Tuesday, May 5, 2020
බිඳුනු දා (නිසදැසය)
බිඳුනු දා සිට තවම ඇවිලෙන.....
ගිනි ජාලා මැද දැවී පිළිස්සෙන....
ආදර කතාවක් වෙයි මගේ හදවත දවා අළු කල.....
ඔබ මට ලං වූ විට...දැනුනෙ මටම මා ලං වූ බව....
ලොකයක් ම මා ළඟ රැදුණු වග....
කෙසේ කියන්නද යලි නුඹ යන විට....
මගෙම වූ මා රැගෙන ගිය බව....
දිවි ගෙවමි මා මියෙනු බැරි තැන..
මගේ ගත මා ළඟම මුත් මගෙ හදවත ම නුඹ රැගෙන ගිය බව...
දිනෙක වැටහෙයි මගේ ගින්දර...
එදින ආවත් නැවත මා වෙත...
නුඹ රැගෙන ගිය මගේ හදවත..නැවත නොඑන සේ දැවී ගාෙසින් ඇත.......
*දෝණි*
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment