සයුරු පෙම ( නව කථාවකි )
........* තෙවැනි
කොටස*........
මුහුදෙහි රළ පහර අතරින් මා ගිලෙන්නට
අාසන්නය....මා මගේ ජීවිතය ගැන අැති අාශාව අත්හරින්න හිතුවේ මේ මහ සයුරේ මරණය
සොයා කිසිදා කිසිවෙකු නොඑන බව මා හොඳින් දන්නා බැවිනි...
........................................................................
"දිදූ..දිදූ උඹ හොඳින් නේද..අනේ කතා
කරපන්කො......please දිදූ......"
බාෙහෝ දෙනෙක් කෑගසනු ලාවට මෙන් කන
වැකුණු නිසා හිමින් ඇස් ඇරියා මං...
"ආ..හ්...මට රිදෙනව...හුස්ම ගන්නත්
අමාරැයි...මං මේ...හීනයක් දකිනවද...නැත්තම් මේ ඇත්තක් ද...මම මැරිලද...මේ කතා
කරන්නෙ මං මගෙ ආත්මෙ එක්කද..."
මම කෙඳිරිලි හඬින් හෙමින් මිමුණුවේ
මුහුදට බිලි වී මා මගෙ ම අාත්මය සමඟ කතා කරන බව සිතලයි..
"අනේ දෙවියන්ට පින් සිද්ධ
වෙනව...කෙල්ලට සිහිය ආවා...දිදූ ප්‍රශ්නයක් නෑ නේද...අනේ අපි බය උණා බං..."
මිහිරි, වෙනුරි මා බදාගෙන වැළපෙද්දි විහඟත් මගෙ අතින් අල්ගෙන හිස පිරිමදිනු
හීනෙන් වගේ මට පෙනුනා...
"මේක වුණේ කොහොමද..මම මැරැණනෙ...මුං
මගෙ පස්සෙන් ඇවිල්ලද...මගෙ මේ ආත්මෙත් මුන් ටික ඉන්නවද..."
මං නැවතත් හිමින් දෙඩුවේ මුන් මාත්
එක්කම ඒ ආත්මෙටත් අැවිල්ලද කියලා හිතාගන්න බැරැව...
"උඹලා මාත් එක්ක මගෙ අලුත් ආත්මෙටත් ආවද බං..මැරිලවත් අතාරින්නෑනෙ උඹල මාව..."
මාව බදාගෙන වැළපෙන මගෙ යාලුවන්ගෙන් මම
ප්‍රශ්න කලේ ඔවුන් මා සමඟ කෙසේ මැරැණද කියා දැන ගැනීමටයි...
"පිස්සුද බං උඹට...උඹ තාම මැරිලා නෑ
යකෝ...නැගිටපං...දෙයියෙක් වගෙ අර මනුස්සයා මුහුදට පැනල උඹව බේරගත්තා.."
වෙනුරි එහෙම කිව්ව විතරයි මම වටපිට බලල
ඉක්මනට වෙරළෙම වාඩි වුණා...මා වටේ බොහෝ දෙනෙක් වටවී සිටි නිසා මට ලැජ්ජාවකුත්
අැති වුණා...
"මහ මුරණ්ඩු කෙල්ලෙක්...දෙමාපියන්ටත්
සාපයක් මේ වගේ ළමයි අර කොල්ලා නැත්තම් අද මේකි ඉවරයි.."
වටේ බලන් හිටපු හැමෝම ගියේ එ් විදියට
මට බැන බැන...ඇත්තටම ගිලිලා මළා නම් මීට වඩා හොඳයි කියල මට හිතුණා..
"ඒ..ක නෙවෙයි...කවුද මේ හැමෝම කියන
කොල්ල බං...මාව බේරගත්ත කොල්ලා කවුද...කෝ එයා.. "
මං මගෙ යාලුවන්ගෙන් ප්‍රශ්න කලේ
අැත්තටම මම තාම ජීවත් වෙනව කියලා තහවුරැ වූ නිසයි...
"අර ඈත යන්නෙ උඹ බීච් එකට ආපු ගමන්
ගිහිං සද්දෙ දාපු ගොඩයා තමා උඹව බේරැවෙත්..."
විහඟ ඒම කියද්දි මං මවිතයෙන් මවිතයට
පත්වුණා...
"ඔව් බං ඌ මාර පාෙරක්නෙ...දුවගෙන ඇවිත්
මුහුදට පැන්නෙ හින්දි ෆිල්ම් එකක හීරෝ කෙනෙක් වගේ...අදහගන්නත් බැරැව හිටියෙ..ඒ
වෙද්දි උඹ සෑහෙන්න ගිලිල හිටියෙත්...මූ කිසිම අවදානමක් නොගෙන පැන්නෙ ස්වීමෙන් වලට
රජෙක් වගේ..."
