Pages

Tuesday, May 5, 2020




                 සයුරු පෙම ( නව කථාවකි )
                            

          ........*පළමු වන කොටස*........                      


..." දිදුලි.... දැන් උදේ 8 ත් පහුවෙලා...බඳින වයසෙ කෙල්ලෙක් ද මේ ඉර මුදුනක් වෙනකං නිදියන්නෙ..අනේ මන්දා මේ කෙල්ල කොහොම කාගෙ පුරැද්දකට හැදිලද කියලා..බැඳලා ගියපු දවසට ඒ ගෙදර කොහොම ඉඳී ද කියලා..."
ඔන්න පටන් ගත්තා ඉතිම් අම්මගෙ සුපුරැදු පරිදි කංකරච්චලේ..ඔව්ව ඉතිං මට නුහුරැ නුපුරැදු කතා නෙවෙයි...
අයියෝ හරි අනේ..8 පහු වුණා කියලා ලෝකෙ පෙරලුනාද නෑනෙ නෑනෙ.."
හැමදාම අම්ම අවදි කරන්න අාවම ඔය වගේ කට කැඩිච්ච කතාවක් කිව්වම එයා සද්ද නැතුව යනවා..අද කියලත් ඉතිම් ඒකෙ වෙනසක් නෑ..වෙනද වගේ තමා...
"ඕනි මගුලක් කර ගන්නවා. තාත්තා තමා දුවව හුරතල් කරලා නාස්ති කරලා තියෙන්නෙ"
අන්තිමට අම්ම මගෙ කාමරෙන් යන්නෙ පලාතකවත් නැති තාත්තට බැන බැන..පව් අහිංසක මනුස්සයා...
මං නැගිට්ට ගමන්ම බැල්කනිය පැත්තට ගියේ උදෑසන හුළං පොදක් වදින්නටයි...
ඇත්තටම ඒ හැඟීම හරිම සුන්දරයි....
"අප්පටසිරි..අද මිහිරියි මමයි වෙනුරියි,විහඟයි උගෙ යාලුවා දිමුතුයි බීච් පැත්තෙ යන්න දාගත්තනෙ.."
කම්මැලිකමේ හිටිය මගේ මතකෙට ආවේ පෙරදිනක අපි යොදාගත් ගමන පිලිබඳවයි....ඉක්මනින් මූණ කට හෝදන් සුපුරැදු පරිදි ඇඳුමක් දාගත් මම පහලට දිව්වේ දැනටත් පරක්කු වී ඇති නිසා...
අම්මේ අද මම යාලුවෝ එක්ක බීච් එක පැත්තට යනවා...රෑ වෙන්න කලින් එනෝ...කඩෙන් කන්නම් පරක්කුයි..."
අවසාන වචන ටික කිව්වෙත් එළියට ගොඩවෙමින්..
"අදත් යනවද රෝන්දෙ..කොල්ලෙක් වගේ කවද්ද නවත්තන්නෙ ඔය දාංගලේ.."
අම්ම බැන බැන පස්සෙන් අාවත් මම ගේට්ටුවෙන් පාරට බැස්සේ නෑසුනාක් මෙනි...
හැමදාමත් එයා කෑගැහුවේ මං හැදෙන්නෙ කොල්ලෙක් වගෙ කියලමයි...
අඩියට දෙකට කලු මාමගෙ සයිවර් කඩේ ළඟට ගියේ අරැන් ටික මේ වෙද්දිත් මං එනකං බලන් ඉන්නවා කියල විශ්වාස නිසයි..
"මොකක්ද බං දිදු...අපි කීයෙ ඉදන්ද බලන් ඉන්නෙ...7.30 වෙද්දි සෙට් වෙමු කිව්වෙ උඹමනෙ...කොහෙද උඹට ඉතිං මුහුද ගාෙඩගැලුවත් ඇහැරෙන්නෑනෙ නිදාගත්තම.."
"අඩෝ මට ටිකක් නින්ද ගියා බං වැඩිපුර..
ගනං ගන්නෙපා උඹලා ඉතිං ඔය ටොපිය කාපු පලවෙනි දවස අද නෙවෙයිනෙ.."
ගමනක් යන්න දාගත්තම වෙලාව තීරණය කරන මම ම පරක්කුවෙලා ගිහිං යාලුවෝ රස්තියාදු කරන එක මට නිකං පුරැද්දක් වගේ  වෙලා...ඒ නිසා උං ඒක එච්චර ගනං ගන්නෑ කියලා මං දැනන් හිටියා..
"හරි හරි දැන්වත් යමු..විහඟ..කෝ අද දිමුතු  ආවෙ නැද්ද.."
නෑ බං ඌට ගෙදර වැඩක් වැටිලා..ආයෙ දවසක සෙට් වෙමු කිව්වා..."
අපෝ බං අපි කෙල්ලො වෙලත් ඇවිදින්න යනවා  කෙල්ලෙක්ටත් අන්තයිනෙ.."
