*මගේ මරණය මා අභියස..*
(කෙටිකතාව)
" හෙලෝ ගුඩ් මෝනිං මගෙ අයියෙ..."
උදෙන්ම අවදි වී හැමදාමත් මගේ කුම්භකරණ මැට්ටව කෝල් කරලම අවදිකරන එක මගෙ විනෝදයක්නෙ ඉතිම්..
"මොකද මැට්ටි.. නිවාඩු දවසෙ වත් දොයි ගන්න දෙන්නැද්ද අයියට.. වැඩට යද්දි විතරයි උදෙන් අවදි කරන්න කිව්වෙ..නිවාඩු දවසට ඒක අදාල නෑ ඊරි.."
උදෙන්ම මේකගෙන් බැනුම් අහද්දි හරි ජොලි.. එ්ත් බොරැවට දුකක් පෙන්නන්න ඕන.. එතකොට තවත් ෆන්..
"අයියා මාව එපා කිව්වා.. බැන්නා උදේම.. දැන් චුට්ටක්වත් ආදලේ නෑනෙ මට.."
"හා හා.. මේ මොකද.. සැර කලේ නෑනෙ අයියා දෝණිට.. කෝ උම්ම්ම්ම්ම්ම්මි...
වොශ් දැම්මද මගෙ පණ.."
"නෑ.. අයියා මට බැන්නා.. එපා අයියව මට.. චුට්ටම චුට්ටක්වත් එපා"
"මගෙ දෝණිට අයියා එපාලු.. දැන් ඉතිම් යාලු කරගන්නෙ කොහොමද මේකිව.. අයියා බැන්නෙ නෑනෙ මගෙ දෝණිට..අද මම දෝණිව කොහේ හරි එක්ක යන්නම්කො.."
"වාව්... ඔයා හරි ශෝයි.. ඇවිදින්න පුළුවන්.. විනෝද වෙන්න පුළුවන්... දවල්ට කඩෙන් කන්න පුළුවන්... දෝණිට ශොපින් කරන්න පුළුවන්... ඔන්න දැන් වචනෙ වෙනස් කරන්න බෑ.. ඉල්ලන හැමදේම අරන් ඕන මට..😍"
කොල්ලගෙ කටින් වැරදිලා හරි මට වාසියක් වෙන දෙයක් පිට වුනොත් ඒකෙන් උපරිම ප්‍රයෝජන මම ගන්නවා කියලා මේ මැට්ටා දන්නවා කවදත්..
"අම්මෝහ්.. අපරාදෙ.. තරහවෙලාම හිටියනම් ලාබයි මට..😁"
"අාහ් එහෙමද.. කිව්වනෙ කතා කරන්නෙපා අාය මාත් එක්ක.. මම දන්නවා දැන් ආදරේ නෑ කියලා.. කොහෙන් හරි නැට්ටිච්චියෙක් අල්ලගෙන ඇති.. ඒකනෙ මේ මාව වටින්නැත්තතෙ දැන්.. අහුවෙයන්කෝ ඕකි. දෙකට කඩනව මම.. ඔයාව එපා.. මම තියනවා බායි..😔"
විහිළුවක් වුනත් මහ ලොකු දෙයක් කරගෙන අන්තිමට අර අහිංසකයට කොහෙවත් නැති කෙල්ලෙකුත් පාව දීලා එ්කිටත් බැනලා තමා මම නවත්තන්නෙ.. ඒ වුනාට හිත යටින් පිළිගන්නවා.. මෝඩයට මගෙන් තොර ලෝකයක් නෑ කියලා.. ඉල්ලීම් දිනාගන්න නම් සටන් කරන්නම එපැයි..
පෝන් එකත් කොට්ටෙ උඩට දාලා මම වොශ් රෑම් ගියේ මූණ කට සෝදගන්නයි...
"අම්මා... අනේ එන්නකෝ.."
