........*දොළොස්වන කොටස*........
"ශෂී.."
පහන් එහෙම කියද්දි මට ඉබේම පහන් දිහා බැලුනෙ මේ මොකක්ද පාත් වුන හෙන ගෙඩිය කියලා සිතුවිල්ලෙන්...
"ප... හ.. න්.."
ශෂී බිඳුනු ස්වරයෙන් පහන්ට කතා කරද්දි මල්ලිත් මාත් මූණට මූණ බලාගත්තා.. පහන් තවමත් ශෂීගෙ ඇස් අතර අතරමං වී සිටියා..
"ඔයා ලංකාවේ..."
පහන් පුදුමෙන් වගේ ශෂීගෙන් ප්‍රශ්න කලා..
"ඔව් පහන්.. නොහිතපු දේවල් ගොඩක් සිද්ද වුනා මේ පොඩි කාලෙට..."
ශෂී පිලිතුරැ දුන්නෙ දුක්බර ස්වරයෙන්...
"ඇයි එහෙම කියන්නෙ..මොකද වුනේ.."
"ඒ මිනිහා මහ බොරැකාරෙක්.. එයා ඒ රටේ ගෑනු කෙනෙක් ව බැඳලා මට ලංකාවට යන්න කිව්වා.. මගේ හැම හීනයක් ම විනාශ වුනා පහන්... ඔයාගෙන් ලැබුණු ආදරය, ආරක්ෂාව, ආලෝකය මට එයාගෙන් ලැබුණෙ නෑ.."
ශෂී එහෙම කියද්දි නම් මට ලොකු දුකක් දැණුනා...
"අයියෝ... දෙවියනේ... මට අදහගන්න බෑ.. මාත් හිත හදාගත්තෙ ඔයා සතුටින් ඇති කියලා... දැන් මොකද කරන්නෙ.."
පහන්ගෙ මූණෙන් පුදුමාකාර දුකක් මම දැක්කා..
"අපි මොකටද අයියෙ මෙයාගෙ විස්තර අහන්නෙ.. ඔයා දීපු ආදරේ මදිවෙලානෙ ගියේ සැප විඳින්න..දැන් මොකටද ඕවා අහන්නෙ..අපි යමු යන්න.."
මල්ලිටනම් එකසිය ගානට කේන්ති ගිහින් වගේ පේන්නෙ.. කරන්න කිසිදෙයක් හිතාගන්න බෑ..
"ටිකක් ඉන්න මල්ලි.. මේක මගෙයි ශෂීගෙයි කතාවක්නෙ.. මැද්දට පනින්නැතුව ඉන්න.."
පහන් මල්ලිගෙ කීම සතේකටවත් මායිම් කලේ නෑ.. මට එවලෙ දැනුනු දුක තවත් වැඩිවුණා...
"මල්ලි කියන කතාව ඇත්ත පහන්.. මම ඔයාට දීපු ගින්දර වල රස්නෙ හැමෝටම දැනලා.. මමයි ඔයාව දාලා ගියේ..මට අයිතියක් නෑ දැන් මේවා කියන්න.. ඔයාව මීට් වෙන්න ඕන කම තිබ්බා පහන්...මම දැන් මෙහෙ සයිට් එකක වැඩ.. ඔයාගෙන් සමාව ගන්න තරම් සුදුසු නෑ මං..ඒත් මම දන්නවා ඔයාගෙ හිත ගොඩක් හොඳයි.. මම තරම් ඔයා ගැන කවුරැත් ම දන්නෑ පහන්.."
ශෂී එහෙම කියද්දි නම් මට මූණටම අහන්න හිතුණා.. දන්නවා වැඩි වෙලාද දාලා ගියේ කියලා... පහන් හිටපු අවුල මම දැක්කනෙ.. ඒත් මෙතනදි මම මැද්දට පනින එක හොඳ නෑ.. සෑහෙන කාලයක් ආදරේ කරපු දෙන්නනෙ.. ඒ මදිවට තමන්ගෙ මල්ලිටත් මැද්දට පනින්න එපා කියපු කෙනාට මම කවුද... මම මගෙ ආවේගය අමාරැවෙන් පාලනය කර ගත්තා..
