සයුරු පෙම ( නව කථාවකි )
........*දහසය වන කොටස*........
(අවසන් කොටස)
අපි ඉක්මනටම විස්තර අහගෙන යද්දිත් පහන් ICU එකටත් දාලා.. ICU එකේ දොර වීදුරැවෙන් පහන් දිහා බලද්දි ලේ විලක් මැද ඔක්සිජන් පවා දෙන පහන් දැක්කම මගෙ හිත වාවන්නැතුව ගියා.. එහෙමම බිම ඉන්ද වුනේ අත්දෙකෙන් ම මූණ වහගෙනයි....
දෙවියනේ මගෙ පහන්... මේ තරම් වේදනාවක් මට දැනිලා නෑ.. පහන් එක්ක මෙච්චර රණ්ඩුවට යන මට පහන්ව මෙහෙම ඉන්නව දකින්න බැරි ඇයි.. ඇයි හිත එයාව ඉල්ලන්නෙ... පහන් ව ඕන.. දෙවියනේ එයාව බේරලා දෙන්න.. හොස්පිටල් එක එකම විලාපයක් වෙලා.. පහන්ගෙ අම්මට සිහිය නැති වුනා.. තාත්තා ගියා අම්ම ගාවට මට පහන්ව දාලා අම්ම ට කොහෙමද බලන්න යන්න හිතුනෙම නෑ...
ඩොක්ට එළියට ආවෙත් එවළෙමයි...
"ඩොක්ට.. කොහොමද පහන්ට.. අමාරැ නෑ නේද.. මට පහන්ව බලන්න යන්න දෙනවද..please doctor..."
මම අත් එකතු කරලා වැඳලා ඉල්ලුවෙ පහන් ව බලන්න ඕන නිසයි...
"එයාට ගොඩක් අමාරැයි.. ඇඟ ඇතුලට ලේ බැහැලා.. අපි හොයන්නෙ කොහාටද ලේ බහින්නෙ කියලා.. එයාව බලන්න.. හැබැයි කරදර කරන්නෙපා.. අපිට ලේ අවශ්‍යයි.. "
ඩොක්ට පහන්ව බලන්න දීපු අවස්ථාව මම එවලෙම ගත්තෙ මට ඒ තරම් එයාව ඕන නිසයි.. පහන්ගෙ මල්ලි ලේ දෙන්න ඉදිරිපත් වුනා... මම ඉක්මනටම දිව්වෙ පහන් ලඟට..
"ප..හ..න්.. දෙවියනේ මේ මොකද වුනේ.. අනේ ඔහොම ඉන්නෙපා මට දරාගන්න බෑ පහන්.. මගෙ පපුව හිරවෙනවා වගේ..අනේ මට සමාවෙන්න මට අමාරැයි කිව්ව නිසා නේද ඉක්මනට එන්න ගිහින් මේක වුනේ.. අනේ ඇයි පහන් මම වෙනුවෙන්.. ඔයා ඔහොම ඉද්දි මම නිදාගෙන ඉද්දි මට කිස් කරලා යන්න ඉන්නෙ කවුද පහන්... අනේ ඇස් අරින්න ඕම ඉන්නෙපා මම ගිනිගන්නවා.."
මම පහන් බදාගෙන අඬන්න ගත්තෙ දිගටම පහන් ඇස් පියාගෙනම හිටිය නිසයි..එකපාරම පහනගෙ අතක් වෙව්ලද්දි ම මගෙ අත උඩින් තිව්වා..මම ඉක්මනටම මූණ දිහා බැලුවා.. දෙවියනේ පහන්..
"පහන්.. ඇස් ඇරලා.. මට ඔයා ඕන පහන්..අනේ ඇයි පහන් මෙහෙම දෙයක්.."
මම පහන්ගෙ ඇස්දිහාම බලන් හිටියා.. වෙව්ලන දෙතොල් මොනවදෝ මුමුණන්න උත්සහ කරනව මම දැක්කා..
