Pages

Monday, May 11, 2020



                                                         
             

     
 සයුරු පෙම ( නව කථාවකි )


         ........* හත්වෙනි කොටස*........



"දිදූ බලන්න වෙච්ච දේ..."

අම්මා අවුලෙන් වගේ එහෙම කියද්දි නම් මට හිතට ලොකු සැනසීමක් දැණුනා...පහන් මාව රිජෙක්ට් කරලා වගේ....

"අයියෝ දිදූ අපිට හිතාගන්න බෑ...පහන් ඔයාව බඳින්න කැමති වෙලා...ඔයා හිතුවෙ මං අවුලෙන් වගේ ඉද්දි අකමැති වෙලා කියලනෙ..පොඩි විහිළුවක් කලේ...එයා ඔයාව මැරි කරන්න කැමති වෙලා..."

අම්මා මහ හයියෙන් කෑගසමින් මාව තුරැල් කර ගනිද්දි මං ගල් ගැහිල වගේ එකම විදියට හිටගෙන හිටියෙ...

"මො...ක...ක්....ද..කි..ව්..වෙ....කැ..ම...ති කි..ව්...වා..?"

මට ගොත ගැහුනෙ කිසිම දෙයක් හිතාගන්න බැරැව...මේ මොකක්ද මගෙ ඔළුවට කඩන් වැටුනු හෙන ගෙඩිය එ් පාර...මේ පහන් මගෙ මූණටම කිව්ව මං වගේ රස්තියාදුකාර කෙල්ලෙක් බඳින්න කැමති නෑ කියලා..එ්ත් ඇයි මේ එ් පාර...අම්මයි තාත්තයි පුදුම සතුටෙන් ඉන්නෙ...එ්ත් මම අවුලෙන් වගේම ගොඩක් පුදුමෙන්....

"අපේ හිතේ ලොකු බරක් සැහැල්ලු වුණා එහෙනම්..දුවට හරියනම මනමාලයා තමා පහන් පුතා..."

තාත්තා එහෙම කිව්වේ දිගු සුසුමක් පිට කරමින්...

"දැන් නම් අරක මේක කියන්නෙපා...මේ කටයුත්තට කැමති වෙන්න..ඔයාට නරකක් කරන්නෙ නෑ අපි..අපිට ඉන්නෙ ඔයා විතරනෙ.."

 තාත්තා මට නැවතත් සිහිපත් කලේ මේ කසාදෙන් බේරීමට කිසිම හේතුවක් කියන්නත් කලින්....

මට මුහුද අතාරින්න බෑ..එයාලා ගොඩේනේ...මට බෑ ගමකට යන්න මට මූද දාලා යන්න බෑ..පහන්ව මැරි කරන්නම්..එ්ත් මට මේ ගෙදරින් යන්න බෑ තාත්තෙ...මාව මෙහෙ ම තියාගන්න මට මූදු යන්න ඕනි තාත්තා please..."

මුහුදු යන්න තියෙන ආශාව අත්හැරීමට නොහැකි නිසාත් කසාදෙන් බේරිමට නොහැකි නිසාත් මම තාත්තගෙන් බැගෑපත් ව ඉල්ලුවේ මට තියෙන එකම විසඳුම  එය නිසයි....

"අයියෝ...එ්කද ළමයො මේ...එ් ගැන බය වෙන්නෙපා..එයාලා මෙහෙම තමා ඉන්නෙ..පහන් පුතා වැඩ කරන්නෙ මෙහෙ සයිට් එකක...එයාලා නුවර ගෙදර පහන්ගෙ මල්ලිට දීලා මෙහෙන් ගෙයක් අරන් අැවිත්...පහන්ගෙ මල්ලි එහෙ බිස්නස් එකක් කරනවලු...එ් නිසා ඔයා යන්නෙ මුහුද කිට්ටුවටමයි..."

"පහන්ට තව මල්ලියෙකුත් ඉන්නවද..මම දන්නෙත් දැන් කිව්වම.."

"ඔව් දූ...එයාට මල්ලියෙක් ඉන්නවා..ඔයාට වඩා අවුරැද්දක් බාලයි..."

