සයුරු පෙම ( නව කථාවකි )
........*සිව්වැනි කොටස*........
"දිදූ නැගිටින්න පුතේ...අනේ මට මේ වැඩවලට උදව් කරන්න...උයාගන්නත් තියෙනවා..ගේත් පොඩ්ඩක් අස් පස් කරගන්න තියෙනවා...කෝ..නැගිටින්න...."
පුරුදු විදියටම අම්මගෙ එලාම් එක වදින්න ගත්තා...කම්මැලිකම නිසාම ඇඳේ එ් මේ අත පෙරලී වෙලාව බැලුවේ වටපිටාව තාමත් අදුරැ ව තිබූ නිසයි...
"අනේ අම්මා තාම පාන්දර 6.15 යි...මෙච්චර උදේම මොකටද.."
එක අැහැක් වහගෙනම මං අම්මගෙන් ප්‍රශ්නකලා...
"අර කට්ටිය උදේ 10 වෙද්දි එනව කිව්වා..එයලට අාවම කූල් ඩ්‍රින්ක්ස් දෙන්න ඕන...කේක් එකකුත් ගෙනාවා...එයල අාවම උය උය ඉන්න බෑනෙ...ඉවර කරන්න ඕන ගේ පෙඩ්ඩක් සුද්ද කරන්නත් ඕන වැඩ කෝටියයි බබා..නැගිටින්න නැගිටලා මට මේ වැඩ වලට උදව් වෙන්න..."
අම්ම හුස්මක් නොගෙනම වැඩටික කියාගෙන ගියා...මට දුක එන්න ඉන්න කාෙල්ලට මං නිසා කෙල්ලො එපාවෙයිද කියලා...
"ඇයි එ් මිනිස්සු එච්චර උදෙන් එන්නෙ..එයාලට වෙන වැඩක් ඇත්තෙම නැද්ද අයියෝ...මොන වදයක්ද මේ නිදාගන්න නෑනෙ..ඕ..ශිට්..."
මට කේන්ති ගියේ මේ මිනිස්සු එච්චර උදෙන් එනව කිව්ව නිසයි...
"තාත්තාගෙ යාලුවෙක්නෙ..ටිකක් කතා කරන්න එක්ක එන්නෙ එයාලගෙ විස්තර අැතිනෙ ඉතිං කාලෙකින්නෙ හම්බෙන්නෙ..අනික ඔයාට පහන් පුතා එක්ක ටිකක් වැඩිපුර කතා කරන්න පුලුවන්නෙ.."
"පහන්...? මාව බලන්න එන මනමාලයගෙ නම පහන් ද.? දන්නෙත් දැන්...අැයි දන් නෑ පහන් කියලා
නමක් තිබ්බෙ..තියන්න තිබ්බෙ ලන්තෑරැම කියල...මෙච්චර උදෙන් මනමාලියො බලන්න එන්නෙ.."
"වහගන්නවා කට ඔය වගෙ කතා කියන්නෙපා එ් මිනිස්සුන්ට අැහෙන්න නම්..නැත්තම් එ් ළමයටත් ඔයාව එපාවෙයි... අනිත් අාපු යෝජනා වගේ මේකත් කැඩෙයි.. තව දෙයක්..ඒ ළමයගෙ තාත්තා ඔයාගෙ තාත්තගෙ හොඳම යාලුවෙක්...ඕන නැති වැඩක් කරලා එයාලගෙ යාලුකමත් නැති කරනව එහෙම නෙවෙයි..."
එක දිගටම අම්ම කියාගෙන ගියේ 17 වතාවක අත්දැකීමෙන්...දැන් එ් පාර කොල්ලට මාව එපා කරවන්නත් ඕන..තාත්තලගෙ යාලුකම් රකින්නත් ඕන...මාර කේස් එකක් මේක..
දෙලොවක් අතර අතරමං වී කල්පනා කරන ගමන් අන්තිමට අම්මගෙ වැඩවලටත් උදව් වෙන්න වුණා...
"දැන් වෙලාවත් කිට්ටු වීගෙන එන්නෙ..උයලත් ඉවරනෙ...මගෙ දූ දැන් ගිහින් ලස්සනට ලෑස්ති වෙන්න..කුමාරිකාවක් වගේ..."
අම්මා එහෙම කිව්වෙ ගොඩක් ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ඨ වෙන්න යනව වගෙයි...
"අනේ අම්මා මට නම් බෑ සාරි පටලවන් ඉන්න දවසම...ගවුමක් අඳින්නම්..."
කියන්නත් කලින් මං සාරිය ප්‍රතික්ෂේප කලේ 17 වතාවක අත්දැකීම නිසාමයි....