"දි...දූ... ක්...කාා..ර්.. එ...කෙ.. ටෙ...ඩි...යෙ..ක්.. ඔ...යා...ට..."
පහන් අකුරෙන් අකුර නතර කර කර මුමුණද්දි මගෙ ඇස් වලට තවත් කඳුලු පිරැණා.. ඊයෙ ෆිල්ම් එක බලද්දි මම ටෙඩියට ආසාවෙන් ඉන්නවා දැක්කනෙ.. පහන් මටත් නොකියම මගෙ අාශාව ඉශ්ට කරන්න ටෙඩියෙක් අරන්.. අනේ මගෙ පහන් ටෙඩියත් අරන් අාසාවෙන් එන්නැත්තෙ.. මටත් වඩා මම ගැන පහන් මේ තරම්ම හිතනවා කියලා දැනගද්දි මම හැසිරැනේ පිස්සියෙක් වගේ.. මට ඕන ටෙඩියෝ නෙවෙයි..පහන්වයි.. පහන් විතරමයි...
"දෙවියනේ පහන්.. ඔච්චරටම මම ගැන හිතනවද පහන්...ඇයි ඒ.. මට කිසි දෙයක් එපා.. ඔයාව විතරමයි ඕනි..ඔයා නැති වෙයි කියලා මෙච්චර දුකක් බයක් මට දැනිලා නෑ..මම දන්නෑ මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.. මට ඔයාගෙ ආලෝකෙ ඕන පහන්.. ඔයා නැති වුනොත් මම මූදට පනිනවමයි..."
දාෝතින් ම පහන්ගෙ මූණ අල්ලන් තව තවත් හයියෙන් මොර දුන්නෙ හිතේ දුක වාවන්න බැරැව...
"දි..දු..ම...ට...ආ...ද...රේ.... තේ...රැ...ම්...ගි...යේ... ඔ....ය....නි....සා...ම...ම... ද...ඟ.. කා....ර...ක...ම...ට... අා....ස..ක...ලා...ම...ට... අ...මා...ර්....යි...දි...දු."
වැඩිය කතා කරන්න නොදී මම පහන්ගෙ කට වැහුවෙ එයා මහන්සියෙන් කතා කරන නිසයි..
"දැන් බැලුවා ඇති මට පේශන්ට් ව චෙක් කරන්න ඕන.. එළිියට යන්න.."
ඩොක්ට ඇවිත් මට එළියට යන්න කිව්වත් මට යන්න හිත දුන්නෙම නෑ..
"අනේ ඩොක්ට මගෙ පහන්ව බේරගන්න.."
මම ඩොක්ට ගෙන් නැවත් වැඳලා ඉල්ලලා අඬ අඬම පහන්ගෙ අත මගෙ අත උඩින් අයින් කරලා මූනත් අතගාලා පහන් දිහාම බලාගෙන එලියට ආවා..
දරාගන්න නම් බෑ වේදනාව.. මල්ලිව අඬගහගෙන ගියේ අනතුර වුන තැනට.. ඒ වෙද්දිත් පහන්ගෙ වාහනේ පොලීසියෙන් පරීක්ෂා කරනවා... වාහනය ඉස්සරහ ශීට් එකේ මගෙ සයිස් තරම් ලොකු ටෙඩියෙක් ශීට් බෙල්ට් එකත් දාලා හේත්තු කරලා තිබ්බා..අනේ මගෙ පහන්ගෙ ලේ ටෙඩියගෙ ඇගෙත් ගෑවිලා තිබ්බා... ටෙඩියා එළියට අරන් මම වාහනටම හේත්තුවෙලා තුරැලු කරන් ඇඬුවා.. අනේ ටෙඩියගෙ යටින් I LOVE YOU.. කියලා ලියලා එල්ලලා තිබ්බා..මගෙ පහන් මං ගාවට එන්නැත්තෙ කොච්චර සතුටින්ද.. මේච්චර ආදරයක් කොහෙ තිබුණද..
