Pages

Tuesday, May 12, 2020

                  




     සයුරු පෙම ( නව කථාවකි )


         ........* අටවෙනි කොටස*........

රාත්‍රී අාහාරය රසවත් ව තිබූ නිසා මම කාගෙන කාගෙන ගියේ බඩ පිරැණට හිත පිරැණෙ නැති නිසයි...

"පොඩ්ඩ පොඩ්ඩ කනවා..සේරම මම කන්නෙ නෑ අනික හොටෙල් එකේ කෑම තියෙන්නෙ ඔය ටික විතරක් නෙවෙයි..ඕඩර් කරන්න පුලුවන් තව.."

පහන් මං කන දිහා බලාගෙන ඉදලා එහෙම කියද්දි නම් මට ලැජ්ජ හිතුණා..

"මහ පුදුම මනුස්සෙක්ට තමයි අම්මලා මාව බන්දල දුන්නෙ කන්න දෙන්නත් ලෝබයි..දුන්නත් කියවනවා"

කන එක නතර කර අත සෝදා ගත්තේ පහන්ටත්, මගේ ගෙදර අයටත් දොස් කියමින්..

"මට නිදාගන්න ඕනි..ඔයා ජනේල ගාව පුටු සෙට් එකට යන්න මට ඇඳ ඕනි.."

"එහෙම හරියනවද මට ඇඳ ඕනි..මමනෙ හොටෙල් එක බුක් කලේ..ඔයාටත් ඕනිනම් එහා කොනෙන් නිදාගන්න.."

"මට පිස්සු කියලා හිතුවද තමුසෙ එක්ක එක ඇඳේ නිදාගන්න..හරි අාස අැති මං වගේ ලස්සන කෙල්ලෙක් එක්ක ඇඳේ එකට නිදියන්න.."

"අනේ මේ මටනම් කිසිම අාසාවක් නෑ ඔයා වගේ රස්තියාදු කෙල්ලෙක් එක්ක ඇඳේ නිදාගන්න..පව් නිසා කිව්වේ.."

දෙදෙනාගේ විවාද හමුවේ අවසානයේ මට පුටු සෙට් එක උඩ නිදාගන්න තීන්දු වුණා..
ජනේලයේ කර්ටන් ඉවත් කල පසු අෑතින් පෙනෙන මුහුදු තීරය ලයිට් එළි වලට මනරම් ව දිස් වුණා...අද වැහිබර දවසක්..වෙනදට වඩා රාත්‍රිය අන්ධකාරයෙන් වෙළී තිබුණා...
එකපාරට මහ හයියෙන් විදුලි කොටන්න ගත්තා...මම පැන්න ගමන් පහන්ගේ කර බදාගෙන පහන් ව බදාගත්තේ අකුණුවලට තරම් මම මේ ලෝකේ කිසිම දේකට බිය නොවුන නිසාවෙන්..එහෙත් මම තදින් බදාගෙන හිටියේ පහන් බව ද මට අමතක වුණා...ටික වෙලාවක් පහන්ව තදින් වැළඳ සිටීමෙන් මගේ හද ගැස්ම අඩු වුණා..එවලෙ මම පියවි සිහියට අාවා...හිමින් ඔළුව උස්සා බලන විට පහන් මං දිහා පුදුමෙන් බලන් ඉන්නවා මම දැක්කා..ටක්ගාලා ඔහුගෙන් ඉවතට පැනීමට උත්සහ කල ද පහන් ද මාව තද කරගෙන සිටි බව දැණුනා..එකවර ම ඔහු ද තම දෑත් ලිහිල් කලේ පියවි සිහියට පැමිණි නිසාවෙන්...

"හරි චණ්ඩියා..අකුණුවලටත් බයයිනෙ..පාෙඩි අකුණකටත් බයේ කොල්ලොන්ගෙ අැඟට පනින චණ්ඩියෙක් දැක්කමයි.."

පහන් මට සමච්චලේට හිනාවෙද්දි මට අාවෙ ලොකු කේන්තියක්..

"කවුද බය..නෑ පිස්සුද..මම ටිකක් ගැස්සුනා..එච්චරයි.."

ලැජ්ජාවට එහෙම කියලා පුටු සෙට් එක උඩ වාඩි වුනත් මම හිටියෙ බයෙන් අකුණු අද වෙනදටත් වඩා මාව බය කළ නිසා...පහන් මං බයෙන් ඉන්නවා එ්ත් එ්ක හංගගෙන ඉන්න බව දැනගෙන තිබුනා..

"එ්ක තමයි කිව්වෙ ඇඳේ අනිත් කොනෙන් නිදාගන්නවා..මම තමුසෙ දිහා බලන්නෙවත් නෑ කොහොමත්.."

අකුණු සද්දෙ එන්න එන්න ම සැර වැඩි වුණු නිසා මම ඇඳේ කොනකින් නිදාගන්න තීරණය කලා..