මිහිරි දිගින් දිගටම විස්තර
කරද්දි..මගේ මූණ ලැජ්ජාවට රතු වුණා....
"අයියෝ ශිට් ඒකද මාව බේරගත්තෙ..?
ඊට වඩා හාෙඳයි මං ගිලිලා
මැරැණනං..අපරාදෙ..කොහෙවත් යන ගොඩෙක් නෙ මාව බේරල තියෙන්නෙ..ඒකත් මට අමුතුම
විදියට නෝන්ඩිදාපු එකෙක්...මාව බේරගන්න දෙවියන්ට එවන්න වෙන මනුස්සෙක් මෙතන
හිටියෙම නැද්ද..?"
මං කෑගැහුවේ මම නෝන්ඩි කරන්න ගියපු
මනුස්සයම මාව බේරගත්තට මට ඒක මහ මදිකමක් වගේ දැණුනු නිසා...
"එහෙම කියන්නෙපා බං වූ ගොඩයෙක් උනාට
උඹව බේරගන්න පැන්නා..මේකෙ ඉන්න එවුන් කලේ උඹ ගිලෙනව වීඩියෝ කරපු එක.."
තමන්ගෙම නගරෙ අය ගැන වෙනුරි පිළිකුලෙන්
කතා කලේ අාගන්තුකයා වර්ණනා කරමින්...මට දැන් තියෙන ප්‍රශ්නය මෙච්චර උනන්දුවෙන්
අවදානමක් අරන් මාව බේරපු මනුස්සයා මට සිහි එනකං වත් නොඉඳ ගියේ ඇයි...මේ
මනුස්සයගෙ මේ තරම් අහංකාරකමක් මොකක්ද...?
"බලහං එ්කගෙ තියෙන අහංකාරකම..මට
තෑන්ක්ස් කරන්නවත් අවස්ථාවක් දුන්නෙ නෑ ගිහිං..."
ඔහු ඈත යනු බලන් හිඳිමින් මං එහෙම
කිව්වෙ අඩුම තරමෙ කරපු උදව්වට පුංචි ස්තූතියක්වත් නොගෙන එ් අහංකාරයා එතනින්
පිටත්ව තිබූ නිසයි...
"ආ..හා..දැන් අැති උඹත් ඉතිං සෙකන්ඩ්
වෙන්න කැමති නෑනෙ...කවද හරි උඹල දෙන්න කොහෙදි හරි මුණ ගැහෙයි එතකොට තෑන්ක්ස්
කරපංකො...දැන් නම් ඇති මූදු සෙල්ලම..යමං ගෙදර.."
හතරදෙනාගේම එ්කමතික එකඟතාවය මත අපි
සයුරට සමු දී අාපසු එන්නට පිටත් වුණා...
"මේ උඹලා එකෙක් වත් අපේ අම්මලට මේ
ගැන එක කෙල බින්දුවක් හෙළනව හෙම නෙවෙයි...එයාල දැනගත්තොත් මුහුදු එනව තියා මේ
පැත්ත බලන් මට නිදාගන්නවත් දෙන එකක් නෑ...තේරැණානෙ උඹලට..."
වෙච්ච දේ කොහොම වුනත් අාපහු මුහුදු
එන්න තියෙන අවස්ථාව නැති කරගන්න මම කැමති වුනේ නෑ...
"යකෝ ගිලිල මැරෙන්න ගිහිල්ලත් මේකිට
තාමත් මුහුද එපාවෙලා නැති හැටි..මුහුද එක්ක අාත්මීය බැඳීමක් තියන්නෙ මේකිට...ගිය
ආත්මෙ මාළුවෙක් ද කොහෙද...එ්කනෙ ගිලිල මැරෙන්න ගියත් මේකි මුහුදටම අැදිලා
යන්නෙ..." විහඟගේ ඒ කතාවට සියලුදෙනාම සිනාසුනේ ඒ කතාවේ අැත්තක් තිබුණ
නිසයි...
මුහුද එක්ක මගේ තියෙන්නෙ ආත්මීය
බැඳීමත් කියා මටම සිතුණු වාර අනන්තයි...
.........................................................................
මම අද වෙරළට සමු දී ගෙදරට පැමිණියේ
වෙරළෙන් මට කිසිදා නොලැබුණු බිහිසුණු අත්දැකීම් ගාෙන්නක් ලබාගෙනයි...
"ආ දැන්ද එන්නෙ අපේ ගෙදර
ඉලන්දාරියා..කෙල්ලෙක්ගෙ රෑපෙන් අපිට දෙවියෝ දීලා තියෙන්නෙ කොල්ලෙක්නෙ...
