Pages

Sunday, May 10, 2020





                   සයුරු පෙම ( නව කථාවකි )


                     ........*හයවෙනි කොටස*........


"මට තව ටික දවසක් කල් ඕනි.."

පහනුත් මමත් එකවර ම එහෙම කියද්දි හැමෝම පුදුමෙන් අපි දිහා බැලුවා..මටත් ඉබේම පහන් දිහා බැලුණා..පහන්ටත් එහෙමයි...අපි දෙන්නම එකම දේ හිතලා..කවුරැත් හිතුවෙ අපි කලින්ම කතා වෙලා එහෙම කිව්වා කියලා..

"දෙන්න එළියට වෙලා කතා වුණේ කල් ඉල්ලන්නද...මොනව කරන්නද..දෙන්නගෙ කැමැත්තක්..අපි බලන් ඉන්නවා...මේ සීදේවි කෙල්ල අපේ ගෙදරට එනකම්.."

පහන්ගෙ අම්මා එහෙම කිව්වෙ මගේ මූණ අතගාන ගමන්..මට හරියන්නැත්තෙම ඕක...සීදේවි කම පෙන්නනවා ඉතිම් මම නැන්දම්මට තාත්තලා යාලුවෝ නොවුනනම්..

"ඔව්...වෙන මනමාලයන්ට මෙයා උඩින්ම අකමැති වුණා..මෙයාව බලන්න එන මනමාලයොත් එවලෙම මේ කසාදෙ එපා කිව්වා..පුතා එහෙම කිව්වෙත් නෑනෙ...දෙන්න ලැජ්ජාවට කල් ඉල්ලන්නෙ මං හිතන්නෙ.."

අපෙ අම්මත් කතාව මැද්දට පැන්නා...ඔව් ඔව් ඉතින් මං කල් ඉල්ලුවේ එකපාර බෑ කියන්න බැරිකමටනෙ..එන්න කලින් යාලුකම් නැති කරන්න එපා කියලා..මාව හොඳටම හිර කරලා..දැන් කියනව කල් ඉල්ලුවේ ලැජ්ජාවටලු...මට ඉතිම් අපෙ අම්මා එක්කත් යකා නගිනවා..

"ඔව් නංගි...අපි එහෙනම් යන්නම්..සනත් අපි යනවා එහෙනම් ඉක්මනටම අපි මස්සිනාලා වෙමු.."

පහන්ගෙ තාත්තා එහෙම කියල අපෙ තාත්තව වැළඳගත්තා..මෙයාලා හිතින් මස්සිනාලා වෙලා ඉවරයි..හීනෙන් තමයි ඉතිම් ඔව්වා... පහන්ගෙ අම්ම තාත්තට මම ද පහන් මගෙ අම්ම තාත්තට ද වැඳ සමු දී ඔවුන් කාර් එකට නැගගත් සැනින් මම කාමරයට දිව්වෙ වොශ් එකක් දාගෙන මගේ සුපුරැදු ෂෝටයි බ්ලවුස් එකයි දාගන්න....
.............................................................................

"දුව..කොහොමද පහන් පුතා..හොඳට හැදිච්ච ළමෙක්..මටනම් දැක්ක ගමන් අාදරේ හිතුණා.."

රාත්‍රී කම මේසෙත් ඉතින් පහන් තමයි..දැක්ක ගමන් එයාලට අාදරේ හිතිලා...මටනම් හිතුණෙ මූනට දෙකක් අනින්න..මාව බේරගත්තනෙ...එ්ක නිසා හිටිය පාඩුවේ..

"අනේ අම්මලගෙ අාදරේ..බලන්නකො හරියකට මූණ බලලා කතා කරන්නෑ ප්‍රශ්න දහයක් අැහුවොත් පහකටම උත්තර බස්සා වගේ හ්ම්ම් ගාලා...කෙල්ලෙක්ට අන්තයි..."