"මේ කොට්ටෙ තිව්වෙ මෙතනින් මේ පැත්ත මගේ..ඔය පැත්ත ඔයාගෙ..මගේ පැතට එන්න හිතන්නවත් එපා.."

රෝස පෙති අතුරා හැඩ කර තිබූ අපේ යහන කොට්ටයක් මඟින් දෙකඩ කර එක කොටසකට පමණක් අයිතිවාසිකම් කියන්න මම අමතක කලේ නෑ..

"අනේ වැඩේමයි..එන්නෙපා මගෙ පැත්තට ඔයත්.."

දෙදෙනාම දෙදෙනාට පිටු පා නින්දට වැටුනේ හෙට දිනය මම පහන් ගේ නිවසට යන මුල්ම දිනය නිසාවෙන් උදෙන් ම අවදිවීමේ චේතනාවෙන්...
මැදියම් රැයේ මා එකවරම අවදි වුනේ සීතල වැඩිකමටයි..එවිට මා දුටුවේ පහන්ට මා දැමූ බාධකය මම ම බිඳ මගේ එක් කකුලක් පහන්ගෙ කකුලක් මත තිබෙන බවයි..නින්දෙන්ම එක අැහැකින් මම පහන් දෙස බලා නැවත කකුල ඉවතට ගැනීමට තැත් කල ද පහන් අවදි ව සිටින බව දුටු මම නිනදෙන් ම මෙන් මගෙ කකුල ඉවතට ගත්තා ලැජ්ජාවෙන්....
...........................................................................

උදෑසනම අවදි වී අපි රෑපලාවන්‍යාගාරය වෙත පිවිසියේ විවාහයේ දෙවනි දවස..එනම් පහන්ගෙ නිවසට යාමටයි....පහන්ගේ නිවසේ ලස්සනට හැමදේම අැරේන්ජ් කරලා තිබ්බා..ගේ මාළිගාවක් වගේ...පහන්ගෙ අම්මා තාත්තා සහ මල්ලි අැතුලු සියලු දෙනාම අපිව පිළිගත්තෙ හරිම අාදරයෙන්...මගෙ අම්මා තාත්තා මං වෙනුවෙන් එකතු කරපු හැම දෙයක් එක්කම මාව පහන්ට බාර දීලා යන්න සූදානම් වන විට මට දැනුනේ හරියට මාව දන් දුන්නා වගේ...

"පහන් පුතා දිදූ තමයි අපිට හිටපු එකම පහන..අපිට හිටපු මැණික ටිකක් දඟයි තමයි එ්ත් අාදරෙන් කිව්වම හදාගන්න පුළුවන් වෙයි...දුකක් නොදී බලාගන්න..මේ අපේ මැණික.."

කවදාවත් නොතිබුණ මහා අාදරයක් දුකක් අම්මගෙයි තාත්තගෙයි අැස් වලින් මම දැක්කා..එ් දෙන්නට සමු දෙන එක මට කරන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ..දෙන්නවම බදාගෙන ඇඬුවා මිසක්..
හැමදේම ඉවරයි...මම වෙනත් ගෙදරක වෙනත් දෙමාපියන් ගාව තනි වුනා නොහිතපු විදියට....

බැන්දා කියල වෙනසක් නෑ..මධු සමයක් නෑ අපි කලේ පහන්ගෙ ඇඳත් කෙට්ටෙකින් කොටස් දෙකකට බෙදපු එක...කොට කලිසමකට ඉන ගාවට බ්ලවුස් එකක් අැඳගත් මම අැඳේ මගෙ කොටසින් දිගා වුනේ පහන් එක්ක කතාවත් නොකර..

ඊයා..මොකක්ද ඔය අැඳන් ඉන්න අැඳුම..අප්පිරියාවෙ බෑ.."

පහන් මගෙ අැඳුම විවේචනය කලේ පිළිකුල් විදියට..

"ඇයි මේකෙ මොකක් ද තියෙන අවුල..යසට තියෙන්නෙ මේ..අනික ඔයා ගොඩේ වුනාට මං මක් කරන්නද.."

"අා හා මේ. ඔයාගෙ ගෙදරදි වගේ මෙහෙදි ඕවා බෑ..මෙහෙ අය කොටට අඳින්නෙ නෑ..අඳිනවා දිග අැඳුමක්.."