කවදත් වගේ සින්ක් එකෙන් පෙනෙන මගෙ මූණ මට මහා අමුතු විදියකට පෙනෙන්න වුණා.. කවදත් මේ දේ සිදු වෙන නිසාම මම වොශ් රෑම් යද්දි අම්ම මගෙ කටහඬ ඇහෙන මානෙ ඉන්න අමතක කලේ නෑ..
"ඇයි මේ.. අදත් මොකද වුණේ..."
"අ...ත... න.. ම...ම... මා..ව.. ව...තු..රෙ...න් දැ...ක්...කා... ගි..ලු...නා.."
"දෝණි රෑ බෙහෙත් වේල අමතක කලාද.. මේක සින්ක් එක පුතේ.. මේකෙ ගිලෙන්නෙ කොහොමද.."
"න්..නෑ.. ගි.. ලු.. නා.. අ..ර...ර.. අ...ත...න.."
මම අඬමින් තදින් අම්මව බදාගත්තෙ ඇතිවුන බය නිසා.. මාව වතුරෙන් ගොඩට ගත් මාලුවෙක් වගේ ගැහෙද්දි අම්මා හෙමින් මගේ මූණ සේදුවා..
"යන්න බේත් එක බොන්න..මානසික ප්‍රශ්නයක් කියලා ඩොක්ට කිව්වනෙ.. බෙහෙත් බොද්දි ටිකක් අඩුවෙලා යයි තේරැණාද.."
"අම්මා මගෙ ළඟින් ඉන්නවා නේද.."
"ඔව් දෝණි.. බය නොවී ඉන්න.. මේ බෙහෙත් බොන්න.."
හැමදාමත් බෙහෙතට හුරැවෙලා ඉඳපු මම අදත් බෙහෙත් බිව්වෙ සිද්ද වුනු දේ නිසයි.. මට හීනෙන් වගේ පෙනෙන මේ සිදුවීම මගෙ බය එන්න එන්නම වැඩි කරන්න හේතු වුනා.. වෙලාවකට වතුරෙන් මාව ඉස්මතු වෙලා කෑගහනවා පේනවා.. මගෙම රෑප පිරැණු වතුර පුරා විහිදිලා පේනවා.. අැයි මේ.. මගෙ හිත මට ප්‍රශ්න ඇති කලා..
බේත් වේල බීලා ටික වෙලාවක් යද්දි මම යථා තත්වයට පත්වෙන්නෙ හැමදේම අමතක වෙලා සාමාන්‍ය විදියට එන නිසයි..
"දූ කවුද අැවිත් බෙල් එක ගහනවා එන්න යමු කවුද බලන්න.."
අම්මත් මමත් දොර අරින්න ගියේ වාහන සද්දෙටයි...
"අා.. මේ ජනිත් පුතානෙ.. යාලුවොත් ඇවිත් තියෙන්නෙ.. එන්න ගෙට.."
"හ්ම්ම් හරි අාන්ටි.. උදේ මෙයා මාත් එක්ක වලියක් දාගත්තනෙ.. මම මේ ආවෙ ප්‍රොමිස් එක ඉශ්ට කරන්න.. නැත්තම් මාව කයි අද දවසෙම.."
ගෙට ගොඩ වෙද්දිම කිව්ව නේද අම්මට කේලම..මගේ දිහා බලලා හිනාවෙලා කේලම කනේ තිබ්බා අම්මගෙ.. මහ බූරැවෙක්..
"ඇයි පුතා.. අද මොකක්ද මෙයා දාපු වලිය.."
"එයාට අැවිදින්න ඕනලු.. ශොපින් යන්න ඕනලු.. ආදරේ නෑලු..දන්නැද්ද ගෙදර ඉන්න දවසට ප්‍රශ්න කෝටියයි.."
"අනේ මේ මමනම් රණ්ඩු කලේ නෑ.. මෙයාගෙ බොරැ අම්මෙ.."
මාත් පස්සට ගියේ නෑ.. ගේම අතාරින්න හොඳ නෑනෙ..
