රළු පවුර. (කෙටි කථාවක්)
විභාගය නම් කඩඉමකි...ලියා අවසන් කරන තාක් හිසරදයකි.. ප්‍රතිඵල නිකුත් කරන තුරැ කුතුහලයකි...සමත් වූවායින් පසු තවත් අලුත් අාරම්භයකි....
සාමාන්‍ය පෙළ නම් කඩඉම පසු කර උසස් පෙළ නම් වූ අභියෝගය හිස මතට ගෙන පුරා වසරක් එ් අභියෝගය වෙනුවෙන් කැපවෙන තවත් එක් සිසුවියකි........"සයුරි"......
.........................................................................
වෙනදා සේම උපකාරක පන්ති නිම වී අැය නිවසට පැමිණියේ වෙනදා සේම වෙහෙසකාරීවය..නමුදු තම හද තුල තිබූ විභාගය සමත් වීමේ දැඩි අාශාව වෙහෙස නිවන්නට අස්වැසිල්ලක් විය....
තරැණ වියේ පසු වූ සයුරිද එක් පෙම්වතියකි....
පොත් කියවා අවසන් ව ජංගම දුරකතය දෑතට ගෙන අැඳට වැටුනේ අැගේ ප්‍රේමයට කාලයක් වෙන් කරගෙනය.....
"අශාන් අයියේ.....ඔයා දොයිද..?.."
ඇය කෙටි පණිවුඩයක් යැව්වෙ මහත් අශාවෙනි.....
"නෑ සයූ....මම අවදියෙන් පාඩම් කරල ඉවරද...මං මැසේජ් එකක් එනකං හිටියෙ ඔයාගෙන්...හෙට උදෙන් එන්න ගෙදරින් මං එනවා ඔයාව බලන්න හෙට...."
අශාන් අැයට එසේ පැවසද්දී අැය තිගැස්සීය...
"හෙට clz නෙ අයියේ...මං උදෙන් එන්නම් clz පටන් ගන්න කිට්ටු වුනාම ඔයා යන්න.."
අැය එසේ යෝජනා කලේ ඔහු දැකීමට ද පන්තියට යාමට ද තිබූ අශාවට ය..
"මොකක්ද සයූ...ඔයාට එක දවසක් clz කට් කරන්න බැරිද මං වෙනුවෙන්...හැමදාම clz යනවනෙ...හෙට කෙහේ හරි යං...plz... පැටියෝ...."
ඔහු දැඩිසේ අැයට බල කරන්නට විය..
දෙලාවක් අතර අතරමං වූ අැය බලමුකො යනුවෙන් පමණක් පවසා නින්දට වැටුණි....
..............................................................................
පසුදා පහන්විය...සයුරි උදෙන්ම අවදිව කලබලයෙන් සූදානම් වූයේ අශාන් දැකීමට වූ අශාව නිසාමය....
"අම්මේ අද මට Extra paper එකක් කරන්න තියෙනව clz එකේ උදෙන්ම යන්න ඕන..මං යනවා...පරිස්සමෙන් ඉන්න.."
මවට ද එසේ පවසමින් ඉවසිල්ලක් නැතිව අැය නගරයට පිවිසියේ අශාන් දැකීමේ අාශාවෙනි...
"මොකද බබා පරක්කු මං පැය භාගයක් තිස්සෙ පාරේ..."
ඔහු තරමක් කෙන්තියෙන් ප්‍රශ්න කරන්නට විය..
අම්මට බොරැ කියලා අාවේ අයියෙ...එ්කයි පරක්කු වුනේ එයාට සැක හිතුනොත්..මට අම්මා විතරනෙ ඉන්නෙ..."
උපන් දා සිටම පිය සෙනෙහස අහිමි වූ අැය එයද ලැබුවේ තම මවගෙනි...අැය අශාන් ගෙන් බලාපොරොත්තු වන්නේ ද එවැනි සෙනෙසකි...දුක්මුසු ස්වරයකින් පිලිතුරැ දුන් අැය ඔහු දෙස අහිංසක බැල්මක් හෙලී ය..
