සයුරු පෙම ( නව කථාවකි )
........* දෙවන කොටස*........
දිදුලි සහ මිහිරි අාගන්තුකයා අසලටම
සමීප වුනා...
"අඩෝ බං මිහිරි..ගොඩේ මිනිස්සු බීච්
එනවද බං අදමනෙ දැක්කෙ...."
මම ටිකක් උස් හඬින් එහෙම කිව්වේ
තරැණයාට ඇහෙන්නයි...
"අඩේ ඔහොම කියන්නෙපා බං උඹට
බනී.."
මිහිරි තරමක් බයෙන් ඉන්නවා මම දැක්කා..
"බය වෙන්නෙපා බං...බලහන්කො මූ ඇහුන්තැති ගානට අයිස් එක අරන් යන්න හදන හැටි..එව්ව කොහෙද මේ දිදු ඉන්නකං"
මම ඔහු සමීපයටම ලංවුනා..
"හලෝ මේ..ඔයා කොහේ කෙනෙක්ද..මෙහෙ
ඉන්න කෙනෙක් කතා කලාම අැහුන්නැති ගානට හැරිල යන්න තරම් චන්ඩියෙක් ද..දන්නවද මම
කවුද කියලා"
මම ටිකක් උස් වූ කටහඬින් එහෙම කිව්වෙ
ඔහු අපිට කන් නොදී යන්න තැත් කල නිසයි..
"ඔයා කවුරැ වුනත් මගේ මොකද..ඇයි මේ
බීච් එකට එන්න පුළුවන් අහල පහළ ඉන්න අයට විතරද..බීච් එක ඔයාට ලියල දීලද"
තරැණයා අපි අසලටම පැමිණ එක දිගටම කියා
ගෙන යද්දි චන්ඩි රැජිණ වගෙ හිටිය මම ටිකක් තැති ගැන්වුනා...ඒත් ඒකා පෙන්නන්න හොඳ
නෑ..
"ඔව් අපිට ලියල දීලා තමයි තියෙන්න..මේ ඒරියා එකේ මට ඉහළින් මැස්සෙක් වත් ඉගිලෙන්නෑ..මම මෙහෙ මහඅැමතිගෙ දුව"
කේන්තියේ ඉවසන්න බැරි තැන මහ අැමතිගෙ
දුව කියවුණා...අැත්තටම මෙහෙ මහ ඇමතිට දුවෙකුත් ඉන්නවද මං මගෙන් ම ප්‍රශ්න කලා..
"ඒයි...උඹ මොනවද ඔය කියවන්නෙ මහ ඇමතිගෙ දුව තාම ඉස්කෝලෙ යනවා..දැනගත්තොත් උඹෙ තාත්තගෙ බෑන්ක් මැනේජර්
පෝස්ට් එකටත් බඩු.."
මිහිරි මගෙ කනට කර රහසේ ම මතක් කලේ
මං කියපු බොරැව මහා භයානක එකක් බව පසක් කරමින්....
"ඇයි ඔයා මහ අැමතිගෙ දුව වුනාම මට
මොකද...මං ආවේ කාටත් එන්න යන්න පුළුවන් පොදු තැනකට..අම්මප නගරෙ කෙල්ලො
ඔහොම්මමයි කිසි හැදියාවක් නෑ"
අයිස් ක්‍රීම් එක අතට ගත් ඔහු එහෙම
කියද්දි මට මහ ලැජ්ජාවකුත් එක්ක ලොකු කේන්තියකුත් ආවා...
"අයිසෙ මේ මෙහෙට එන කවුරැත් ඔහොම
ටොක්ස් දෙන්නෑ ඕකේ.."
මම ඔහු පසුපස කෑගසමින් යන විට මිහිරි
මා නැවැත්තුවා..
"බලහම් මිහිරි මුගේ තියෙන ගනං..දැක්කද
අපේ පැත්තට ඇවිත් අපිටම දාපු සද්දේ"
"අපි කිව්වනෙ උඹට උෟ ගොඩේ වගේ වුනාට
බයක් අැති එකෙක් නෙවෙයි කියලා..කාෙහෙද උඹ මූවම තෝරගත්තනෙ..දැන් ඉතිං යමං අරැන්
දෙන්නත් හිනා වෙනව නෝන්ඩියට.."
අයිස් ක්‍රීම් හතරක් ගත් අපි දෙදෙනා
නැවත යාලුවන් ලඟට ගියේ ලැජ්ජාවෙන්..
"මං කිව්ව නේද යද්දිම ඌ ටිකක් කට්ට
පාටයි කියලා ගොඩේ උනාට..බලපං වස නෝන්ඩියනෙ වෙලාවට මම නාවෙ ඔතනට"
විහඟ මට දුන් අනතුරැ අැඟවීම නැවත මතක්
කලා..
"අනේ පලයං මං කෙල්ලෙක් වෙලා එහෙම හරි
ඉදිරිපත් වුනා මදිද..උඹ ගෑනුන්ට අන්තයි බයේ හිටපු හැටි.."
වෙච්ච ලැජ්ජාවට වඩා විහඟගෙ කියවිල්ලට
කේන්ති ගියා මට එවලෙ..
