Pages

Monday, May 18, 2020




       සයුරු පෙම ( නව කථාවකි )


        ........*දහතුන් වන කොටස*........


එළියට ආවත් එන්න එන්නම සීතල වැඩි වෙනවා... දැන්නම් සුළඟත් සැරටම හමන්න අරන්... මම හිටියටත් වඩා තවත් වේගෙන් ගැහෙන්න උනා... හිතේ ලොකු බයක් දැනෙන්නත් උනා... සියල්ල ඉවසාගෙන දරාගෙන හිටියේ මගෙ හිත එතරම්ම හයිය නිසයි... අහස කළු කරගෙන එක තරැවක්වත් නැති නිසා අද වහින්නත් වගේ මම කල්පනා කළේ අහස දිහා බලමින්... අනේ දෙවියනේ වහින්න නම් එපා... මම හිතින් ප්‍රාර්ථනා කලේ වහීදෝ කියලා බය හිතුණු නිසයි...
ඒත් දෙවියො අද මගෙ ඉල්ලීමට කන් නොදී වැහි පොද එක දෙක වට්ටන්න ගත්තේ මට සමච්චල් කරමින් වගෙයි...වැස්ස එන්න එන්නම සැර වෙද්දි මම කකුල් දෙක බංකුව උඩට අරන් දනිස් දෙකට ඔළුව තියාගත්තා... වැස්සට හොඳටම තෙමෙන මම හීතලේ වෙව්ලන්න ගත්තේ මින් පෙර කිසිමදාක මෙහෙම දෙයක් නොවූ අන්දමින්... උඩු තොලෙන් යටි තොල හපාගත් මම ගුලි වී බංකුව උඩ ඉන්නවමයි කියා තීරණය කලා...

"හරි හපන්කම නේද.. සීතලේ ගැහි ගැහි වැස්සෙ තෙමි තෙමී ඉන්න එක.."

පහන්ගේ කතාවට මම ඔළුව උස්සලා බැලුවේ ගැහෙද්දිමයි....

"කවුද ඔයාට මෙහෙම කරන්න කිව්වෙ ආ.. තෙමෙන්නද ආස.. මොකක් හරි වුනානම් කවුද වගකියන්නෙ.."

පහනුත් වැස්සෙම බංකුව උඩින් වාඩි වුනේ මම තෙමි තෙමී මහ රෑ එළියෙ ඉන්න එකට කේන්තියෙන්..

"ඔ..යා.. ම...ට.. කා...ම...ර...යෙ..න්... ය..න්... කි...ව්..?"

සීතලට වේලන දෙතෙලින් මම එහෙම කියද්දි පහන් මගෙ දිහාම බලන් හිටියා...

"කියෝපු නිසා කාමරයෙන් එළියට යන්න කියලනෙ කිව්වෙ.. මහ රෑ කාටත් හොරෙන් ගෙයින් එළියට යන්න කිව්වෙ නෑනෙ... තව කාමර කොච්චර තියනවද එයින් එකක ඉන්න තිබ්බනෙ.."

පහන් එහෙම කියද්දි නම් මට ටිකක් කේන්ති ගියා... මම කොහොමත් කේන්ති ගිය ගමන්මනෙ ඉන්නෙ...

"මොකටද පහන් ඒ.. මටත් අයිති ඒ කාමරේ.. ඒකෙන් එලියට යන්න කිව්වම ගෙයින් ම යන්න කිව්ව වගේ තමයි.. අනික අද කාමරෙන් යන්න කිව්වා.. හෙට කොහොමත් කියයි ගෙයින් එළයට යන්න කියලා... අනිද්දට කියයි මට මේ කසාදෙ එපා මා ශෂී ඕනි අපි ඩිවෝස් වෙමු ඔයා ඔයාගෙ අම්මලගෙ දිහා යන්න කියලා.. කොහොමත් අපේ කතාව කොල කෑල්ලක ලියවුණු එකක් විතරනෙ.. ඔයා ගෙදර අයගෙ කීමට කොලේකට අත්සන් කලා..හෙට ගෙදර අයත් ශෂීට කැමති වුනාම ඒ කොලෙත් ඔයාම කටුගාලි දායි... ඔය ටික කරගන්න උවමනා නෑ පහන්... ඔයාගෙ ලෝකෙ, ඔයාගෙ හදවතේ කොනකවත් මම නෑ.. නමට බිරිඳක් විතරයි...මට ඕනි නෑ ඔයාගෙ ආදරේ... අඩුම තරමෙ එපාවුනාම අහක දාන්නයි පව් කියලා හිතුනම ලඟ ඉන්නයි එපා.. මට ඔයාගෙ අනුකම්පාව ඕනි කරන්නෙ නෑ.. අපි මේ කතාව ඉවර කරමු.. මම හෙට බස් එකේ ගෙදර යනවා.. ඊට පස්සෙ ඩිවෝස් වෙමු.. ශෂී දැන් ඉන්නෙ කසාදෙ කැඩිලනෙ.. කොහොමත් ඔයාගෙ අදටත් ආදරේ එයානෙ.. දෙලාෙවක් අතර ඉන්නෙපා පහන්.. ඔයා එයා ගාවට යන්න.. මාව මේ කඩදාසියෙන් නිදහස් කරලා.."