"හරි හරි..දැං අපි යං නිදහස් තැනකට..ටිකක් කතා කරන්න ඕනි..."
අැයි මෙතන කතා කරමුකෝ...මට clz යන්න පරක්කුවෙයි..."
"අද ඔයා clz යන්නෙ නෑ මොකක්ද සයූ හැමදාම clz යනවනෙ අද මං එක්ක ඉමු දවසෙම...ඔයා මගේ...එක දවසක් දෙන්න මට.."
දෙදෙනාගෙ විවාදය හමුවේ සයුරී ඔහුගේ කීමට එකඟ විය......
................................................................................
පසුව දෙදෙනාම අශාන්ගේ මෝටර් සයිකලයේ නැග ගමන් ගත්තේ පාලු පාරකය...
"අයියෙ අපි කොහෙද මේ යන්නේ.."
අැයට අැති වූයේ තිගැස්මකි...
කට වහන් ඉන්නකෝ...මමනෙ යන්නෙ ඔයා පාඩුවේ ඉන්න..."
ඔහුගේ පිලිතුර එපමණක්ම විය...
පාලු පාර ඔස්සේ ටික දුරක් ගමන් කොට නැවත අතුරැ පාරකට හැරැණි...ඉන්පසු පාලු තැනක ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් අසල සයිකලය නවතා අැයට බසින්නට පවසා ඔහුද ඉන් බැස ගත්තේ ය...
"අයියෙ...මේ කොහෙද පාලු තැනක් නෙ...මටනම් අැතුලට යන්න බයයි...මාව clz එක ගාවට දාන්න plz...."
මහත් සේ තැති ගැන්වී කිසිවක් සිතාගත නොහැකි ව සිටි අැය එසේ පවසන්නට විය....
"ඔයා ඉන්නෙ මාත් එක්කනෙ බය වෙන්නෙපා...මෙහෙ කවුරැවත් අපිට කරදර කරන්නෑ...බය නැතුව එනවා..."
ඔහු අැගෙ අතින් අල්වාගෙන රැගෙන යන්නට විය...අැය ඔහු පසු පස අාවේ බලෙන් අැදන් යන වැස්සියක මෙනි.......
ගොඩනැගිල්ලෙහි රැදී සිටි පුද්ගලයෙකු හට මුදල් දුන් අශාන් සයුරි රැගෙන කමරයක් තුලට විත් දොරගුලු දමා ගත්තේ ය...කිසිවක් කරගත නොහැකි වූ සයුරි යාමට හෝ තැනක් නොතිබූ හෙයින් අන්ත අසරණ විය..අැගේ දෙනෙත් කදුලින් තෙත් වන්නට වූයේ බිය සහ අසරණකම හේතුවෙන්...අැය ඔහුට අාදරය කෙලේද මුලු හදවතින්ම ය..
"අයියේ....අැයි මෙහෙම තැනක් තෝරගත්තෙ..අපි වෙන තැනකට යන්කෝ...."
බිදුනු ස්වරයෙන් එසේ අැය පවසද්දී ඔහු පිලිතුරැ නොදීම ඇය තදින් වැළද ගත්තේ ය...
"මේ අහන්න සයූ...මං ඔයාට ආදරෙයිනෙ...වෙන කාත් එක්ක මෙහම ඉන්නද මං...හිතන්නෙපා...මමයි ඔයාව බඳින්නෙ...හිත සනසුන් කරගන්න...අපි අපේ වෙයි අපිට නොදැනිම...."
ඇගේ කම්මුල් අල්ලා නලලට හාදුවක් දෙමින් ඔහු එසේ පැවසීය...ඔහුගේ බොළඳ වදන් හමුවේ ඇයද තම සිත සන්සුන් කර ගත්තා ය..මන්ද යත් අැය ඔහුට බාෙහෝ සේ අැලුම් කල නිසා ද, විශ්වාස කල නිසා ද විය....
සයූ රෑමත් තරැණියකි....අග පසඟ පිරිපුන් අෑ දෙස අශාන් වෙනදාාටත් වඩා උවමනාවෙන් බලන්නට වූයේ මෙවන් තරැණියක් මෙතරම් කලක් දැක නැති අන්දමිනි....