"හරි හරි දැං යමන් ටිකක් සෙල්ලම්
කරන්න..මං අපේ වොලි බෝල් එක ගෙනාවා..."
හැමදෙයක්ම නිහඬ ව අසා සිටි වෙනුරි
අපූරැ යෝජනාවක් කලේ සිදු වූ ලැජ්ජාව සහ මට ඇති වූ කේන්තිය නිවා දැමීමටයි...
"අන්න හරි...උඹ වොලි බෝලෙ ගෙනාව එක
හොඳයි..දැන් ටිකක් ප්ලේ කරමු..."
විහඟ එක පයින් වෙනුරිගෙ යෝජනාව ස්ථීර
කලා..
"හැබැයි අද රැල්ල ටිකක් සැරයි...වැඩි
ඈතට නොයා ඉමු.."
මිහිරි යන්නත් කලින් එ් බව මතක්
කලා....
රළ බිඳගෙන ටික දුරක් ගිය අපි සුපුරැදු
පරිදි බෝල් සෙල්ලම් කරමින් විනෝද වුණා...
අපිට සද්දෙ දාපු ගොඩේ තරැණයා ඈත සිට
අපේ සියලු හැසිරීම් දිහා බලන් ඉන්නවා මම දැක්කා...ගනන් ගන්න හොඳ නෑ ඔහොම උන්
ව..මම ගස්සලා හැරිලා නැවත වොලි බෝල් ප්ලේ කරන්න වුනා...
"අයියෝ වෙනුරි හරියට බෝල් පාස්
කරන්න බෑනෙ උඹට තාම..බලපං ගියපු දුර බෝලෙ"
වෙනුරි අතින් වොලි බෝලය ඈතට විසි
වුනා..
"හරි බං ඊළඟ රැල්ලෙන් එයි ගානට
ඉදහම්කො"
"එයි එයි බලපම් තව දුර යනව මං ගිහින්
ගේන්නම්"
බෝලය තවත් මුහුද දෙසට යනු දුටු මම එය
ගෙනෙන්න අදහස් කලා..
"අඩෝ පිස්සුද රැල්ල පට්ට සැරයි
බං..මටත් යන්න බයයි උඹ යන්න පිස්සුද ගහගෙන යයි උඹව"
මම යන්නත් පෙර විහඟ අනතුරැ අැගෙව්වේ
රැල්ලේ ඇති රළු බව නිසාමයි...
"අනේ උඹ කෝකටත් බයයිනෙ...මං
මැරෙන්නවත් බය නැති කෙල්ලෙක්..අනික අපෙන් හොඳටම ස්වීමින් පුළුවන් මට.."
"අඩේ මේ බෝලෙ එයි බං ඉවසහං..."
"අඩෝ ඕක කරන්නෙපා උඹට පිස්සුද
හිතුවක්කාර වෙන්නෙපා ඔච්චරටම"
යාලුවන්ගේ කීම් සතේකට මායිම් නොකල
මම රැල්ල දිගේම බෝලය පසු පස හබාගියේ උන් තැනද අමතක කර ගෙනය..
රැල්ල තවත් දරැණුවිය...මගේ ඉලක්කය
වොලි බෝලය පමණයි...එහෙත් මා මටම නොදැනිම පීනා බොහෝ දුර අැවිත් ය..රැල්ලෙ
සැඩ පහර හා මම පොර බැන්දද රැල්ල මා පැරදවීමට සමත්විය...
"බේරගන්න...මම ගහගෙන යනවා...
අනේ බේරගන්න..."
රැල්ල හා පොර බැදීමට නොහැකි වූ තැන
මා කෑගැසුවෙ මෙතෙක් විඳ නැති මරණ බය දැනුනු නිසා ය.....
අනේ දෙවියනේ....මම මැරෙයි මාව
බේරගන්න කෙනෙක් නැද්ද...
අවසානයේ දෙවියන් සිහි කලේ කර කියා
ගන්න දෙයක් නැති නිසා...අද මට මගේ ජීවිතයෙන් සමුගන්න වෙයිද දෙවියන් මාව බේරන්න
කෙනෙක් එවන් නැති වෙයිද...
මරණ බිය හමුවේ මා දෙවියන් යැද්දේ
පිහිටක් බලාපොරොත්තුවෙන්....
.......................................................................
...*හිතුවක්කාර දිදුලිට ඉස්සරහට මොනව
වෙයිද...කතාව වෙනත් පැත්තකට හැරෙයිද...දිදුලිට කතාව ආරම්භයේම ජීවිතයෙන් සමුගන්න
වෙයිද....අපි බලමු ඊළඟ කොටස ගොඩක් දුක්බර වෙන්නත් පුළුවන්...ඔයාලගෙ අදහස්
කමෙන්ට් කරන් යන්න..අඩුපාඩුනම් ගොඩක් අැති...තුන් වෙනි කාෙටසෙන් ඉක්මනටම
හමුවෙමු...මේ කතාව ලස්සනයි..රැදෙන්න කතා පියස අපි සමඟ ම...ඉක්මනමටම එනවා තෙවැනි
කොටස අරන්*...
දිල්රුක්ෂි (උපුටාගැනීම තහනම්)
දිල්රුක්ෂි (උපුටාගැනීම තහනම්)
No comments:
Post a Comment