දිමුතු නැති බව දුටු මම අැසුවේ අපි හැමෝම මේ ගමනට එකඟ වුන නිසයි..එ්කා ඉතිං ගෙදරට කවදත් ලැදි මිනිහා නිසා අපිට එච්චර ගානක් නෑ...අපි හතර දෙනා පයින්ම බීච් එක පැත්තට ගියේ රට වට ඇති මුහුද අසල අපි පදිංචිව සිටි නිසා ය..
අපි හතරදෙනා මුහුදට ලංවුනේ මුහුද දෙසින් හමා ආ සුළඟට මූණ දෙමින් දැඩි අපහසුතාවයෙන්...
"අඩේ අද නම් රැල්ල සැර වැඩී වගෙ"
රැල්ල පාගන්නත් කලින් වෙනුරි බය වූ බවක් අපි දැක්කා..
"අයියෝ බං ඔච්චර බයද අදනම් රැල්ල සුපිරි..."
"හ්ම්ම් ඔව් බං...නියම ෆන් එකක් ගන්න ඕනි.."
අපේ හිතේ තිබුණු අාශාව තවත් වැඩි වෙලයි තිබුණෙ..
"අඩේ යමන්කො අයිස් එකක් කන්න..මං උදේට කාලවත් ආවේ නෑ බං...මුහුද දිහා බලගෙන හීතල හුළඟ වදිද්දි අයිස් ක්‍රීම් එකක් කද්දි දැනෙන ෆීලිං එක කාෙහොමද"
මං අපූරැ යෝජනාවක් කරද්දි විහඟ මැද්දට පැන්නා..
ඔව් ඔව් ෆීලිං එක බලාගන්න පුලුවන් හෙම්බිරිස්සාව හදාගෙන හොටු හූර හූර ඉන්නකාෙට.."
"ඊයා බං මොනවද ඔය කියන කතා...අයිස් එපා වෙනවා මුගෙ කතා වලට..."
විහඟගෙ කතාවට මිහිරි කට අැද කරගත්තා...
"ඒ ඒ ඔහොම නැවතියන්..කවුද අර ගොඩේ තාලෙට තනියම බීච් එකට ඇවිල්ලා තනියම අයිස් කන්න යන මෑන්... "
වැඩිය පොෂ් නැති සරල චාම් කොල්ලෙක් කියන්නෙ මට ඉතිම් උෟ තනි ගාෙඩයෙක් තමා....
"ආ හා මේ දිදුවෝ ඕකුන් ගොඩේ වගේ හිටියට හෙන කට්ටයි හොඳේ...වෙන කොල්ලො බයිට් කරනව වගේ නෙවෙයි උෟ නම් කට්ට පාටයි.."
කියන්නත් කලින් මං ගැන හොඳින්ම දන්නා විහඟ කලින්ම අනතුරැ ඇගෙව්වෙ අද තනියට උගේ සඟයා නැති නිසාවෙනි...
"අනේ උඹ කටවහන් ඉදහං..ඇයි අද දිමුතුවා නැති නිසා බය හිතුන ද..මමනෙ වැඩේ කරන්නෙ උඹ බලං ඉදහම්..මිහිරි උඹ වරෙන් මාත් එක්ක..අද දෙමු හොඳ ගේමක්..."
නැව ගිලුනත් බෑං චූං වෙච්ච මට ඔයිට වඩා ගේම් රන් කරලා තියෙන අත්දැකීම නිසාම අද කියලා වෙනසක් දැනුනෙ නෑ..
"හරි හරි මං ඉතිම් මැරෙන්න උනත් උඹ එක්ක එන එකීනෙ යමං..හැබැයි කල්පනාවෙන්..."
ඕනි ගේමකට ඕකේ වෙලා හිටපු මිහිරි මාත් එක්ක ආවේ වෙනදා සේම ඕන දේකට මුහුණ දෙනව කියන හැගීමෙන්..
අපි දෙන්නා ටිකින් ටික අද දවසේ අපි දුටු අාගන්තුකයා ලඟට ලංවුණා...ඔහු නගරයට නුහුරැ පෙනුමක් සහ මින් පෙර නුදුටු අයෙකු බවත් දැනුනා......
.........................................................................
*අලුත් කතාවක්....මිහිරි සමඟ කොල්ලෙක් හා කරට කර සටනකට එළඹුනු දිදුලි අද මට්ටු වෙයිද...ඇත්තටම තම ප්‍රදේශයට නුහුරැ තරැණයා දිදුලිගේ ජීවිතයට අලුත් ආරම්භයක් වේවිද..අපි බලමු...දෙවැනි කොටස ඉක්මනින් දෙනවා..මුල ටික බෝරිං වෙයි....කතාව අන්තිමට ගොඩක් ලස්සනයි...රැදෙන්න...දිගටම රස පියය අපි සමඟම..*
                                                   දිල්රුක්ෂි                                                       (උපුටාගැනීම තහනම්)


No comments:

Post a Comment