සයුරිගේ ලඟට ඔහු සමීප වෙද්දී අැය පස්සට ගියද අසල වූ බිත්තිය අැය නවතාලූවාය...
අශාන් අැගේ සියුමැලි දෙතො ලඟ තම දෙතොල ලං කර තදින් සිපගන්නට විය....
කිසිවක් නෙවෙනා සේ ගානට හිදීමට වූ සයූ තම ප්‍රේමය ඉදිරියේ පසු බැසිනි.....
"සයූ....බය වෙන්නෙපා...ඔයාගෙ පණනෙ මං..."
ඔහු එසේ රහසින් මෙන් ඇගේ කනට
කොදුරා.... කන් සහ කම්මුල් හිමින් සිපගන්නට විය.......
සයුරිගේ මෙතෙක් බියෙන් ගැස්සුනු හදවත තවත් වේගයෙන් ගැස්සෙන්නට විය...
සෙමෙන් අෑ වඩාගත් අශාන් ඇගේ මූණ දෙසම බලාගෙන යහනේ නිදිකරවූහ...
යටිපතුලේ සිට සිපගෙන අා ඔහු කිසිදා නොදුටු ඇගේ ළැමට වශී වන්නට විය....
හැඟුම් ඉදිරියේ තම අරමුණු තරමක් අෑත් කල සයූ ඔහුව තදින් වැළඳගත්තාය...
කුලුදුල් තරැණියගේ පහස පැය දෙකක් මුලුල්ලේ විඳගත් පසු දෙදෙනාම පියවි සිහියට අාහ....
"අයියේ මේ මොකක්ද මට කලේ....මේකද ආදරේ කියන්නේ...? මං කොහොමද අම්මට මූණ දෙන්නෙ..මොකක්ද මං කරන්නෙ..?"
ආදරයේ හැඟුම තරැණයෙකුගේ ගතේ උණුහුමෙන් වින්දද ඇය තවම ජීවිතේ ගැන කිසිඳු අවබෝධයකින් නාෙවූවාය..
"බය වෙන්නෙපා සයූ..අපිව දැන් කාටවත්ම වෙන් කරන්න බෑ...අම්මට මුකුත් ම කියන්නෙපා..ඔයා මාව අවිශ්වාස කරන්නෙපා අපි ඉක්මනටම බඳිමු..."
ඔහු තවදුරටත් වචනයෙන් ඈ සනසවූවේ ය..
................................................................................
දින සති ගෙවෙන්නට විය...මව දෙසවත් කෙලින් බලන්නට බැරි අැය තම හැඟීම් නිසාම පාඩම් කටයුතු ද අතපසු කර ගන්නට විය...සති දෙකකට වතාවක් හෝ දෙදෙනා මෙලෙස පහස විදගන්නට විය...
දිනක් ඇය පන්තිය කරා යන අවස්ථාවේදී වෑන් රියකින් පැමිණි අශාන් සයුරිට විවාහ වීමට යෝජනා කලේ ය..
"සයූ අපි දැන් අෑත් වෙලා හිටියා අැති...මාත් එක්ක යං..අපි බඳිමු..අදම..අපෙ අම්මලා කැමති ඔයාව ගේනවට අද හෙටම...අයියයි, නෑනයි ඉන්නවා අාතුලේ එයාලා සාක්ෂි අත්සන් කරන්න බලාගෙන අාවේ..."
ඇයට කරකියා ගත හැකි දෙයක් නොවීය...
"අනේ අයියෙ අම්මට ඉන්නෙ මං විතරනෙ එයා තනිවෙනවනෙ...අනික මං තාම Exam ලිව්වෙත් නෑනෙ...තව අවුරැද්දක්වත් නෑනෙ ඒකට..."
ඉක්මන් තීරණ හමුවේ ඇගේ අදහස් හෝ නැවත සීතිමට හෝ අවස්ථාවක් නෙලැබ්ණි...