"හරි ඉතිං එ්ක එ් ළමයගෙ හැදියාව..ඔයානෙ කොල්ලෙක් වගේ හැදිලා ඉන්නෙ..එ්කත් කොල්ලෙක්ට අන්තයි දිදූ ඔයාගෙ වැඩ..ඕවා දැන් නතර කරලා තැන්පත් වෙන්න බලන්න...බලන්න පහන් ළමයගෙ අම්මා කොච්චර අාදරේ ද කියලා ඔයාට.. හැම නැන්දම්මම ඔහොම නෑ..ඕක ඔයාගෙ වාසනාව..."

අම්මා දිගටම වර්ණනාව කියන් ගියා..

"හැම නැන්දම්ම ම ඔහොම තමයි බඳිනකම් ඊට පස්සෙ තමා වැඩේ බලන්න ඕන...අනික දැන් අම්මලට පහන් පහන් ළමයා වුනා ද..යස ළමාකම එ්ක..නලවන්නෙපැයි.. "

මම අම්මට දොස් කිව්වෙ එයාලා ඕනිවට වඩා බලාපොරොත්තු තියාගෙන..

දිදූ නවත්තගන්නව තමුසෙගෙ කියවිල්ල..දැන් හොඳටම අැති තමුන්ගෙ නාඩගම්...තමුන් කියන හැම එකම අපි බලන් ඉන්න ඕනද..මේ කීවෙනි මනමාලයද අා..අපිත් පාරෙ බැහැල යන්න ඕනි..මිනිස්සුන්ට මූණ දෙන්න ඕනි..අපිටත් හුස්මක් ගන්න ඕනි..හැමදාම මේ බර ඔළුවෙ තියන් ඉන්න පුළුවන්ද අපිට අා..නිදහසේ මැරෙන්නවත් නෑ තමුන්ගෙ වැඩ නිසා..අැති මේ හොඳටම අැති.. තමුන්ගෙ හිතුවක්කාරකම් බැලුවා අපි..අාදරෙන් කිව්වනෙ මෙච්චරකල්..දැන් කියන්නෙ
මෙහෙම අපි කියන විදියට වැඩ කරනවා...පහන් මේකට කැමති වුනොත් තමුන් පහන්ව බඳිනවා එච්චරයි.."

කවමදාවත් නැතුව තාත්තා නපුරැ වෙලා අද මට..එයා එච්චර සද්දෙන් කතා කලාමයි මට..මම ගැස්සිලා නැගිට්ටුණා..හිමින් ඉකි බිඳෙන්න ගත්තා..මොකද තාත්තා මට මෙහෙම සැර කරන්නැති නිසා..

"තා...ත්..තෙ...ඔ..යා...ට.. මා....ව.. බරක් ද.?..කිව්ව නම් මං..මුහුදට පැනලා මැරෙනවා..මට මැරි කරන්න හිතෙන්නෙ නැත්තම් කා ගැනවත් අාදරයක් දැනෙන්නෙ නැත්තම් මැරෙන්නද කියන්නෙ"

මට එච්චරයි කියාගන්න ලැබුණෙ...මහ හයියෙන් අැඬුනා මට...අතින් කට වහන් අඩියට දෙකට කාමරයට ගිහින් දොර වහගත්තෙ රෑ කෑමත් නොගෙන... එදා එළිවෙනකම් මම අැඬුවා හොඳටම... තාත්තගෙ වචන මගෙ පපුවට පිහියෙන් අැන්නා වගේ දැනුනෙ..කාර් එක ස්ටාර්ට් කරනවා අැහුනම මම දැනගත්තා තාත්තා වැඩට ගිය බව...එයා යනකම් ඉඳලා පහළට අාවේ තාත්තගෙ මූණ බලන්න ලැජ්ජාවකුත් එක්ක බයකුත් ලොකු දුකකුත් දැණුනු නිසා...