"හරි හරි තාත්තගෙ යාලුවෙක්ගෙ පුතෙක්නෙ එ් නිසා ඔයාගෙ අර ලා රෝස පාට දිග සායයි අත දිගට දාපු බ්ලව්ස් එකයි අඳින්න...ජුවලරිස් සේරම දාගන්න...යන්න ඉක්මනට ලෑස්ති වෙන්න..."
අම්ම මාව සාරි අඳින එකෙන් නිදහස් කරපු එකනම් ලොකු දෙයක්...
කිව්ව විදියටම ඇඳුම දාගෙන ජුවලරි එහෙමත් දාගෙන කොන්ඩෙ පීරලා කඩා හැලෙන්න නෝර්මල් දාගෙන බලද්දි ලොකු චාම් බවක් මගෙන් මම ම දැක්කා...
"ෂාහ්...හිතුවට වඩා මම ලස්සනයිනෙ මෙහෙම..."
මම මටම කියාගත්තා...එ් වැඩේ නම් හරි දැන් හිතන්න ඕනි තාත්තලගෙ යාලුකම් කඩන්නැතුව මේ පහන් ට මාව එපාවෙන විදියෙ දෙයක් කරන්න...මේ පාරනම් ලොකු අමාරැවක වැටුණෙ...කාමරය එ් මේ අත ගියේ කරන්න ප්ලෑන් එකක් කල්පනා කරමින්....
"දිදූ ඔයා ලෑස්තිද අන්න කට්ටිය අාවා...අද මගෙ කෙල්ල සුරංගනාවක් වගේ..අැස්වහක් වදින්නෑ මගෙ කෙල්ලට..."
මාව දැක්ක ගමන් අම්මට කාමරයට අාපු කාරණාවත් අමතක වුණා...
"හරි දැන් යමු කට්ටිය පහළ බලන් ඉන්නවා ඔයා එනකං...මේ බුලත් හෙප්පුව ගන්න අතට...මුකුත් නොසන්ඩාල වැඩක් නොකර ඉන්න වග බලාගන්න..."
පහළට යන්න කලින් අම්මා අායෙ වතාවක් එ් ගැන මතක් කලේ මාව එ් තරම් විශ්වාස නිසාවෙනි...
තරප්පු පෙළ දිගේ බිම බලාගෙනම අම්මා එක්ක පහළට බැස්සෙ අාපු මනමාලයා කවුද කියලවත් බලන්න උවමනාවක් නොතිබූ නිසාවෙන්...
"කෝ හෙප්පුව අල්ලන්න දූ බලන්න මේ ඉන්නෙ පහන්..."
කොච්චර වුනත් එ් පහන මොන වගේද බලන්න ඕන කමක් මගෙ හිතට අාවා..එ් නිසාම හෙප්පුව අල්ලන ගමන් මූණ දිහා බැලුණා...
අාහ්..දෙයියනේ...මේ පහන්....මේ අ..ර බීච් එකේදී මම සද්දෙ දාපු මාව මුහුදෙ ගිලෙද්දි බේරගෙන තැන්ක් කරන්නත් කලින් ගියපු ගොඩේ අහංකාරයා නේද...මගෙ මුලු ඇඟම සීතල වුනා...දාඩියකුත් දැම්මා..තව පාෙඩ්ඩෙන් බුලත් හෙප්පුව කොල්ලගෙ ඔඩාෙක්කුව උඩ...පහන්ටත් බුලත් කොලයක් ගන්න අමතක වෙලා තුශ්නිම්භූත වෙලා මං දිහා බලන් හිටියා...මෑන්ට මාව දැක්ක ගමන් එපාවෙන්නැති... වස ලැජ්ජාවයි මහ අැමතිගෙ දුව කියලත් කිව්වා..මොනව හිතනවද මන්ද මූණ දෙන්නත් ලැජ්ජයි..මේකට මාව දැක්ක ගමන් මතක් වෙන්නැති ඊයෙ මහ අැමතිගෙ දුව අද බෑන්ක් මැනේජර්ගෙ දුව වෙලා කියලා...වස නෝන්ඩිය වුණේ මට...
"මේ මොකද ඔයාලා දෙන්න බය වෙලා වගේ බලන් ඉන්නෙ මීට කලින් දෙන්න මුණ ගැහුණද.."
පහන්ගෙ තාත්තාගෙ ප්‍රශ්නෙන් අපි දෙන්නම පියවි සිහියට අාවා...
"අා...න්...නෑ නෑ..අංකල් අපි හම්බෙලා නෑ..."