"අම්ම අපිව පිළගනී සයූ...මං ඔයාට වියදම් කරන්නම්...අපි Exam ලියමු බැන්ඳම මොකද clz ඇවිල්ලා Exam එක ලියන්න පුලුවන්නෙ.."
ඔහු ඇගේ සියලු පැනයන්ට පළිතුරැ කල්තියාම සූදානම් කරගෙන හමාර ය...අශාන්ගේ අයියා සහ නෑනාගේ ද ආදරණිය වචන හමුවේ ඇය පන්තිය පසෙකලා අශාන් හා යුග දිවියට එළඹුනි....
................................................................................
අමතර පන්තියට ගිය තම දියණිය වූ සයුරි නැවත නොඅා හේතුව සොයා පොලීසියේ ද පිහිට පැතූ මවට ඇගේ විවාහය දැනගන්නට ලැබුණි...ඉමහත් වේදනාවකින් යුතුව ද තම එකම දරැවා සහ තමාට මෙලොව සිටි එකම සතුට නිසාවෙන් තම වේදනාවන් යටපත් කරගනිමින් දියණියගේ නව දිවියට ඇයද සුභ පැතුම් එක් කලාය....
අශාන්ගේ නිවස ඉතා කුඩා වූ අතර අශාන්ගේ මව, අයියා සහ නෑනා තිදෙනාද එකම නිවසෙහි දිවි ගෙවූහ..
ඇගේ සරසවි සිහිනය තවමත් සිත තුල ගැබ්ව තිබූ හෙයින් ඇය දිගින් දිගටම අශාන්ගෙන් ඒ සඳහා ඉල්ලීම් කලාය...
අනේ සුදු මහත්තයා මට Exam ලියන්න ඕන..ඔයා කිව්වනෙ මාව Clz යවනව කියලා.."
ඇගේ අහිංසක ඉල්ලීම එය විය...
"අනේ නිකං හිටහම් බං බැඳලා ඉදං මොන පන්තිද.? අනික ඕවට වියදම් කරන්න කොහෙ තියෙන සල්ලිද...?"
දිගින් දිගටම ඔහු දුන් පිළිතුර එය විය...
"එහෙනම් ඔයා ජොබ් එකකට යන්න..මාත් යන්නම් අපි ගෙයක් හදාගමු..නැත්තම් අපෙ අම්මගෙ දිහා යං එහෙ ඉන්නෙත් අම්මා විතරනෙ..."
ඇය බිරිඳක් ලෙස ජීවන බරද උහුලන්නට විය...
"නෑ නෑ..තමුසෙට රස්සාවක් හම්බෙයි ටික දවසකින් ඉන්නවකෙ ඔහොම තව ටික දවසක්..."
ඔහුගේ වදන් පුදුම සහගත විය....
................................................................................
දින ගනන් ගතවිය....නොයෙකුත් පිරිමින් එන්න යන්නට විය...ඔවුන් අශාන්ගේ සහ අයියගෙ ද තවද අශාන්ගේ අම්මගෙ ද පිරිමි මිතුරන් විය...
දිනක් සයුරී අශාන්ගේ මවගෙන් මේ පිළිබඳව විමසීය..
"ඇයි අම්මෙ මේ පිරිමි අය මෙහෙ නිතර එන්නෙ..."
සයුරී එලෙස ප්‍රශ්න කරනු ලැබුවේ දින ගනනක් සඟවා තිබූ පැනයකි..
එයාලා එන්නෙ එයාලගෙ වුවමනාවලට... ඒකෙන් අපිට ලාභයක් තියෙනවා..ඔයත් දැන් පන්ති යන අදහස් හිතින් අතෑරලා කීයක් හරි හම්බ කරන්න..පාෙඩි දෙයයි කරන්න තියෙන්නෙ එයාල ව සතුටු කරන්න එයාල හොඳට ගෙවයි...ඉගෙන ගත්තා කියලවත් මෙහෙම හම්බ කරන්න වෙන්නෙ නෑ කෙල්ලෙ..."
ඇගේ පිලිතුරැ හමුවේ සයුරි තුශ්නිම්භූත විය....ඇගේ වචන ගිලෙන්නට ද විය...