"අක්කෙ අපි ආපහු යමු.. මිනිස්සු කියන්නෙ ටිපර්කාරයගෙ වැරැද්ද කියලා.. උෟව අල්ලගෙන පොලීසිය..යමු හොස්පිටල් එකට.."
මල්ලි මාව නැගිට්ටවලා එයාගෙ වාහනේට නග්ග ගත්තා.. මම ටෙඩියත් උස්සන් ගියේ පහන් මට දීපු ආදරේ පලවෙනි තෑග්ග නිසා.. ඒත් එයා හිතපු විදියට ඒක දෙන්න බැරි වුනා..පහන්ව ආරක්ෂා කරන්න දෙවියනේ.. මම දෙවියන් යැද්දෙ පහන් ඒ තරමටම මට වටින නිසයි... අපි ආපහු ICU එකේ දොර ගාවට වෙලා බලන් හිටියා..
"ඩොක්ට පහන්ට කොහොමද.. එයා හොඳින් නේද.."
අපි හැමෝම කලේ එක ප්රශ්නයයි..
"වැඩේ සීරියස්.. එයාගෙ වකුගඩු දෙකටම ලේ බැහැලා.. එකක් වුනා නම් අයින් කරන්න පුලුවන්..ඒත් දෙකම අයින් කරන්න වෙනවා.. ඉක්මනටම වකුගඩුවක් හොයාගන්න පුලුවන් වුනොත් ලෙඩා ගැන බලාපොරොත්තුවක් තියන්න පුලුවන්.."
ඩොක්ට දිගටම කියද්දි අපිට අදහගන්න බැරි වුනා.. වකුගඩුවක් හොයා ගන්නෙ කොහොමද එක රැයකට..
"මගෙ වකුගඩුව ගන්න ඩොක්ට..නාකි මට වකුගඩු දෙකක් මොකටද.."
පහන්ගෙ තාත්තා කැමැත්තෙන් ඉදිරිපත් වුනත් වයස සහ නිදන්ගත රෝග නිසා එ් දේ කරන්න බැරිවුනා...
"කොහොම හරි ඉක්මනටම A+ වකුගඩුවක් ඕන.. නැත්තම් අපිට එයාව බේරගන්න බෑ.."
ඩොක්ට අවසාන වතාවට අනතුරැ අගවලා ගියා..
මට පහන් තරම් වටින වෙන කිසිම දෙයක් නෑ.. පහන් ව බේරගන්න මට හුස්ම දෙන්න වුනත් මම ඒක කරනවා.. මේ මගෙන් පහන්ට දෙන බර්ත් ඩේ ගිෆ්ට් එක.. එයා මගේ.. මගෙ හැමදේම එයාගෙ.. මමයි මේකට සුදුසුම.. මගෙ ආදරේ, මගෙ හුස්ම පහන්...
මගේ දැඩි ඉල්ලීම මත මාව පරික්ෂණයට යොමු කෙරැණේ මට පහන් වඩා වටින අන් කිසිවක් නැති නිසයි... පෙර පිනකට අපි දෙන්නගෙ වකුගඩු දෙකම ගැලපුනා.. පහන් මාව දෙපාරක් ජීවත් කලා.. කී වතාවක් නම් ආරක්ෂා කලාද..ඉතිම් එයාව බේරගන්න මගෙ හුස්ම ඕනි නම් මම ඒකත් කරනවා දෙපාරක් නොහිත.. පැය ගණනක් ඔපරේෂන් එක නිමා වුනේ මගේ වකුගඩුවක් පහන්ට බද්ද කිරීමෙන් අනතුරැවයි.. අපි දෙන්නටම ආරක්ෂා වෙන්න උපදෙස් ලැබුණා.. මම හෙමින් හෙමින් පහන් ගාවට ගියේ මටත් අමාරැ නිසයි.. පහන් ඇස් ඇරියා.. මම කල කැපකිරීම පහන්ට කියන්න අමතක කලේ නෑ එයාගෙ ගෙදර අය..