"අනේ මන්දා ඔයාලගෙ වලි.."
"ඒක නෙමෙයි අද මොකො මේ සිඟිති පාතාලෙම ගෙනල්ලා.."
මම එහෙම ඇහුවෙ අයියගෙ යාලුවො ටික දිහා බලලා හිනාවෙලා..
"ආ.. ඇවිදින්න ඕන කිව්වනෙ.. යං දැන් ලෑස්ති වෙන්න.. වැඩිපුර ඇඳුමකුත් දාගන්න.."
"ඇයි කොහෙද යන්නෙ..."
"සප්‍රයිස් මෝඩි.."
මමත් ඇඳුමක් දාගෙන රෙඩි වුනේ යන්න.. මටත් රෝන්දෙ ගහන්න තියේනම් ඊට වඩා දෙයක් නෑනෙ..
කවදත් මෙයාගෙ සිඟිති පාතාලෙ සෙට් එක ඉතින් චතුර, කසුන්, ඉසුරැ තමා.. තව ඉන්නවා.. ඒත් මම දන්නෙ එච්චරයි.. වැඩිය යාලුවො අඳුන්වලා දෙන්නෙ නෑ මට.. මගෙ කට හොඳ නෑනෙ..
"අම්මෝ.. අද නිශී අක්කි ලස්සනයි.. චතුර අයියා කැත වුනාට.."
කෙල්ලො වර්ණනා කරලා කොල්ලට නෝන්ඩිය දාන එක පුරැද්දනෙ ඉතිම් මගේ.. කවුරැත් මුකුත් කියන්නෑ.. කොහොමත් මෙන්ටල් අවුලක් තියේනෙ මට..
"හරි හරි යං.. "
"පුදුම කලබලයක් මේ වදුරැ රැළගෙන් තියෙන්නෙ අම්මපා.. අම්මා අපි ගිහින් එන්නම්.."
"කොහේ ගියත් මෙයාලා එක්කම ඉන්න.. තනියම ඉන්නෙපා.. හරිද.. "
අම්මා කවදත් මම යන්න කලින් අයියට උපදෙස් දෙන්නෙ මාව තනි කරන්නෙපා කියලා..
බයික් වලින් අපි රවුම් ගහන්න ගත්තා... දැන් ඉතිම් ඉගිල්ලෙනවා වගේ තමා.. අල්ලගන්නවා බොරැ.. යනකම් මම දැනන් හිටියෙ නෑ අපි යන්නෙ කොහෙද කියලා..
"දැන් හරි බහින්න.."
"වාව්... බෝපත් ඇල්ල.."
මම ඇස් අදහාගන්න බැරැව බලන් හිටියා.. වැස්ස කාලෙ නිසාම බෝපත් ඇල්ල වෙනදට වඩා ලස්සන වෙලා.. හරි අාඩම්බරයෙන් පහළට ගලාගෙන බහිනවා..අසාවෙ බෑ..
"අඩෝ වතුර වැටෙනවා පේන්නෙ නෑ ඒ තරම් සැරයි වතුර පාර.. "
කසුන් එහෙම කියද්දි අනිත් අයත් ඒක ස්ථීර කලා..
කොහොම වුනත් කට්ටිය නාන්න තමයි ලෑස්තිය.. පොටෝ ගහලා ෆේස්බුක් එකට එවලෙම අප්ලෝට් කරලා පිස්සු යාලුවො ටිකක් තමයි මේ...
වතුර පහර සැඩ වුනත් කට්ටිය අැල්ල ලඟටම යන්න අමතක කලේ නෑ.. එ්ත් මම විතරක් ගොඩට වෙලා බලන් ඉන්න හිතුවෙ වතුරෙදි මට තුන්වතාවක් ම ක්ලාන්තෙ වෙලා තියෙන නිසයි..
"දෝණි.. යමුකො අපිත්.. අර කට්ටියම ගියා.."
"අනේ මට බයයි මගෙ අයියෙ.. ඔයා දන්නවනෙ මට වතුරත් එක්ක එච්චර හිතවත්කමක් නෑ කියලා..."