අනේ මන්දා මේකිව කොල්ලෙක්ට භාරදීලා අපි කවදා මේ වගකීම්වලින් නිදහස්
වෙන්නද කියල...."
ගෙට ගොඩ වෙන්නත් කලින් සුපුරැදු පරිදි
පටන් ගත්තා අම්මගෙ නන්ස්ටොප් එක...
ඇත්තටම අම්මලට මට මනමාලයො ගැන කියවලා
එපාවෙන්නැද්ද දන්නෑ..තව පොඩ්ඩෙන් මාව නෙවෙයි කොල්ලෙක්ට දෙන්න වෙන්නෙ මගෙ
මිණිය...අම්මප මට කියන්නත්
හිතුණා...කිව්වොත් මට මූදු යන්න වෙන්නැති නිසා ඉවසුවා....
"ඇත්තමයි ලොකු වෙද්දි මෙච්චර ප්‍රශ්න
කියල දන්නවනම් පොඩි කාලෙ අැවිදින්න තියා දණ ගාන්න හිතන්නෙවත් නෑ..."
කියන්න දෙයක් නැති කමට එහෙම කියාගෙනම
මම තරප්පු පෙලෙන් උඩට දිව්වේ අද වුණු දේ එක්ක මගෙ හිත සැහැල්ලු කරගන්න ඇඳට
පනින්න බලාගෙනයි...මන්ද යත් මරණ බය තාමත් හිතේ එ් විදියටම තියෙන නිසාවෙන්.......
............................................................................
"දිදූ...නැගිටින්න...උදේට කාලා ගියෙත්
නෑ...දවල්ටත් කන්න නෑ..දැන් හොඳටම හවස් වෙලා... එන්න පහළට තාත්තටත් ඔයත් එක්ක
ටිකක් කතා කරන්න තියෙනවලු..."
අම්මගේ කීද්දිල්ලට අවදි වුණු මා
කලබලයෙන් වටපිට බැලුවේ අද ලත් අත්දැකීම එක්කම මට තදින් නින්දගොස් තිබූ
නිසයි...තවමත් මා වෙරළේ දිගා වී සිහි නැති සිටි විදිය මැවි මැවී පෙනෙයි...
"අා...අම්මා මොකක්ද කිව්වෙ..තාත්තට
මාත් එක්ක කතා කරන්න ඕනිලු..ඒ මොනවද..."
අම්ම කියූ එ් කතාවට මං තුශ්නිම්භූත
වුනේ අද මම මුහුදෙ ගිලෙන්න ගිහිං අර ගාෙඩයා මාව බේරගත්ත එකවත් අාරංචි වෙලාවත්
ද...අායෙනම් මූදු ගිහිං ඉවරයි මං...
"මොකද මේ බයවෙල අදත් බීච් ගිහිං
මොකක් හරි නොසන්ඩාල වැඩක් කරාද..මං දන්නෑ එ්වා තාත්තයි දූයි බලාගන්න.."
අම්ම එ්ම කියද්දි නම් මම හිත හදාගත්තා
අදනම් බැනුම් කෝටියක් තමයි...
මං පහළට ගියේ බැනුම් අහන්න හිත
හදාගෙන....
තාත්තා ළඟට ගිහිං බයෙන් වගේ මං කතා
කරන්න ගත්තෙ ඕන එකක් වෙච්චාවෙ කියල...
"තා..ත්..ත ම..ට ක..තා ක..ලා..ද..?"
"ආ ඔව් මාෙකද ඔය ගොත ගහන්නෙ...අද
මොකක් හරි දඟ වැඩක් කලාද...?"
තාත්තා වෙනදටත් වඩා අාදරෙන් කතා කරද්දි
මට තේරැනා අද වෙච්ච දේ තාත්තා දැනගෙන නෑ කියලා...දැන් තමා අැඟට ලේ ටිකක්
ඉනුවෙ...
"අ..නෙහ්..නෑ තාත්තෙ නිකං මේ...එකපාරම
ඇයි...?"
තාත්තා කියන්න යන දේ මොකක් වෙන්නැතිද
කියලා මට හිතාගන්න බැරිවුනා...
"ආ ඔව්..මේ පාරනම් අනම් මනම් බෑ
නොසන්ඩාල වැඩ බෑ...හොඳ කොල්ලෙක් හම්බුනා..මගෙ යාලුවෙක්ගෙ පුතෙක්..ගොඩක් ඉගෙන
ගෙන තියෙනව...ඉංජිනියර් කෙනෙක්ලු.. පොඩි කාලෙ මෙහෙත් අැවිල්ලා තියෙනව..ඔයානම්
ගොඩක් පොඩි..කොල්ලටත් අවුරැදු 2ක්
වගේ එතකොට..."