"දැන් ඒ දේවල් වෙලා ඉවරයි... ශෂී.. අපිට අතීතයට ගිහින් මේ කතාය ආපහු පෙරලන්න බෑ... කතාවෙ පිටු ගොඩක් පෙරලිලා ඉවරයි... හුඟක් තැන්වල තියෙන්නෙ කඳුලු විතරමයි..."
පහන් එහෙම කිව්වෙ දිග සුසුමක් හෙලමින්... මට ඒකෙන් ම තේරැනා.. පහන්ට ආපහු අතීතය ගිහින් මේ කතාව වෙනස් කරන්න පුලුවන් වුනානම් එයා දෙපාරක් නොහිතා කරනවා..
"හැමදෙයක් ම වෙලා ඉවරයි... ඔයා අනාගතේ ගැන හිතුවද.. මොකද කරන්නෙ කියලා... කවුද මේ ලස්සන කියුට් කෙල්ල.. මල්ලිගෙ ගර්ල් ෆෙන්ඩ් ද..."
ශෂී පහන්ගෙන් අහද්දි මට කේන්ති ගියා.. එවලෙම මම පහන්ගෙ අත අල්ල ගත්තා එයාගෙ සැකේ දුරැ වෙන්නම...
"නෑ ශෂී.. මේ මගෙ වයිෆ්.. මැරි කරල මාසයක් වගේ වෙන්නෙ.."
පහන් ශෂීට උත්තර දුන්නෙ මගේ මූන දිහා බලමින්...
"අනේ එහෙමද.. ගොඩක් ලස්සනයි... මට හිතාගන්න බෑ.. ඔයාට ලස්සන අනාගතයක් ලැබෙයි..මම අයින් වුනේ ඔයාගෙ හොඳට වෙන්නැති... දෙවියො ඔයාට මවලා තියෙන්නෙ මේ ලස්සන කෙල්ල... අඳුන්වලා දෙනනැද්ද මට ඔයාගෙ වයිෆ් ව..
මොකක්ද නම මෙයාගෙ.."
ශෂී පහන්ට මොනව කලත් මං ගැන කරපු වර්ණනාව නම් රත්තරන්... මසුරන් දාන්න වටින කතාව..
"ආ..මේ දිදුලි... දිදුලි ආකර්ශා.."
පහන් මගෙ නම සම්පූර්ණම කියද්දි මම පුදුම වුනේ මේකට මගෙ සම්පූර්ණ නම මතක හිටියෙ කොහොමද කියලා... එදා මැරි කරන දවසෙ එකපාරක් රෙජිස්ට්‍රාර් නම කියවද්දි කිව්ව මිසක් ඊට පස්සෙ කිව්වෙත් නෑ ඇහුවෙත් නෑ.. මට පහන්ගෙ නම මතක නෑනෙ..
"හමුවීම සතුටක්..මම ශෂිනි උපේක්ෂා වීරසේකර.. දිදුලි... දෙන්න ගැලපෙනවා නමෙනුත්.. පහන්ගෙ ආලෝකෙට ඔයා හැමදාම දිදුලයි..."
"මටත් අඳුනගන්න ලැබුණු එක සතුටක්.. ශෂී.."
ශෂීටත් අත දුන්නෙ හිනාවෙලයි.. පහන්ගෙ ආලෝකෙට මම දිදුලන්නෙ කොහොමද.. මම මැරි කරද්දිත් මේ පහන නිමිලනෙ තිබුණෙ.. මෙයා පහන නිවලා දාලා ගිහින් දැන් කියනවා ආලෝකෙට මය දිදුලයිලු.. ඕවට කියන්න කටට වචන එනව හරි නෑනෙ.. ඒ නිසාම හිනාවෙලා අත දුන්නෙ.. හිතින් බැන බැන..