මම පහන්ට හීතලෙ ගැහි ගැහී මගේ හිතේ තිබ්බ සේරම කියලා දැම්මා.. ඩිවෝස් වෙමු කිව්වට මට ඒක කියද්දිත් ඇතිවුනේ මහා ලොකු දුකක්..හීතලට වඩා මගෙ පපුව දුක නිසාම වේගෙන් ගැහෙන්න වුනා...
පහන් මගෙ ලඟටම ගොඩක් ලංවෙලා මගෙ කොන්දට අතක් යවලා එයාගෙ පපවුට සාව හේත්තු කරගත්තා... නොහිතපු විදියට... මම දිගටම කියන් යද්දි නිහඬව ම ඒ හැමදේම අහන් හිටපු පහන් ගැහෙන මාව තදින් තුරැලු කරන් කතා කරන්න ගත්තා...පහන්ට මම කිව්ව ටික සැරටම දැනිල වගේ..

"සොරි දිදුලි... මම ඔයාට කෑගැහුවෙ කාමරෙන් එළියට යන්න කිව්වෙ ඔයා  ඉවරයක් නැතුවම කියවපු නිසා.. ඔයා මෙහෙම ඉන්නවා දකිද්දි මට ඉවසන්න බැරිවුනා... ලොකු දුකක් අැති වුනා... පපුව හොඳටම ගැහෙනව නේද.. මාව ඩිවෝස් කරලා ඉන්න පුළුවන්ද... ශෂී වගේ ඔයත් යනවද මාව දාලා..."

කවදාවත් නැතුව පහන් දුකින් මගෙන් දාලා යනවද ඇහුවා.. එ්කත් එයාගෙ ඔළුව මගෙ ඔළුවට බර කරමින්...
මගෙ ගැහි ගැහි තිබුණ පපුව ඉකිබිඳින්න ගත්තේ එතකොටයි...

"සොරි කිව්වනෙ... අඬන්නෙ මොකද.. ඔයාට මම නිසා දුක නම් අපි ඩිවෝස් වෙමු.. අහන්න දිදුලි.. මට තේරෙනවා එවලෙ ඔයා මගෙ මූඩ් හදන්න ට්‍රයි කලේ කියල.. කවදත් මම මගෙ හිත හදාගත්තෙ කල්පනා කරලමයි.. ඔයා කියන කතාව හරි.. මට ශෂීට ආදරේට වඩා තිබිල තියෙන්න මායාවක්.. මම නිකම් ඒක පස්සෙ එදා  ඉදන්ම දුවල තේරැමක් නැතුව.. ඇත්තටම ආදරේ කියන්නෙ මම ශෂීට වත් ශෂිනි මට දීපු ආදරේවත් නෙවෙයි.. එතන පාලුව මකා ගැනීම, තනිකම නැති කර ගැනීම.. තමයි වැඩිපුරම තිබුණෙ.. මම එයාගෙ අහිංසක කමටයි වශී වෙලා තියෙන්නෙ.. ඒත් ඒ අහිංසකකම ම මට පාඩමක් ඉගැන්නුවා..මම තාමත් ඇයි එයා ගැන හිතන්නෙ කියන දේ විතරයි නොතේරෙන්නෙ.. ඒත් මට ආපහු එයා එක්ක එකතුවෙන්න හිතක් ඇතිවෙන්නෙ නෑ.. මම එයාට ඇත්තටම ආදරේනම් දැන් එයා ආපහු ඇවිල්ල ඉද්දි මට එයා ගාවට යන්න හිත නොදෙන මොකක්ද හැඟීමක් තියෙනව හිතේ.. මම කල්පනා කලේ ඒ ගැන.."

පහන් එයාගෙ එක අතක් මගෙ පපුව උඩින් තිව්වා නොහිතපු විදියට.. පපුව තද කරන්  අත තියාගෙන එයා මගෙ හදගැස්ම අඩු කලා ගොඩක් ම.. 