තාත්තා එක හුස්මට කියාගෙන කියාගෙන
ගියා..මේ මට කතා කරන 18 වෙනි කොල්ලද කොහෙද..එන හැම කෙනාම
යන්නෙ මේකි නම් මට එපෝ..කියාගෙන...එ් තරම්ම හොඳයි මගෙ පිළිගැනීම..මේ පාරත්
කොල්ලා මොකා වුනත් උෟට දෙවි පිහිටයි..මං මගෙ හිතින් හිනාවුනා..තාත්තගෙ මූණට ඕව
කියන්න බෑනෙ...
"කොල්ලගෙ තාත්තා මට කාලෙකට පස්සෙ
හම්බුනේ..කැම්පස් එකේ ඉද්දි කෙල්ලෙක් එක්ක හුටපටයක් තිබිලා..එ්කි වෙන කොල්ලෙක්
බැඳලලු දැන්... කොල්ල ඉන්නෙ ගොඩක් දුකින්ලු..එ්ක මගහැරෙන්නත් එක්ක එයාගෙ තාත්තා
දැන් කෙල්ලෙක් හොයනව කොල්ලට..පව් හිත හොඳ කොල්ලා..ගෙදරින් හොයන කෙල්ලෙක්ව
බඳින්න කැමති වෙලා.."
තාත්තා කියාගෙන යද්දි මං අහන් හිටියෙත්
හරිම බෝරිං විදියට...
"දැන් එතකොට මේ පාර මට හොයල තියෙන්නෙ
කෙල්ලෙක්ගෙන් බූට් කාපු ඇවිදින මළමිනිය වගේ ඩයල් එකක්ද..හරිම බෝරිංනෙ
තාත්තා.මට මැච් වෙන්නෙ නෑ එහෙම අය.."
මම එවලෙම මගේ තීරණය කිව්වා..එ්ත්
තාත්තා දැනටත් එයාලට මං ගැන කියලා..
"ආ..හා...එ්ව කොල්ලා හදල ගනී ගානට
කොල්ලා ඉගෙන ගත්ත කෙනෙක්නෙ..ඔයා වගෙ කෙල්ලෙක්ට මෙහෙම යෝජනා එන්නෙ නෑ අාය
ලේසියෙන් කරන වැඩවලට.."
මං ගැන එදා ඉදලම හොඳට දන්න තාත්තා මට
සමච්චල් කරපු බවක් තේරැණා..
"මං යනව බත් කන්න බඩගිනී තාත්තත්
එන්න..."
මට ඕනි උනේ එ් කතාව මගාරින්න...
"හා යං හෙට කොහෙවත් යන්න
දාගන්නෙපා...අර කට්ටිය එනව..ලෑස්ති වෙන්න උදෙන් නැගිටලා.."
තාත්තා එයාලට දිනත් දීලා සේරම කතා
කරගෙනයි මට කිව්වෙ දැං කොහෙමද මගාරින්නෙවත්...මං කල්පනා කලේ කරගන්න දෙයක්
නැතිවුනු නිසාමයි..
"අැයි තාත්තෙ උදෙන් නැගිටලා ලෑස්ති
වෙන්න කියන්නෙ එ් මිනිස්සු එන්නෙ කුකුලා හඬලන්නත් කලින්ද..?"
කියන්න දෙයක් නැති තැන මම කතාව
මගහැරියා...
කාලා සේරම ඉවර කරල අැඳට වැටුණෙ හෙට
මූන දෙන්න තියෙන අභියෝගෙ ගැන කල්පනා කර කර..අනිත් කාෙල්ලන්ට කලා වගේ නොසන්ඩාල
වැඩක් කරනව ඕක සුළු දෙයක් මං හිත සනසගත්තෙ එහෙම...........
.........................................................................
*ටිකක් ලොකු කොටසක් ගෙනාවා වෙනදට
වැඩිය...හෙට දිදූ බලන්න එන මනමාලයා කවුරැ වේවිද...දිදූ එ් මනමාලයටත් මොන වගේ ට්‍රීට්
එකක් දෙයිද...හතරවෙනි කොටස අරන් ඉක්මනටම එනවා...අපි බලමු මොකක් වෙයිද
කියල...ඔයාලගෙ වටින අදහස් කමෙන්ට් කරන් යන්න අමතක කරන්නෙපා.. රැදෙන්න කතා පියස අපි
සමඟම..........*
දෝණි (උපුටාගැනීම තහනම්)
No comments:
Post a Comment