"අනේ මගෙ මැණික.. අයියා දෝණි ළඟමනෙ ඉන්නෙ.. දෝණිගෙ අත අතාරින්නෙ නෑ.. මෙහෙම තැනක විනෝද වුනේ නැත්තම් වෙන කොහේ විනෝද වෙන්නද.. යමුකො.. චතුර, නිශී, කසුන්, ඉසුරැ හැමෝම ගියා.."
පව් අහිංසකයට මම නිසා විනෝද වෙන්නත් නෑ..
"අනේ මම මෙතන ඉන්නම්.. මගෙ අයියා ගිහින් එන්න.."
"එහෙම බෑ.. මම දෝණිගෙ අම්මට ප්‍රොමිස් වුනා.. දෝණිව තනි කරන්නෙ නෑ කියලා.. කෝ වතුර සැර වැඩිනෙ.. එන්න මගෙ පිටට.."
අයියගෙ පිටට නගින්න කියලා බිම වාඩි වුනාම මට මගෙ මැට්ටා පව් කියලා හිතුණා..මමත් නැග්ගා.. මම දන්නවා අයියා මාව තනි කරන්නෙ නෑ කියලා..
"අන්න හරි..."
වතුර පාර බිදගෙන අයියා මාව පිටේ තියාගෙන අැල්ල ලඟටම ගිහින් වතුරෙන් තිබ්බා..සුපුරැදු පරිදි මම මහ ජල කඳ මැද හැමතැනකම මාවම දැක්කා..
"අයි..යේ.. මට බෑ.. මාව ගොඩින් තියන්න.. ප්ලීස්.. අනේ.. මාව මැරෙයි.. අයියෙ.. මාව තියන්න ගොඩින්... "
අයියගෙ කරේ එල්ලිලා මම අඬන්න ගත්තා..
"දෝණි මොකද මේ.. හැමදාම මෙහෙම වතුරට බය වෙලා හරියනවද.. ඔයාට අයියව විශ්වාසයි නේද.."
"ඔව්.. ඒත්.."
"අයිය ලඟ ම ඉන්නවා මැණිකගෙ.. අතින් අල්ලන් බදාගෙනම ඉන්නම්..අපි දෙන්නම එක සැරේ වතුරට ඔළුව ඔබලා ගමු.. බය නැති කරන්නම් මම මැණිකගෙ.."
"බෑ බෑ.. අයියේ.. අර අර අතන.. කවුද ගිලෙනවා.. අර කවුද.. ගෑනු කෙනෙක් අපිට පිටුපාලා.. කාවද වතුරට දැම්මා.. අර.. අර බලන්න..අර.. ඔයාට පේනවද.."
සුපුරැදු පරිදි මහ ජලකඳ මැද අද්භූත රෑප පේන්න ගත්තා..
"නෑ නෑ දෝණි.. එතන කවුරැත් නෑ.. කෝ මේ පැත්ත බලන්න.. අයියා දෝණි ලඟමනෙ.. අැයි මේ.."
"නෑ නෑ.. තමුසෙ මාව ගිල්ලලා මරන්න නේද එක්ක ආවෙ.. ආ.. ඒකනේ මැදට ගෙනාවෙ.. මාව මරනවනම් වෙන විදිහකට මරණවා.. වතුරට නොදා.."
මගේ කෑගැහිල්ලට අයියා මං දිහා බැලුවෙ පුදුමෙන්.. යාලුවෝ හැමෝම අපි දෙන්න ලඟට ආවා..
"ජනියා මොකෝ කේස් එක.. නංගි නාන්න බය නම් ගොඩින් තියමු.. වතුරට බය අය ඉන්නවා.. මේක සාමාන්‍ය දෙයක්.."
කසුන් එහෙම කිව්වත් අයියා දිගටම බැලුවෙ මම දිහා.. මාත් කෑගගහා අඬන්න ගත්තා..