අම්මා තවදුරටත් විස්තර කලේ මට මුහුද නැතිවෙයි කියලා තිබ්බ අවුල නැති කරන්නයි..
කසාදෙන් ගැලවෙන්නත් බැරි එකේ මුහුද දාලා යන්න වෙන්නෙ නැති එකටනම් මගෙ හිත ටිකක් සැහැල්ලු වුණා...එ්ත් මට තාමත් තියෙන ප්‍රශ්නය නම් මූණටම මාව එපා කියපු පහන් මේ කසාදෙට කැමති වෙන්න හේතුව මොකක්ද කියලයි...මට මේ ගැන මගෙ යාලුවන්ට කියන්න ඕන උන නිසා හැමෝම දුරකතනය හරහා වෙරළ තීරයට එකතු කරගත්තා....

"මේ මොකක්ද දිදුලි උනේ උඹට...එ්දා උඹව බේරපු එකා අද උඹේ මනමාලයා වෙලා..අපි සෙට් නොවුනු ටික දවසට මෙච්චර හරියක් වුනාද..."

මිහිරි, වෙනුරි, විහඟ තුන්දෙනාම පුදුම වුනා...එ් වගේ ම කතා කලෙත් වෙනද තරම් උද්යෝගෙකින් නෙවෙයි....

"ඔව් බං පහන් ගෙ තාත්තයි අපෙ තාත්තයි ස්කූල් කාලෙ යාලුවොලු...මට තියෙන ප්‍රශ්නෙ මෙච්චර ටිකක් වෙලත් පහන් ඇයි මට කැමති වුනේ කියලා...අනික උෟ කෙල්ලෙක්ගෙන් සැරටම බූට් කාලා එ්කි ගැන හිත හිත ඉන්නෙ.."

මම පිළිතුරැ දුන්නේ තවමත් තියෙන කුතුහලය නිසාවෙන්....

"දැන් මොනා කරන්නද කසාදෙ තීන්දු වුණානෙ...අපේ සෙට් එකේ එකෙක් අපෙන් අයින් වෙනව එහෙනම්..අඩෝ පට්ට දුකයි බං...උඹනෙ අපේ සෙට් එකේ හිටපු යකෙකුටවත් බය නැති චණ්ඩි කෙල්ල..."

විහඟ එහෙම කිව්වෙ ගොඩක් දුකෙන් කියලා මට තේරැණා...

"එ්කනම් අැත්ත බං..අපිටත් මාරම දුකයි.."

මිහිරි සහ වෙනුරි ද විහඟගේ කතාවට එකඟ වුණා...

"අඩේ පිස්සුද..මම බඳිනව විතරයි..මැරෙන්නෙ නෑ..අනික මම කොළඹ දාලා කොහෙවත් යන්නෙ නෑ...අනික උඹලගෙන් අයින් වෙන්නෑ මං කීයටවත්..."

මම එහෙම කිව්වෙ මටත් අවුරැදු ගානක අපේ යාලුකම නැති කර ගන්න දුක නිසයි...

"හරි හරි අපිට වෙඩිම කියපම්..එකෙන්ම සප් එක දෙනවා...උඹ වෙනුවෙන් ඕන උදව්වක්..."

යාලුවෝ මං වෙනුවෙන් ඕන වෙලාවක  ඉන්නවා කියලා මං දන්නවා....
යාලුවන්ට සමු දී මම නිවසට පැමිණියේ වෙනදා තරම් සතුටෙන් නෙවෙයි...යාලුවොත් විසිර ගියේ ගොඩක් අවුලෙන්....
දින කල් ගත වුණා...වෙඩින් එකට දින ලං වුණා..වෙඩින් එක දවසට උඩරට මනාලියෙකු ලෙසත්, දෙවනි දවසෙ..එනම් Home coming එකට ලස්සන රතු පාට ප්‍රින්සස් ගවුමක් අඳින්න තීරණය වුණා....එ් මොනව වුනත් වෙඩින් එක දවසට පහන්ට හොඳ වැඩක් කරන්න ඕනි මාව මැරි කරන්න කැමති වුණාට...

..............................................................................

පළවෙනි දවස............