අ...ම්....මෙ..මො.....නා..ද මේ......කි...ය..න්... මෙ...ම..ට අ...ද...හන්...න....ව....ත්...බැ.."
ඇය නිසොල්මන් විය...අම්මා කෙනෙක් දරැවෙක්ට කියන කතාවක් ද මේ... මෙච්චර ජරා සමාජයක්....අදහන්නවත් බෑ..ඇය ඇගේ හදවත හා තර්ක කරන්නට විය....
ඇගේ නෑනා ද වෙනත් යම් පිරිමියෙක් හා වෙලී සිටිනු සයුරිට දක්නට ලැබුණි....
ඔවුන් කරන දේවල් දැක තම අතින් කට ඉබේම වැසුනේ අදහගත නොහැකිවයි....
ඔවුන් එසේ සැරිසරනවා පමණක් නොව පසුව ඒවා සමාලෝචනය ද කරයි....
මව සහ නෑනා නිතරම මෙම රැකියාවේ යෙදෙන්නට සයුරිට ආරාධනා කලහ.. ඇයව එවන් තැනැත්තියක් කිරීමට ඇගේ මනස විකෘති වන ලෙස ඔවුන් නොයෙකුත් පිරිමින් හා සංසර්ගයේ යෙදෙන අයුරැ රෑපගත කර පෙන්නන්නටද විය...
මෙවැනි ජරා යෝජනාවන් දරා ගැනීමට නොහැකි ව තම අාදරය සහ සැමියා වූ අශාන්ට මේ බව පැවසීමට ඇය තීරණය කලා ය....
" බලන්නකො අයියෙ...ඔයාගෙ අම්මයි නෑනයි එක එක පිරිමි අය එක්ක ඉඳල සල්ලි හාෙයනව...මටත් ඒකම කරන්න කියලා බල කරනවා...ඒ එන ජරා පිරිමි අය මං දිහාත් කැත විදියට බලනවා.."
ගැහැණියකට ආරක්ෂාව උපරිම ඇත්තේ තම ස්වාමි පුරැෂයා ළඟයි..තම සෑම පෞද්ගලික අදහසක් ම බෙදාගන්නේ ඔහු සමඟ පමණයි...සයුරිද බාෙහාේ සේ තම ස්වාමියාට ගරැත්වයක් හා සෙනෙහසක් දක්වයි..එම නිසාම මේ සියල්ලක්ම ඔහුට පැවසුවේ ඇගේ ආරක්ෂකයා ඔහුම නිසාමයි...
"ඔව් මොකක්ද ඒකෙ වරද..තමුන්ටත් මම දවසක් කිව්වේ රස්සාවක් හොයල දෙනවා කියලා ඕක තමයි..ලස්සනට ඇඟක් හම්බෙලා තියෙන එකේ පාවිච්චි කරනවා...මාසෙට ලක්ෂ ගනන් හම්බෙයි...ඔහොම ෂේප් ඇඟක් හම්බෙලා තියෙන්නෙ වාසනාවට තමුන්ගෙ...ඒකෙන් වැඩක් ගත්තට කමක් නෑ..මම තමුන් ව හුරතල් කරන්න ගෙනාවෙ නෑ...මටත් සල්ලි හාෙයල දියන් හතර පස්දෙනෙක් ම උඹ ගැන ඇහුවා ලෑස්ති වෙලා හිටහම්...."
ඔහුගේ වචන ඇයගේ පපුව පසාරැ කර කිනිස්සකින් ඇන්නාක් මෙන්විය...වුන් තැනින් පියවර දෙකක් හෝ තුනක් පස්සට විසි වූ ඇය අසල වූ පුටුවද පෙරලා බිමට ඇද වැටිණි...
"අනේ දෙවියනේ....මට මොකක්ද මේ වුනේ..."
ඇය හිමින් සීරැවේ ඉකි බිඳින්නට විය...කරකියා ගත දෙයක් නෙමැතිව දනිස් මත හිස ගසාගෙන ම හඬන්නට විය.....
