ආදරේ කරනවා.. දෙන්නට දෙන්නා
නැතුවම බැරි තරමට...
ලං වෙනවා කාටත් රහසේ නොදැක
ඉන්නවත් බැරි තැනම...
ආදරේ වැඩිකමකට හැඟුම් ගොඩගැහෙයි.. පොදි බැදගෙන....
ලං වෙනවා කාටත් ම වෙන්කල
නොහැකි සේ හැඟුම් පුබුදුවාගෙන...
ආදරේ ලඟ තරැණියක් වේය ගැහැණියක්...
පිරිමියාගේ අසීමිත සෙනෙහෙ මැද.....
කල්ගත වෙද්දිම පෙරෙලෙයි උතුරන පෙම.. එකම එක් හැඟීමකට.....
ආදරේ දැන් විදින්නේ බිත්ති හතරක්
මැදි කරගෙනය....
අන්තිමේ දී විවාහය වෙයි..
කෙල්ල අසරණ කල නොහැකි තැන....
බැන්ද දා සිට පවුල් ප්‍රශ්න ය...
ආදරයෙන් හැඟුම් පෙර සිටම විඳි කල....
පිරිමියා යයි බිරිඳ සිටියද ..
තවත් ගැහැණුන්ගේ පහස සොයාගෙන....
බිරිඳත් එසේ ය ස්වාමියාගේ සෙනෙහෙ නැති තැන යාවි.. රහසෙම සෙනෙහෙ සොයාගෙන..
විවාහය බොරැවක් වේය එතනම..
හැඟුම පමණක් වින්ද නිසාම....
අවසානයේ ඉතිරිය දික්කසාදය...
එතනින් නිමවෙයි...
වසර ගණනක ප්‍රේම කතාවේ අවසානය....
***හුදෙක් එක් කොටසකට පමණක් පොදුය..***
**දිල්රැක්ෂි**
No comments:
Post a Comment