රෑපලාවන්‍ය ශිල්පිනියගේ දක්ෂතාවය මත ලස්සන උඩරට මනාලියෙක් විදියට ඇඳගත් මම කිසිමදාටත් වඩා ලස්සනට දිස් වූයේ පුදුමාකාර චාම් බවක් සමඟින්...නැකත් වේලාව අනුව මනමාලයා නිවසට පැමිණෙන විට මගේ මස්සිනා ඔහුගේ පා දෝවනය කලේ සපත්තු දෙකම අැතුලට වතුර යවමින්...මස්සිනා මගේ කීමට එහෙම කරන බව මම අනිවාරෙන් දැනන් හිටියා...පව් අසරණයා අද දවසම ඉඳී තැම්බි තැම්බි....
පිළිගැනීමේ ගාථා මැද්දෙන් පහන් සහ ඔහුගේ නෑදෑ පිරිස නිවසට අැතුළු වූයේ පෝරැවේ චාරිත්‍ර ඉටු කිරීමටයි....
පහන්ගෙ තාත්තත් මගේ තාත්තත් අපි දෙදනාව පෝරැවට නැග්ගුවා නෙවෙයි බලෙන් තල්ලු කලා වගේ දැණුනෙ...අෂ්ඨක මැද අතැඟිලි එක්කර පෝරැවේ චාරිත්‍ර නිමාකළ පසු පැමිණ සිටි අමුත්තන් පිළිගැනීමට අපි අමතක කලේ නෑ...ලස්සන නිළමෙ අැඳුමෙන් සැරසී සිටි පහන් අද නම් අාලෝකමත් ව දිසුවෙනු දුටුවා...එ්ත් ඔහුගේ මුහුණේ කියා ගත නොහැකි දුකක් සැඟවී තිබුණා...සමහරවිට අද ඔහු සමඟ සිටිය යුතු යුවතිය ඔහුගේ පරණ පෙම වුණානම් කියා හැඟීමක් හිතේ අැති..සමහරවිට අැය හා පෝරැවක සිට අතිනත ගැනීමට ඔහු අහස් මාළිගා තනන්නට අැති..........
දහවල් බෝජන වේලාව ළං වුණා...මිහිරි, වෙනුරි සහ විහඟ සමඟ තවත් මගේ පාසල් යාලුවෝ බොහෝමයක් මගේ සිරගත වීම ඉහළින සැමරීමට පැමිණ සිටියා...කෑම පිළිගැන්වීම සඳහා මිහිරි, වෙනුරි සහ විහඟට බාර දුන්නේ පහන්ට හොඳ ට්‍රීට් එකක් දෙන්නයි..
කෑම ගෙන අවසන් වී වතුර බොද්දි පහන්ට කැස්සක් අාපු නිසා මම දැනගත්තා වතුර එකට මොකක්ම හරි කරලා කියලා...

"එ් පහන් මොකෝ සීන් එක..වතුර එක රසද.."

"ඔව් හරි රසයි..මම දන්නෑනෙ මේ පැත්තෙ වෙඩින් දවසට කෑමෙන් පස්සෙ දෙන වතුර එක ලුණු වතුර කියලා..."

පහන්ට ලුණු වතුර බොන්න වුනේ මගේ මෝඩ යාලුවා විහඟගේ වැඩ නිසා...

"හී පව් මෝඩයා...විහඟ නියමෙටම වැඩේ කරලා..."

පහන්ට සිදු වුණ දේට මට සතුටු හිතුණෙ විවාහයට මගේ තිබ්බ අකමැත්ත නිසාමයි...

"තමුසෙව මම බැන්ඳෙ අාදරේට කියලා හිතන්නෙපා කරන්න දෙයක් නැති නිසා මටත් වාරයක් එයි මේවට..."