"ඇඬුවා කියලා වැඩක් නෑ හවසට ලෑස්ති වෙලා හිටහම්...සුවඳ සෙන්ට් එකක් එහෙම දාගෙන...මට දැන් සල්ලි ඕනි..."
කුරිරැ වචන පවසමින් ඔහු එතනින් නික්ම ගියද සයූ තවමත් හුන් තැනම කඳුලු ගීතය ගැයීය.......ගැහැණියකට රැකවරණය වූ තම ස්වාමියාම ගැහැණිය බිලි දෙන සමාජයක ආදරයෙන් අන්ද වූ ඇය තේරැම් නොගත්තේ සමාජය ඇගේ ප්‍රේමය එතරම් අන්ද වූ නිසාමය...මවට සිටි එකම සතුට වුනු ඇය මවට දුක් දී දුකේ වෙලී ඇත...
..............................................................
සවස් යාමය උදාවිය..තවමත් අඬමින් පසු වුණු තම බිරිය අසලට වූ අශාන් ඇගේ කෙස් රොදෙන් අල්ලා නැගිට්ටවිය....
"අනේ එපා මගේ රත්තරනේ...රිදෙනවා අතාරින්න..."
ඇගේ විලාපය තවත් වැඩිවිය...
"තොට මං කිව්වේ ලෑස්තිවෙලා ඉන්න කියලා නේද..? උඹ වෙන එව්වො එක්ක බුදිව්වට මට ප්‍රශ්නයක් නැත්තම් මාෙකටද අඬන්නෙ අා..පලයං ගිහිං ලස්සනට ලෑස්ති වෙයන්..."
ඔහුගේ වචන තව තවත් රළු විය...
අනේ බෑ මගෙ රත්තරනේ....දෙයියන්ගෙ නාමෙන් මේ වැඩේ නවත්තන්න...මං එහෙම කෙල්ලෙක් නෙවෙයි...ඔයාට තියෙන ආදරේටයි පන්ති යද්දිම ඔයාට මාව අයිති කර ගන්න දුන්නෙ..කැම්පස් හීනෙත් අතාරියා..මට හිටපු එකම කෙනා අම්මා එයාටත් දුකක් දීලා ආවේ ඔයාට තියෙන ආදරේට වෙන මිනිස්සු එක්ක ඉන්න කියන්නෙපා මට...පිං සිද්ද වෙයි..."
ඇය ඔහුගේ පයේ වෙලී දනගා ඔහු ඉදිරයේ වැඳ වැටුණා ය...
"නැගිටපං බැල්ලි ඔච්චර ආදරෙයි නම් සල්ලි හොයලා දියං පලයං..."
ඔහු අගේ බෙල්ල තදින් මිරිකන්නට විය...ඇය සිහිසුන් ව බිම ඇද වැටිණි...
රෝහල්ගත කල ද ඇයව බලන්නට ඔවුන් කිසිවෙක් පැමිණයේ නැත...
දරැවන් කොපමණ දුක් දුන්නද දමව්පියන් ට කිසිදා ඔවුන් දුකක් හෝ බරක් නොවේ.....
සයුරිගේ තනියට ඇගේ අම්මා ළඟම සිටියාය..තනි නොකලාය...අශාන්ට වටිනාකමක් නැති වුවද සයුරිගේ මවට සයූ මැණිකකි......
පසු කලකදී අශාන් සහ සයුරී දික්කසාද වුවද ඇය අශාන්ගෙන් වන්දියක් හෝ නොගත්තා ය......ඇගේ ජීවිතය කෙසේ වුවත් ඈ තම ස්වාමි භක්තිය රැක ගත්තාය.........
................................................................................
මේ තවත් එක් කතාවක් පමණකි..තවත් බොහාේ කතා ඇත....ස්වාමියාගේ වුවමනාවට බිරිඳ ගණිාකවක් වූ...වස්තු බීජය සත්‍ය කතාවකි...............
තවත් කතාවකින් මුණ ගැහෙමු.....
...................නිමි.................
(දෝණි)
උපුටා ගැනීම තහනම්
No comments:
Post a Comment