පහන් එදා බීච් එකේදී වෙච්ච දේවල් කියන්න කලින් මං ඉස්සර වුනේ එ් දේවල් අපෙ අම්මයි තාත්තයි දැනගත්තොත් මට මුහුද දිහා බලන්නවත් නොදෙයි කියල බයටයි...පහන් මගේ දිහා බලන් හිටියෙ ගාෙඩක් තරහෙන්..කොච්චර කිව්වත් මං අද ජීවත් වෙන්නෙ මේ මනුස්සා නිසා...මුකුත් කරලත් බෑ..කොහොමත් මෙයා මාව රිජෙක්ට් කරනවා එ්ක ෂුවර්...කවුද කැමති මැරයෙක් වගේ කෙල්ලෙක් බඳින්න...එ්කත් මේ වගේ උගත් කෙනෙක්...
කොච්චර කිව්වත් එදා බීච් එකේ ගොඩෙක් වගේ හිටියට අදනම් හැන්ඩියට ඇඳලා..ගොඩේ පෙනුමක් නෑ..මට අදුරගන්නත් බැරි වුනා දැක්ක හැටියෙම..
"පුතා මේ දවස්වල මොනවද කරන්නෙ...වැඩ එහෙම වැඩිද..?"
අපේ තාත්තා පහන්ගෙන් ප්‍රශ්න කරන්න ගත්තා...
"ඔව් අංකල් මේ දවස්වල ටිකක් විතර බිසී..."
පහන් පිළිතුරැ දුන්නෙ කෙටියෙන්...එ් අතරතුර අම්මා සංග්‍රහයක් ලෑස්ති කරල තිබුණා...
"මේ බොන්න..ලාෙකුවට දෙයක් නම් ලෑස්ති කරන්න බැරිවුනා හදිස්සියෙනෙ ගමන දාගත්තෙ..."
අම්මා පැමිණ සිටි අාගන්තුකයන්ට එහෙම කිව්වේ සංග්‍රහය තමන්ගෙ හිතට මදිව දැණුනු නිසා වෙන්නැති...
"අනේ නෑ නංගි...මේත් හොඳ වැඩී..කල්තියා කියල අාවෙ නෑනෙ..අනික අපි අදුරන්නැති අය නෙවෙයිනෙ...එ්ක නෙවෙයි නංගි..දූ දැන් ගොඩක් ලොකුවෙලා...ලස්සන වෙලා..."
පහන්ගෙ අම්මා මං ගැන වර්ණනා කරද්දි අාඩම්බරයක් දැනුනා තමයි...එ්ත් මේ මිනිස්සු මං දැන් ලොකුයි කියන්නෙ අැයි තාම මම දණ ගානවා කියල හිතන් ද දන්නෑ අාවේ...මට අහන්නත් හිතයි මූණටම...කොහෙද බෑනෙ...තාත්තගෙ යාලුවෙක්නෙ...එ්කත් මේ මෝඩයා බීච් සීන් එක දිගෑරියොත් ලෙඩ ගොඩයි...එ් ගැන හිතලා මම පාඩුවේ හිටියා...
එයාලගෙ අාගිය විස්තර දිගන් දිගමට කතා වෙද්දි මට නම් මහ කංකරච්චලයක් වගෙයි දැනුනෙ...වෙච්ච දේවලුත් එක්ක පහන්ගෙ මූණ දිහා බලන්නත් ලැජ්ජාවෙන් හිටියෙ....
පහන් මං දිහා බැලුවෙත් කේන්තියෙන් පිළිකුලෙන් වගේ....
"හැටි විතරක් පොඩි වෙච්ච දෙහි ළෙල්ලක් වගේ මූණ..දැල්ල ගෙදර තියලද කොහෙද අැවිල්ලා තියෙන්න මහලොකු ඉන්ජිනිය පහන..."
මං හිටියෙ හිතින් බැන බැන...
"බලන්න සනත් අපේ ළමයි ලොකු වෙච්ච ඉක්මන...දුව නම් පොඩි කාලෙ තරම් දැන් දඟ නෑ හරිම චාම් වගේ පේන්නෙ...අද නම් සිරියාවයි පෙනුම..."
පහන්ගෙ තාත්තා මාව වර්ණනා කරද්දි අපෙ අම්මා තාත්තා වුනත් හුඟක් දේවල් තමන්ගෙම හිතින් කියව ගන්නැති..ඊටත් වඩා මට හිතා ගන්න බැරි තමන්ගෙ තාත්තා අැදන් ඉන්න අැදුමෙන් මාව වර්ණනා කරද්දි මං ගැන කලින්ම දැනගත් පහන් මොනවා හිතනව අැද්ද කියලා..සමහරවිට හිතින් බනිනව අැති...යස සිරියාව...ඊයෙ බීච් එකට අාවනම් සිරියාව ඉතිරෙන හැටි බලාගන්න තිබුණා කියලා...හිහ්...පව් අසරණයා කියාගන්න බැරැව ඉන්නෙ මගෙ සිරියාව ගැන...