"අපි දැන් යමු අයියෙ.. මගෙ මූඩ් අවුල්.. බෙහෙත් ටිකත් කාර් එකේ.."
වැඩි කතාවක් කරන්න කලින් මල්ලි එයාගෙ අසනීපෙ පිට දාලා අපේ ගමන නතර කලා..
"අපි යනවා ශෂී.. "
පහන් ශෂීට සමු දෙන්න සූදානම් වුනා..
"ඔහොම ඉන්න පහන්.."
ශෂී අපිව ආපහු වැළැක්වුවා..
පුලුවන් නම් මට සමාව දෙන්න.. ඔයාල දෙන්කට විශ් කරනවා යය හදවතින්ම.. මට දුන්නට වඩා ආදරයක් කවදාහරි. පහන් දෙයි දිදුලිට.. හැමදාම සතුටින් ඉන්න...
wish your all the best.!
ශෂී අපිට විශ් කරන්න අමතක කලේ නෑ..
"තැන්ක් යූ.."
පහනුත් මමත් එකවරම තෑන්ක් කලේ ශෂීගේ සුබ පැතුම පිලිගත්ත කියන්නයි...
ශෂීට සමු දී අපි ආපහු ගෙදර එන්න තීරණය කලේ දවසෙම ඇවිදිමු කියන කතාවට තිත තියමින්.. පහන් වගේම මල්ලිත් මාත් මේ සිදුවුන දේට ෆුල් අප්සට් වෙලයි හිටියෙ...
පහන් ඉන්න තත්වෙ හොඳ නැති නිසාම මල්ලි ඩ්‍රයිව් කරන්න තීරණය කලා... ගෙදරට එනකම්ම අපි අතර තිබුණෙ නිහඬියාවක්.. පහන් හිටියෙ කල්පනා කර කර මයි.. බලාගත්ත අත බලාගෙන.. ශෂීගෙ අවසාන මතකයත් මම මුහුදු රැල්ලට එකතු කලාම මම හිතුවෙ දැන් හැමදේම හරි කියලා.. ඒත් මේ වුන දේ පහන්ගෙ හිතින් අයින් කරන්න ගොඩක් අමාරැවෙයි... පහන් පොඩ්ඩක් හරි සැහැල්ලු වුනා විතරයි.. ඒත් දැන් කලකිරීමක් එක්ක දුකකුත් ඇතිවෙලා.. මාව මැරි කලේ අපරාදෙ කියල හිතෙන්නැති..නැත්තම් එයාලට එකතු වෙන්න තිබ්බනෙ.. පහන් ඒකට දුක් වෙනව ඇති..මගෙ හිත එක එක දේවල් හිතුවා.. වාහනය මිදුලෙන් නතර කලත් පහන් බැහැලා කා එක්කවත් කතා නොකර කෙලින් ම ගියේ කාමරේ ඇඳ උඩට
" මොකද අර පහන්..යද්දි ඔහොම ගියෙ නෑනෙ.. දවසෙම ඇවිදලා කඩෙන් කාලා එනව කියලනෙ කිව්වෙ මොකක් හර් වුනාද දු.. පහන් දුකෙන්.."
පහන්ගෙ පුංචි වෙනසත් ඉක්මනටම තේරෙන පහන්ගෙ අම්මා එකදිගටම ප්‍රශ්න කලා..
"ඔව් ලොකු අවුලක් අම්මා.. ශෂී හම්බුනා පාර්ක් එකේදි.. ගෙදර අයත් එක්ක ඇවිත් හිටියෙ.. බැඳපු මනුස්සබා ඒ රටේ ගෑනු කෙනෙක් ව බැඳලා.. මෙයා මෙහෙලු ඉන්නෙ.. එ්යාව මීට් වුනු වෙලේ ඉඳලා තමයි අයියා ඔහොම වුනේ..."