"මාව මරපං ඉතිං.."
"දෝණි.. මම මොකටද ඔයාව මරන්නෙ.. මෙච්චර ආදරේ කරලා.. දෝණි බය නැති කරන්නයි එක්ක ආවෙ.. "
"නෑ නෑ.. මම ගිලුනා.. කෑගැහුවා.. මාව මැරැවා.. ගිල්ලුවා.. අර පේනවද අර ඈත ඉන්න ගෑනි අර.. එනවා.. මාව මරන්න එනවා අර අර බලන්න අයියෙ මාව බේරගන්න..අනේ දෙන්නෙපා මාව බේරගන්න.."
මහ තවත් හයියෙන් අඬමින් අයියගෙ කරේ එල්ලුනේ බයේ ගැහි ගැහී....
..............................................................................
"දෝණි.. ඇස් අරින්න.. මොකද මේ.."
හීනෙන් වගේ කෙඳිරි ගාමින් මම හෙමින් අැස් අරිද්දි මගෙ ලඟම අයියත් වටේට අයියගෙ යාලුවොත් තව කීපදෙනෙකුත් වටවෙලා හිටියා..
"මට මොකද වුනේ අයියේ..අර ගෑනු කෙනා මං ලඟට ආවනෙ.. මාව ගෙනිච්චෙ නැද්ද.."
කලබල වෙලා මම වටපිට බලද්දි අපි හිටියෙ රෙස්ටුවරන්ට් එකක..
"මේ කූල් ඩ්‍රින්ක් එක බොන්න.. සන්සුන් වේවි.. අපි ඉන්නෙ ල්ල ගාව රෙස්ටුවරන්ට් එකක.. කවුරැත් ඔයා ගාවට අාවෙ නෑ.. මම ඔයා ලඟම හිටියා.. දැන් කවුරැවත් එන්නෙ නෑ.. හරිද.. බය නොවී ඉන්න.."
අයියා මාව තුරැල් කර ගත්තා.. ලොකු සෙනෙහසකින්..
"මම නිසා ඔයාලගෙත් සතුට, විනෝදෙ නැති වුනා නේද.. අනේ සොරි ඔයාලට.."
මම දුකින් වගේ අයියගෙ යාලුවන්ගෙන් සමාව ඉල්ලුවෙ මගෙ මනස්ගාත නිසා එයාලාගෙ සතුටත් නැති වුන නිසයි..
"අයියෝ එහෙම දෙයක් නෑ නංගි.. ඔයා බය නොවී ඉන්න.. අපි හැමෝම ඉන්නවනේ ඔයා ගාව.."
"අනේ තෑන්ක්ස් නිශී අක්කි.."
"මම කිව්වනෙ උඹලට.. මේක සාමාන්‍ය බයක් නෙවෙයි කියලා.. මොකක්ම හරි රහසක් තියෙනවා.. හැමවෙලේම කෑගහන්නෙ ගිලෙනවා ගිල්ලවනවා කියලා.. වතුරට බයයි කියමු.. එ්ත් සින්ක් එකටත් බය මිනිස්සු ඉන්නවද බං.."
අයියා ඔළුවට අත ගහගෙන කියද්දි මට ලොකු දුකක් දැණුනා..
"ඒකනම් අැත්ත බං.. මෙතන මොකක්ම හරි අවුලක් තියෙනවා.. අපි මේක හොයන්නම ඕන.."
................................................................................
*කෙටිකතාවෙ පලමු කොටස මෙහෙම ඉවර කරන්නම්.. ඇත්තටම මොකක්ද මේ..වතුර කියන්නෙ මට සාපයක් වගේ.. වතුර දැක්කම පේන්නෙ අත්භූත.. මේ තුල හැංගිච්ච මොකක්ම හරි රහසක් අැති.. අපි බලමු මේ අභිරහස විසඳගමු.. දිගටම රැදෙන්න කතා පියස එක්කම..*
Diltu Don't Copy
No comments:
Post a Comment