"හරි දැන් අපි ගොඩක් දේවල් කතා කලානෙ මේ දෙන්නට චාන්ස් එකක් දෙමු කතා කරලා පොඩ්ඩක් දැන අඳුනගන්න.."
පහන්ගෙ අම්ම අපූරැ යෝජනාවක් කලා..අපි දෙන්නම ගල් ගිලලා වගේ හිටියෙ..තවත් ඉතිම් මොනව දැන අඳුනගන්නද...කාඩ් කුඩුනෙ..ඔව්ව ඉතිම් පහන්ගෙ අම්මල දන්න එකක්යැ...මට පුදුම පහනුත් ඊයෙ සිද්ධිය තාමත් හැමෝම ඉස්සරහ නොකියන්නෙ අැයි කියල..පුදුම ගුප්ත මනුස්සෙක් මට හිතාගන්න බෑ මේ මනුස්සයා ගැනනම්..මොනව හිතන් ඉන්නවද කියලා...
"ඔව් ඔව්...එළියෙ කොන්ක්‍රීට් බංකුව උඩට ගිහින් දෙන්න එක්ක කතා කරල එන්න..දුව...ඔයාලා කතාවෙලා තීරණේ කරන්නකො..."
අපෙ අම්මත් යෝජනාව තහවුරැ කලා..
අපෙ අම්මටත් පිස්සුද දන්නෑ මේ මෝඩයා එක්ක මාව එළියට යවන්න.. පේන්නැද්ද ගාෙඩෙක් කියලා..මට කියාගන්න දෙයක් නැතුව හිටියෙ..
"දිදූ පොඩ්ඩක් මෙහෙට එන්න.."
අම්මා මට පැත්තකට අඬගැහුවා..
"දෙන්න එක්ක එළියට ගිහින් කතා කරන්න..කොල්ලා හොඳට හැදිච්ච උගත් කාෙල්ලෙක්..අනික තාත්තලා යාලුවො..එ් නිසා කලින් අයට කලා වගේ නොසන්ඩාල
වැඩ නොකර ඉන්න..ඊයෙම කිව්වනෙ මං.."
අම්ම මගෙ කනට කරල රහසින් කිව්වෙ අනිත් අයට අැහෙයි කියලා බයටයි.. අම්ම ඉතින් මන්තරයක් ජප කරනවා වගේ කීවෙනි වතාවටද ඕක මට කිව්වෙ මට අහන් ඉදලම අැති වෙලා හිටියෙ...
"හරි හරි අම්මා..මං මුකුත් කරන්නෑ..තාත්තත් කොහෙන් හාෙයාගන්නවද මන්ද මොංගල් වගේ ඉන්න කාෙල්ලො..ඉගෙන ගත්තට මොකද තනි ගොඩේ.."
"හා හා ඔයවගේ කතා එ් ළමයට අැහෙන්න එහෙම කියනව නෙවෙයි.."
අම්මා මගේ කට වැස්සුවේ මාව බලෙන් වගේ පහන් ගාවට එක්ක යන ගමන්..මං මොනව කතා කරන්නද මේ මෝඩයා එක්ක...
පහනුත් හැම දෙයක්ම දැනගෙනත් මාත් එක්ක තනියම කතා කරන්න එකඟ වුණේ වෙනත් කරන්නට දෙයක් නාෙතිබුණු නිසා වෙන්නැති......අපි දෙන්නා එළියෙ කොන්ක්‍රීට් බංකුව ගාවට ගියේ මීට පෙර හමු නොවුනු අය ලෙසයි.........
.............................................................................
*කතාවෙ හතරවෙනි කොටසත් අරං අාවා...දැන් දිදුලි යි පහනුයි තනියම එළියට ගිහිං මොනවා කතා කරයිද...කෙල්ල ගැන කොල්ලා කලින්ම දැනගත්ත නිසා පහන් දිදූට මොනව කියයිද...දිදූ පහන්ට මොන වගේ ට්‍රීට් එකක් දෙයිද...කලින් අයට කලා වගේ පිසු්සු වැඩක් කරයිද පහන්ටත්..අපි බලමු පස්වෙනි කොටස අරන් ඉක්මනටම එන්නම්...දඟකාර දිදූගෙ ජීවිතේ ට පහන් අාලෝකයක් වෙයිද කියලා...
කතාව කියවලා ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන් යන්න..අඩුපාඩුනම් අැති...හමුවෙමු පස්වන කොටසින් ඉක්මනටම....රැදෙන්න කතා පියස අපි සමඟ ම.....*
දෝණි (උපුටාගැනීම තහනම්)
No comments:
Post a Comment