මල්ලි දිගටම විස්තර කරද්දි අම්මගෙ මූණ අඳුරැ වෙනවා මම හොඳටම දැක්කා..
"අනේ දෙවියනේ.. මගෙ කොල්ලා විඳවලා විඳවලා ටිකක් සැහැල්ලුවෙන් හිටියා විතරයි.. ආය මේ ගෑණි මගෙ කොල්ල ඉස්සරහට ආවනෙ..."
අම්මා වේදනාවෙන් එහෙම කියද්දි මම මොකුත් ම නොකිය කාමරයට ගියේ පහන් ට කොහොමද බලන්නයි...
හිතුව වගේම ඇඳේ පැත්තක අහක බලාගෙන නිදාගෙන කල්පනාවක වැටිලා හිටියා...
"මම හිතුවෙ ශෂී ලස්සන ඇති කියලා.. එයාට මාව අල්ලන්නවත් බෑ.."
මම මුලින් වදනක් දාලා බැලුවෙ පහන්ගෙ හැසිරීම කොහොමද කියලා බලන්නයි.. එ්ත් පහන්ගෙන් කිසිම උත්තරයක් නෑ.. මේකව කොහොම හරි කතාවට අල්ලගත්තනම් හරි..
"මේ ඒක නෙවෙයි... ඔයා තාම එයාට ආදරෙයි නේද.. එයත් ඔයාට ආදරෙයි වගේ... මේකගෙ මොන ලස්සනකට ඒකි කැමති වුනාද මන්දා.. බලන් යද්දි ඒකි බේරැනා.. මම තමයි අමාරැවෙ වැටුනෙ.. මලමිනියක් වගේ කොල්ලෙක්නෙ මට හම්බුනෙ.. පේන්නැද්ද පැත්කට වෙලා ඉන්න කැත.. මේ ඔයාට ඕනිනම් එයාව මැරි කරගන්න...මට මොකෝ.. මටත් නිදහසේ පාවි පාවි ඉන්න පුලුවන්..කලින් හිටිය වගේ.. ඔයා එයාව බඳාන්න...මම එන්නම් සාක්ශියට..ඒක සුළු දෙයක්නෙ.."
මම දිගටම කියාගෙන ගියේ පහන්ගෙ කල්පනා ලෝකෙ බිඳින්නයි.. කොච්චර කිව්වත් කියන්න තරම් මට ඒ දේවල් කරන්න හයියක් නෑ කියලා මට තේරැණෙත් නෑ..
"කටවහගන්නවද.. ආපු වෙලේ ඉඳන් දෙමළියෙක් වගේ කියවන්නෙ...මොකක්ද කියන්නෙ ඔයා අාහ්.."
පහන් ටිකක් සැරෙන් එහෙම ගියද්දි මම එකපාර ම බය වුනේ එයා සැර කරයි කියලා හිතුවෙ නැති නිසයි..එ්ත් මම බයවුනු වගක් පෙන්නුවෙ නෑ... ලැජ්ජයිනෙ..
"මදැයි හොඳක් කරන්න ගියා...මම ඇහුවෙ ඔච්චර එල්ලන් ඉන්න ඕනියැ.. බැඳ ගත්තනම් ඉවරනෙ.. අනික දෙමළි කියන්නෙ මොකද.. උපාසකලා වගේ ඉන්න අය තමයි හිතන්නත් කලින් දාලා යන්නෙ... කිසිදෙයක් හංගන්නෙ නැතුව කියවන ගුප්ත නැති අපි තමයි එ් මගුල්වලට කර ගහන්නෙ.. මම කිව්වෙ ඔයාට ඔච්චරම එයා ඕනිනම් මම එයාට ඔයාව දෙන්නම්.."
මම එහෙම කියද්දි පහන් ඇඳෙන් නැගිට්ටා.. කේන්තියෙන් වගේ ඉන්න බවක්නම් පෙනුනා...
