයි...
"දෙවියනේ පහන්..."
පහන් ඈතින් වේටර් කෙනෙක් සමඟ කතා කර කර ඉන්නවා දැක්කම මගෙ හිත සතුටෙන් හා සැහැල්ලුවෙන් පිරී තිබුනා... තිරිසන් පිරිමි තිදෙනා තල්ලු කර දමමින් මම පහන් දෙසට දිව්වේ අැති වුන බය හේතුවෙන්.. පහන් ලඟට දිවගොස් තදින් ඔහු වැළඳ ගත්තේ තාමත් වේගෙන් ගැහෙන පපුව ඉකි ගසන්නටද ගත් නිසාවෙන්...
"පහන් ඔයා කොහෙද ගියේ... මං අතන..."
පහන් බදාගෙන අඬද්දිත් මම වොශ් රෑම් පැත්තට අැගිල්ල දිගු කලේ තාමත් අර නරැමයන් මා දෙස බලා සිටිනු දුටු නිසාවෙන්... පහන් මගෙ කොන්දට එක් අතක් යවමින් අනික් අත මගෙ ඔලුවට තිබ්බේ පහන්ටද කිසිවක් හිතාගන්න බැරි වුන නිසයි..
"දිදුලි මොකද මේ.. ඔයා එන්න පරක්කු නිසා මෙහෙ වැඩ කරන මගේ යාලුවෙක් දැකලා එයා එක්ක කතා කරන්න අාවා.. ඇයි අරැන් ඔයාට මොනා හරි කිව්වද.."
පහන් මගේ ඔලුව අතගාමින් එහෙම අහද්දි මට තවත් ඇඬෙන්න ගත්තා ඉබේම..
"කියනවා ලමයෝ.. උන් ඔයාට කරදර කලාද.."
පහන්ගෙ වචන ටිකක් වේගවත් වුණා..
"ඔයා එනකලුයි මම හිටියේ.. උන් හිතුවෙ මම නරක කෙල්ලෙක් කියලා..ගාන කීයද ඇහුවා මගෙන්.. ඔයාට මට මෙහෙම කරන්න ඕනි නම් එක්ක අාවෙ මොකද.. යන තැන කියලා යන්න තිබ්බනෙ.."
පහන්ගෙ තුරැලෙන් මිදී මම ඔහුට දොස් කිව්වෙ කල දේට තරහෙන්...
"මෙහෙ එනවා.."
"කොහෙද මේ යන්නෙ.. ඇ.. යි.. මේ අරැන් ගාවට යන්නේ... මට බයයි... ඔයා මාව උන්ට දෙන්නද යන්නේ"
පහන් මගෙ අතින් අල්ලගෙන වොශ් රෑම් එක පැත්තට යද්දි මම තවත් බය වුනා...
" උඹලා මේ කෙල්ලගෙන් ගාන කීයද ඇහුවා නේ.. උඹලට ගෑනුකම සල්ලි වලින් මනින්න පුළුවන්ද.. උඹගෙ අම්මලට මොකෙක් හරි ගානක් කිව්වාෙත් උඹලා අම්මවත් දෙනවද.. ගෑනුන්ට ගරැ කරන්න පුරැදු වෙයන්.. මේ ඉන්නෙ මගෙ වයිෆ්.. එයා මම එනකනුයි හිටියේ... ගානක් කියන්නද මං.. මේ මුලු පොළොවෙම තියෙන වැලි කැට ගානයි.. මුලු අහසෙම තියෙන තරැ ගානයි ගනං කරලා එකතු කරලා මට පෙන්නපං.. එතකොට එයි වටිනාකම.. ගෙවන්න පුලුවන්ද.."
පහන් කවදාවත් ම ගනන් කරලා ඉවර කරන්න බැරි ගානක උන් තුන්දෙනා හිර කලේ මගේ ඇස් පහන්ගෙ මූණෙ අතරමං කරමින්.. අදහ ගන්න බැරි තරම්... මගේ අත තදින් අල්ලන් පහන් උන්ට අභියෝග කරද්දි මගේ බය මගෙන් ඈත් වෙලා ගියේ පහන් පවුරක් සේ මගේ ලඟ සිටි නිසයි...
"සොරි සර්... අපි ටිකක් වැරදියටයි හිතුවෙ මිස් ගැන... අනේ සොරි මිස්... අපි ඔයාට තියා කාටවත් මුකුත් කියන්නෙ නෑ... ඔයා වාසනාවන්තයි.. මහත්තයා උගත් වැදගත් කෙනෙක්.. මහත්තයගෙ ගාන අපිට තියා දෙවියන්ටවත් හදන්න බෑ.. ඒ වටිනාකම ගන්න බෑ.. තැන්ක් යූ.. ආදරේ තේරැම් කලාට.."
උන්මාදයෙන් මට අපහස කල තුන්දෙනා ආදරේ ගැන කතා කියද්දි මට පුදුම හිතුණා... පහන් බැන්නෙ නෑ උන්ට... මැත්ස් වලින්ම පාඩම කියාදුන්නා.. කොල්ලට මාර මැත්ස් මොළයක් තමයි තියෙන්නෙ..පහන් නියම පිරිමියෙක්.. පහන් ගැන මගේ හිතේ අපිරිමිත ගෞරවයක් ඇති වුණා...
සිද්ද වුණු දේ නිසා පහන් අවුලෙන් ඉන්නවා මම දැක්කා.. මගේ අත ඉන් පසුවවත් අත් නොහැර වාහනය ගාවට ආවේ එම හෝටලයෙන් රෑ කෑමවත් නොගෙනයි....
..............................................................................
*පහන්, දිදූ කතාවෙ දහ වන කොටසත් ඉවර වුණා... පහන් අද දිදූට අපහස කල සල්ලාලයන්ට ගණිතයෙන් ම දිදූගෙ වටිනාකම කියා දුන්නා... දැන් නම් ලව් එක ටිකක් එළියට එනව වගේ.. මම දන්නෑ ඉස්සරහට මොනව වෙයිද කියලා... අපි බලමු ඊළඟ කොටසෙ මොනා වෙයිද කියලා... කතා ලියන්න මම අලුත්.. අඩුපාඩු ඇති.. ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන් යන්න.. ඉක්මනටම එන්නම් ඊළඟ කොටස අරන්.. රැදෙන්න කතා පියස සමඟම..*
දිල්රුක්ෂි (උපුටාගැනීම තහනම්)

No comments:
Post a Comment