"ඔයා එදා ඉදන්ම ආදරේ කලේ චාම් කෙල්ලෙක්ට.. ඒ්ත් මම ඒම නෑ.. මට මලමිනී වගෙ කොල්ලෙක් හරියන්නෙ නෑ.. දන්නවද පහන්.. අපි නුවර එන්න කලින් බීච් ගිය දවසෙ, නුවර එද්දි හෙටෙල් එකේ සිද්ධියෙන්, ආපහු ඉල්ලන්නෙත් නැතුව කෑම ගෙනත් දීපු එකෙන්, මම සපත්තු දාගෙන ශීට් එකක් පෙරවන්නැතුව නිදාගත්ත වෙලේ මය දන්නවා ඔයයි මගෙ shose ගලවල ශීට් එකත් පෙරවලා තිබ්බෙ.. ඒ දේවල් කරද්දි නම් මට පුදුමාකාර සතුටක් ඇතිවුනා... ඇයිද කියන්න මම දන්නෑ..ඒත් මම ආස මම වගේ කෑගහලා දගලලා, හැමවෙලේම මූණ එල්ලන් ඉන්නැතුව හිනාවෙලා ඉන්න අයට.. මම කොළඹ කෙල්ලෙක්, ඔයා නුවර කොල්ලෙක් ඒක වෙන්නැති අපේ වෙනස..ඔයා ආස චාම් කමට..  ඒත් මම කරන්නෙ කොල්ලො කරනවට වඩා අන්ත වැඩ.. ඒකයි අපේ වෙනස.."

ඇස්වලින් කඳුලු පුරවන් මම අපි ගැන දීර්ඝ විස්තරයක් කලා.. පහන්ට තුරැලු වෙලාම.. මේ විදියට ඉන්න මගෙ හිත ආස කලා.. ඒත් මගෙ හිතේ ඇතිවුන අවුල ඒ අාසාව යටපත් කලා...

"තුන්වෙනි වතාව.. සොරි දිදූ.. මට තේරෙනව.. හැමදේම තේරැම් අරන් ඔයාව හොයෙගෙන ආවේ.. ගෙයි හැමතැනම බැලුවා.. මම එවලෙ කේන්තියෙන් කෑගහපු නිසා මට බය හිතුනා හිතුවක්කාරයිනෙ කොහොමත් මොකක් හරි කරගනී කියලා.. හිතුවා වගේම මහ රෑ වැස්සෙ එළියට වෙලා.. කෙල්ලෙක් නේද.. අඩුම තරමෙ යක්කුන්ටවත් බය නැද්ද.."

පහන් මගෙන් ප්‍රශ්න කලේ මම මේ රෑ එළියෙ ඉඳී කියලා පහන් නොහිතපු නිසා වෙන්නැති..
මම ඔළුව වැනුවෙ නෑ කියන උත්තරය දෙන්නයි..

"අහන්න දිදුලි.. කොච්චර නෑ කිව්වත් මම අාසයි ඔයා කරන විකාර වැඩ වලට.. හැමවෙලේම කච කච ගගා කියවද්දි, කේන්ති අරන් බනිද්දි  මම සීරියස් වෙලාවට ඔයා ඒක ජෝක් එකක් කරගනිද්දි, පුංචි කෙල්ලෙක් වගේ මුහුදෙ රැල්ල පාගද්දි මම නොකිව්වට ඒ දේවල්වලට අාසයි.. නැත්තම් මම ඔයාව මැරි කරන්නෙම නෑනෙ.. මට මේ ප්‍රෝසල් එක රිජෙක්ට් කරන්න මුල් ම දවසෙ බීච් සිද්ධියම ඇති.. ඒ්ත් දැන් මාව මැරි කරලා ඒ දඩබ්බරකම් ටිකක් අඩුවෙලා.. ඔයා ඉන්න විදිය හරි.. සැහැල්ලුවෙන්, සතුටෙන්.. ඔයාගෙ වැඩ දැකලම මාත් ඒ සැහැල්ලු ජීවිතේට අාස වෙලා.. මගෙ ලඟින් ඉන්න හැමදාම..."

පහන් දිගටම කියාගෙන ගිහින් අවසානයේ එයා ළඟ ම ඉන්න කියද්දි මම පුදුමෙන් වගේ ඔළුව උස්සලා එයා දිහා බැලුවා.. වැස්සට තෙමිලා කොණ්ඩෙන් වැටෙන වැහි බිංඳු මූණ දිගේ පහළට වැටෙද්දිත් පහන් ඇස් නොපියය ම මං දිහා බලන් හිටියා.. ඒ ඇස්වලින් කවදාවත් නැති බයක්, සෙනෙහසක් මම දැක්කා... 