"දිදුලි මම තමුසෙට එකපාරක් කිව්ව නේද.. මොනවද කියවන්නෙ ආ.. තමුසෙට හැමදේම විහිලු ද.. ලේසියට කියවන් ගියාට වචන වල බරපතලකම තේරෙන්නෙ නැද්ද.. මට දැන් ටිකක් පාඩුවේ ඉන්න දෙනවා.. කාමරෙන් එළියට යනවා.. නැත්තම් මම යනවා.."
පහන් මගෙ කියවිල්ලට හැමදේම අමතක කරයි කියලා හිතුවෙ.. මගෙ කච කචේට එයා කල්පනා කරන එක නතර කරයි කියලා හිතුවෙ... ඒත් කොහෙවත් නැති ශෂියෙක් නිසා පහන් මට ගොඩක් සැරෙන් කතා කලා.. දොස් කිව්වා.. එයාට නොපෙනෙන්න කාමරයෙන් යන්න කිව්ව.. මම ආපහු මේ කාමරයට එන්නෑ කියල හිතාගෙන එළියට ගියේ පුදුම දුකකින්.. පහන් මට කෑගැහුව එක තදටම වැදුනා..වැඩිපුරම කාමරෙන් එළියට යන්න කියද්දි තමයි දුකම හිතුනෙ.. එයාගෙ කාමරේ ඉන්නවටවත් අකමැති වෙලාද දැන්.. හිතේ නම් කවදාවත් මාව තියන් ඉන්න එකක් නෑ... මෙයිට වඩා හොඳයි මුහුදෙ ගිලිලා මැරැණනම්.. අැස්වලට කඳුලු පිරැණත් මම කඳුලු හංගන් එළියට ගියේ පහන්ට ඒ බවක් පෙන්නන්න හොඳ නැති නිසයි..
දවසෙම වගේ මම හිටියෙ එළියෙ..අම්මලා හේතුවක් ඇහුවත් මගේ උත්තරය වුනේ නෑ කිව්ව එකයි... රෑටත් පහන් කෑමට ආවෙ නෑ.. මම කෑවෙත් නෑ.. අම්මලත් මේ අවුල නිසාම හරියට කෑවෙ නෑ.. පහන් මට කාමරේට කතා කලෙත් නෑ.. ඒ නිසාම මම අම්මලටත් හොරෙන් එලියෙ බංකුව උඩ වාඩිවුනේ පහන් මගෙන් සමාව ගන්නකම් එලියෙම ඉන්නව කියලා හිතන්... එලියෙ සීතල එන්න එන්නම වැඩි වුණා... එ්ත් මගේ හිත එ් හැමදෙයක්ම ඉවසුවා... පහන් මට එන්න කියනකම් මම යන්නෑ කියලා.....
.........................................................................
*දිදුලි පහන්ගෙ හිත හදන්න කියෙව්වත් ඒ වචන පහන්ට හරිගියේ නෑ.. පහන් අදනම් කවදාවත් නැතුව දිදුලිට කාමරයෙන් යන්න කිව්වා.. එයාට තනියම ඉන්න දීලා...දිදුලිගෙ දරැණු හිත මහ රෑත් සීතලේ එළියෙ ඉන්න අදහස දුන්නා... දිදුලිට මහ රෑ සිතලේ එලියෙ ඉඳලා මොකක් හරි වෙයිද.. අපි බලමු ඊළඟ කොටසෙන්.. අඩුපාඩුනම් ඇති.. එ් නිසා ඔයාලගෙ වටින අදහස් කමෙන්ට් කරන්න.. ලයික් කරන්න... කතාව ලස්සනද දන්නෑ..මම ලියලා නෑ මීට කලින්... ලස්සනයි කියලා හිතනවනම් ශෙයා කරන්න.. ඉක්මනටම දහතුන් වන කොටස ගේන්නම්..රැදෙන්න කතා පියස එක්කම..*

No comments:
Post a Comment