පහන් මගේ කනට කරල එහෙම කියද්දි නම් මට ටිකක් බයත් හිතුණා..මොකද මම යන්නෙ පහන්ගෙ තැනටයි....
පිටත් වන නැකත ලං වූ නිසා අපි මගේ නිවසින් නික්ම යාමට සැරසුනේ වසර විසිපහක මතකයන් ගොන්නක් හිතේ එකතු කරගනිමින්...මම අම්මා තාත්තා මේ ගෙදර අැතුලෙ කොච්චර නම් සතුටෙන් ගෙව්වද..අම්මා තාත්තා ලඟ මම කොච්චර නම් හුරතල් වුණාද...අනේ එ් කාලය අදින් අවසන්...කෙල්ලෙක් වුණ හැම කෙනාම මේ දුක්බර මොහොතට දිනෙක මුහුන දෙනවාමයි....නොසිතූ ලෙසින් එ් දිනය ලං වීම මා ලද අභාග්‍යයි...මොනම දේටවත් අැස්වලට කඳුලක් නොඑන මගේ අැස් කඳුළුවලින් පිරැණා...මගේ සුන්දර සෙල්ලම් කාලය අදින් අවසන් අාදරයක් හීනෙකින් වත් නොදැණුනු කෙනෙක් අද මගෙ සැමියා වී හමාරයි...එක කොල කෑල්ලකින් මගේ මුළු ජීවිතයම කනපිට පෙරලූ බවක් මට දැනුනා හරිම වේදනාවෙන්....අම්මා සහ තාත්තාද කවදාවත් නැතුව මාව වැළඳගෙන හැඬුවේ නැවත මගේ හිතුවක්කාරකම් බලන්න, හුරතල් කරන්න තමන්ට හිටි එකම පහන නිවසින් තවත් නිවසකට දායාද කරන නිසාවෙන්.......අම්මලට මම අහළ පහළට ගියත් මෙච්චර දුක නම් අැයි මාව පරිත්‍යාග කරන්නෙ වෙන ගෙදරකට තෑග්ගක් ලෙසින්......කියාගත නොහැකි දුක් ගොන්නක් මැද දුක හංගගෙන මම පහන්ගේ කාර් එකට නැග්ගේ මගේ යාලුවන් තිදෙනාවද එකවර තදින් වැළඳ ගැනීමෙන් පසුයි....මම හැදී වැඩුණු නිවසට සමු දී අපි ගියේ ලස්සන පරිසරයක් මුහුදු තීරය සුන්දරව දිස්වෙන  හෝටලයකටයි...... අද රාත්‍රිය මාත් පහනුත් මෙහි ගත කරන්නෙ ප්‍රථම මංගල දිනය විදියටයි..........
බාෙහෝ මහන්සි වී සිටි නිසා මම වොශ් එකක් දාගෙන සැහැල්ලු අැඳුමක් දාගත්තෙ දවසෙම වූ විඩාව නිවෙන්නයි...පහන්ද සැහැල්ලු ඇඳුමක් දාගෙන ඉන්නවා මම දැක්කා....රාත්‍රිය ලං වුනා....අප සිටි කාමරයේ යහන ලස්සන රෝස පෙති වලින් සරසලා තිබුණා...........

..........................................................................

*කතාවේ හත්වෙනි කොටසත් එ් විදියට  ඉවර වුණා....ටිකක් දිග කොටසක් ගෙනාවෙ කතාව ඉක්මනට ඉවර කරන්න...බෝරිං වගේ අැති එක දිගට කියවද්දි...උදා වූ රාත්‍රි පහන්ටත් දිදූටත් විශේෂයි...සෑම තරහක් ම බිඳ දමා බාධක සියල්ලම බිඳ දෙදෙනා එකම ලෝකයක අතරමං වෙයිද...පහනුත් දිදුලිත් දෙදෙනාම මේ රාත්‍රියේ එක්කෙනෙක් වෙයිද...කාටවත් ම වෙන් කරන්න බැරි සේ මංගල යහන මත ඔවුන් දෙදෙනා සියලු බාධකයන් බිඳ දමාවිද....අපි බලමු ලස්සන රාත්‍රිය දෙදෙනා කොහොම ගත කරයිද කියලා...ඉක්මනටම එන්නම් අටවෙනි කොටස අරන්...කතාව ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන් යන්න...රැදෙන්න දිගටම කතා පියස සමඟම...*

දිල්රුක්ෂි                                                       (උපුටාගැනීම තහනම්)

No comments:

Post a Comment