"ඔයා තෙමිලා පහන්.. මමත් තෙමිලා.. ඔයානම් ලෙඩ උනාට කමක් නෑ මම ලෙඩ උනොත් මම පලිගන්නවා.. මාව එළියට දැම්මට.."

පහන්ගෙ බයෙන් පිරැණු ඇස්වලට පොඩි සතුටක් එනව මම දැක්කා..

"පිස්සියෙක්.. මම ලෙඩ වුනාට කමක් නෑ.. එයා ලෙඩ වුනොත් මගෙන් පලි ගන්නවලු.. මේ පලිගත්ත විදියට නැතුව මට ටොකු අැනලා පලිගත්තත් කමක් නෑ.."

පහනුත් දැන් ටිකක් මං වගේ.. මම කිව්ව කතාවට එයත් සෙකන්ඩ් වුනේ නෑනෙ.. මටත් හිනාගියා..

"වැස්සට තෙමුණම ඔයා තවත් ලස්සනයි.. ඔයා කිව්ව කතාව හරි.. මම ශෂීට ආදරේ කලේ මොනවටද.. දැනුයි තේරෙන්නෙ මම එයාගෙ  අහිංසක කමට විතරයි ආදරේ කලේ වෙන විශේෂයක් තිබිලම නෑ... ඒත් එ් අහිංසක කම අස්සෙ නපුරැ යක්ශනියක් ඉඳලා..එ්ත් හැමදේම රහසක් නැතුව කියවන, කේන්ති ගියාම ඉවසන්නැතුව රණ්ඩු කරන අව්‍යාජ කෙල්ලො හොඳයි.. මම ප්‍රොමිස් වෙනවා අාය මේ දේ වෙන්න තියන්නෙ නෑ.. ශෂී මගෙ අතීතෙ.. ඔයා තමයි වර්තමානය, අනාගතය, මගේ.. එ් නිසා මම මගෙ අතීතය කියන යතුරෙන් වර්තමාන, අනාගත දොර අරිනවා.. අාපස්සට යන්නෙ නෑ.. දැන් අඬන්නෙපා.. තෙමිලා හොඳට ම යමු ගෙට.."

පහන්ගෙ ඇතුලෙ තිබුණ මොකක්දෝ හැඟීමක් එළියට ආවා එවලෙ..එයා ශෂී කියන අතීතයට ආපහු යන එකක් නෑ කියලා මට හිතුනා... මමත් බංකුවෙන් නැගිට්ටෙ පහන් එක්ක ගෙට යන්න හිතාගෙන.. ඒත් මගෙ කකුල් සීතලට ගල්වෙලා වගෙ මම ආපහු නැගිට්ටට වඩා වේගයෙන් ඉන්ද වුනා..
පහන් එකපාරට මාව එයාගෙ දෝතට වඩාගත්තා.. එ් ඇස් මගෙ ඇස් අතර අතරමං වෙලයි තිබුණෙ.. මගෙත් එහෙමයි.. මමත් පහන්ගෙ කර බදාගෙන මූනට ලංවෙලා ගියේ හීතලෙන් තොල් එකිනෙක පැටලෙද්දි.. පටන් මාව කාමරයට එක්ක ගිහින් තෙත පිටින් ම ඇඳෙන් වාඩි කෙරෙව්වා........

.........................................................................

*කතාවෙ තව කොටසක් ඉවරවුනා... පහන්ට ආපහු ශෂිනි ගාවට යන්න පුලුවන්කම තියෙද්දි දිදුලි ත් එ්කට කැමති වෙලා තියෙද්දි.. පහන් දිදුලි ඉස්සරහම කිව්වා.. ශෂී වගේ අහිංසක කම හංගන් ඉන්න යක්ශණියන්ට වඩා හැමදේම කියවන, ඉක්මනට කේන්ති ගිහින් වලි දාගන්න දිදු වගේ කෙල්ලො අව්‍යාජයි කියලා.. පහන් දිදුලිව උස්සන් අැවිත් ඇඳෙන් වාඩි කෙරෙව්වා.. තාමත් දිදුලි ගැහෙනව සීතලට.. පහන් ඊළඟට මොනව කරයිද.. අපි බලමු ඊළඟ කොටසෙන්.. දාහතරවන කොටස අරන් ඉක්මනට ම එන්නම්.. කතාව ගැන අදහස් කමෙන්ට් කරන් යන්න... කතාව ලස්සන නම් ශෙයා කරන්න.. රැදෙන්න කතා පියස සමඟම...*

No comments:

Post a Comment