"මොකද දූ මේ..ඔයාගෙ වැඩ නිසා තාත්තට හොඳටම කේන්ති ගියා..ඊට වඩා ඔයාගෙ කට..කට දැන් සංවර කරගන්න බබා...ඔයාට කෑගැහුවට තාත්තට පුදුම දුකයි..අද උදෙත් වැඩට යන්න කලින් කාමරේ ළඟට අැවිත් දොරට අතත් තියලා අවදි නොකර ගියේ..එයාට බයයි ඔයා ගැන..තේරැම් ගන්න.."

කුස්සියට යද්දිම අම්ම කියන්න ගත්තෙ තාත්තා ගැන...මටත් දුක හිතුණා එවලෙනම් එයා ගැන..එ්ත් මම මෙච්චර විවාහෙකට අකමැති අැයි කියලා මම දන්නෑ... දැන් හැමදෙයක්ම තියෙන්නෙ පහන්ගෙ අතේ..එයා මේ කසාදෙට අකමැති වුනොත් මම නිකම්ම බේරෙනවා...එයා කැමති වුනොත් නම් මට එයාව මැරි කරන්නම වෙනව..හැමදේම තියෙන්නෙ පහන්ගෙ තීරණේ මත...එයා මගෙ මූණටම කිව්වා..මාවනම් බඳින්නෙ නෑ කියලා..එ්
නිසා ලොකු බයකුත් නෑ..එයා මට අකමැති වෙනවා..හේතුවක් හදාගනී ඉක්මනටම..මම හිටියෙ ටෙන්ශන් එකක් නොගෙන...
තාත්තව මේ විදියට මග හරිමින් දවස් දෙක තුනක් ගත කලා..මූණ බලන්න බයටම..

.....ගෙදර ලෑන්ඩ් ෆෝන් එක නාද වෙනව අැහුණා..අම්ම ෆෝන් එක් ගද්දි මම කාමරේ හිටියත් වැඩ නවත්තලා කෝල් එක අහන් ඉන්නෙ කවදත් මම එහෙම කරන නිසයි..

"දුව..දිදූ මෙහෙ එන්න..මේ පහන් පුතාගෙ ගෙදරින් කතා කරනවා..."

අම්ම මට කතා කරද්දි මම තිගැස්සුනේ කෝල් එක පහන්ගෙ ගෙදරින් නිසයි...මගෙ හෘද ස්පන්දනය වැඩි වුනේ පහන්ගෙ තීරණෙ මොකක් වෙයිද කියලයි..ඊටත් වඩා එයා මට අකමැති වෙන්න මම එදා බීච් එකේ දි එයාට බැනපු එක ගෙදර අයට කියලද කියලත් සැකයි...මම හෙමින් අාලින්දෙට අාවෙ බයෙන් සහ ලාෙකු දෙගිඩියාවකින්....
.............................................................................


*කතාවෙ හයවෙනි පරිච්ඡේදයත් එ් විදියට නිමා වෙනව...දිදුත්, අම්මත්, තාත්තත් බලන් ඉඳපු පහන්ගෙ ගෙදර කෝල් එක අාවා..පහන් දිදූට කැමති වෙලාවත් ද..නැත්තම් දිදූ එදා බීච් එකේදි පහන්ට කරපු දේ පහන් ගෙදර අයට කියලද..මොකද පහන් දිදූව බඳින්න කැමති නෑ..කියන්න තියෙන එකම වැරැද්දත් බීච් සිද්ධිය...දිදූට මුහුදට තියෙන අාදරේ අතහරින්න වෙයිද...අපි බලමු..හත්වෙනි කොටස අරන් ඉක්මනටම එන්නම්...කතාව ගැන ඔයාලගෙ වටින අදහස් කමෙන්ට් කරන් යන්න...ඉක්මනට එන්නම්....රැදෙන්න දිගටම කතා පියස අපි සමඟම..*

                                                             දෝණි                                                     (උපුටාගැනීම තහනම්)


No comments:

Post a Comment