"දිදූ..මම කිව්වනෙ පහන්ගෙ ආලෝකය ඔයාමයි කියලා.. අපි ණයයි දූ ඔයාට මගෙ පුතා අද ජීවත් වෙන්නෙ ඔයා නිසා..."
පහන්ගෙ දෙමාපියන් මට පින් දෙන්න අමතක කලේ නෑ..
"දිදුලි.. ඔයා මෙච්චර ලොකු පරිත්‍යාගයක් කලාද මම වෙනුවෙන්.. ඇයි එ්.."
"ආදරේ කියන්නෙ ආරක්ෂා කරන එක, තනි නොකරන එක, අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් කැප වෙන එක කියලා මට තේරැම් කලේ ඔයයි.. ඔයා මාව කී පාරක්නම් බේරැවද.. මම ඔයාට ආදරේ වෙලා පහන්.. මගෙ පණටත් වඩා.. මට ඔයාව ඕන..."
පහනගේ පපුවට ඔළුව තියන් මම එහෙම කියද්දි පහන් තදින් මාව වැළඳගත්තා..
"මැට්ටි.. ඔය දඟකාරකම් දාලා යන්න මට හිතුනෙ නෑ වැස්සෙත් තෙමුණනෙ මගේ මුරණ්ඩු කෙල්ල.. ආදරෙයි ගොඩක්.."
හිනාවෙවී පහන් එහෙම කිව්වෙ මගෙ නළල කිස් කරමින්..
ගෙදර ආවත් පහන් මාවත් මම පහන්වත් ආරක්ෂා කලේ ආදරෙන්.. පහන්ගෙ හැම වැඩක්ම මම කලේ ආදරයෙන්.. පහනුත් එහෙමයි... අපි අපේ ආදරයේ සීමා බිඳලා අපේම වුනා.... හැමදාම හවස වෙරළ අයිනෙ ඉඳන් තුරැල් වෙලා ඉර බැස යන දිහා බලන් ඉන්න අමතක කලේ නෑ අපි.... අපිව මුණගස්වපු මේ සයුර එක්ක බැඳුණු ආත්මගත අපේ ආදර කතාව හැමදාමත් සයුරැ රැල්ල හා මුසු කර ගන්න, මහ සයුර හා බෙදාගන්න අමතක කලේ නෑ අපි.......
-සමාප්තයි-
...............................................................................
* ඔය විදියට ලස්සන අවසානෙකින් පහන් හා දිදුලිගෙ ආදර කතාව වෙරළ කොනෙන් ම අවසන් කලා.. පහන්, දිදුලි මුණ ගස්සපු සයුර හැමදාමත් එයාලගෙ දුක සැප බෙදාගන්න ළඟ හිටියා...ආදරේ කරත් කෙල්ලගෙ දඩබ්බරකම් එහෙමම තිබුණා.. පහන් ඒවට තවත් ආදරේ කලා.. එයාලා හැමදාම සතුටෙන් ඉඳී.. පහන්ගෙ ආලෝකය දිදූ.. පහන්ගෙ ආලෝකෙන් හැමදාම දිදූ දිදුලන්න වුනා.... පරිච්ඡේද දහසයක් පුරාවට අප හා එක්වුනු ඔයාලට ස්තූතියි.. මගෙ අනෙක් කතාව ඉක්මනටම ගේනවා.. දිගටම රැදෙන්න කතිපියස සමගම... කතාව යාලුවො අතර බෙදාගන්න අමතක කරන්නෙපා... කතාව ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න.. අඩුපාඩු අැති..එ්වට සමාවෙන්න... දිගටම රැදෙන්න ඉක්මනටම හමුවෙමු ඊළඟ කතාවෙන්....*

No comments:
Post a Comment