මගේ පිලිතුරට පහන් තරමක් සැරෙන් එහෙම කියද්දි මම ගැස්සුනා..ත්‍රී කෝට් එකක් හා සැහැල්ලු දිග බ්ලව්ස් එකක් දාගත් මම අැඳට වැටුනේ පහන්ට රවාගෙනමයි..හිතේ තිබ්බ තරහට ශීට් එකක්වත් ඇඟට නොදා නිදාගත්තේ මට වෙච්ච දේ ගැන කල්පනා කරමින්..අනේ අම්ම මගෙ ළඟ හිටියනම්...කියා සිතුනු වාර අනන්තයි මට...
පසුදා මා අවදි වන විට පහන් ඇඳේ නොසිටි බවත් මගේ අැඟේ ශීට් එකක් පොරවා තිබූ බවත් දකින්න ලැබුණා...කම්මැලිකමේම වෙලාව බැලුවේ මේ මෝඩයා කෙල්ලෙක් වගේ පාන්දර අවදි වුවා සිතායි...
දෙවියනේ වෙලාව 8.30 ත් වෙලා..අදනම් නැන්දම්මගෙන් බැනුම් තමා..බැන්නොත් මම ගෙදර යනවා...හෙමින් බැල්කනිය පැත්තට ගියේ සීතල සුළං වදින්නයි...බැල්කනියට අෑතින් නිල් ම නිල් පාටට මුහුද දිස්වෙනු දුටුවිට මගේ අැස් පුදුමයෙන් පිරීගියා....
වාව්...........!!!
මගේ මුවින් ඉබේම කියවුනා..එ් තරම් මනස්කාන්තයි....

"දූ නැගිට්ටද..පහන් වැඩට ගියා..ඔයාව කූද්දන්නෙපා කිව්වා.."

"ආ..මහන්සියටත් එක්ක නින්දගියා අම්මා...මෙතන මාර ලස්සනයිනෙ.."

"හ්ම්ම් පහනුත් අාසයි මේ වගේ තැන්වලට.. එ්ක නෙවෙයි පහන් තාමත් එයා කලින් යාලුවෙලා හිටපු කෙල්ල ගැන හිතනවා.. එ් කෙල්ල කොල්ලට බලාපොරොත්තු දීලා වෙන කොල්ලෙක් ව බැඳලා දැන් ලංකාවෙත් නෑ.. මගෙ කොල්ලා එදා ඉදන් දුක් වින්දා නොසෑහෙන්න... ඒක නිසයි මෙච්චර ඉක්මනට මේ කසාදෙ කලේ... දුව කොහොම හරි පුතාගෙ හිත හදන්න... මං වෙනුවෙන්.."

පහන්ගෙ අම්මා දිගටම කියාගෙන ගියේ ගොඩක් දුකෙන්...මං මොනා කරන්නද පහන් බූට් කෑවට..මං පලියැ..එ්ත් අම්මගෙ ඉල්ලීමට පිටුපාන්නත් බෑනෙ..

"අම්මා අද මම හවස බීච් එකට ගිහින් එන්නද.."

පහන්ගෙ අම්මගෙන් මම ඉල්ලුවේ බැගෑපත් ව..

"තනියම හවසට බීච්...පහන් අාවම එයා එක්ක යන්න.."

"ගේ ළඟම නෙ එ් නිසා ගිහින් එන්නම්..වැඩි වෙලා ඉන්නෙ නෑ..ඉක්මනටම එන්නම්..."

මගේ ඉල්ලීම හමුවේ පහන්ගෙ අම්මා ඊට එකඟ වුණා....
හවස්යාමය උදා වන තුරැ නොඉවසිල්ලෙන් බලා සිටි මා වෙරළ තීරය දෙසට අැදුනේ පහන් වැඩ නිම වී අපසු එන්නට පෙර ගෙදරින් පැන ගැනීමට වුවමනා වූ නිසයි...

" මෙයා බීච් අැවිල්ලා..අම්ම කිව්ව හරි බීච් යන්නැති කියලා.."

පහන් එහෙම කියද්දි මම එකවර ම තිගැස්සි බැලුවේ පහන් බීච් අාවේ අැයිද සිතමිනුයි..

"පහන් ඔයා.. ඔව් මම බීච් අාවා තමා..මට එ්කට ඔයාගෙන් අවසර ගන්න ඕනි නෑනෙ..අනික ඔයා මොකට ද මාව හොයන් මෙහෙ අාවේ.."

"කවුද ඔයාව හොයන් අාවේ..අැයි බීච් එන්න අවසර තියෙන්නෙ ඔයාට විතරද..මම අාවෙ මට ඕන නිසා..නැතුව ඔයාව හොයාගෙන නෙවෙයි.."

පහන් එහෙම කියද්දි නම් මට ටිකක් තද වුණා..

"හා හා අාවනම් ඉන්නවා...මම යනවා අයිස් කන්න.."

එක අයිස් එකක් ගත් මම නැවත යන්නට හැදුවත් අෑතින් වාඩි වී මුහුද දෙස වේදනාෙවන් බලා සිටි පහන් දුටු විට යම් තරමක් මට දුකක් දැණුනා...තවත් අයිස් ක්‍රීමයක් අතට ගත් මම පහන් දෙසට අැදුනේ ඔහු යම්කිසි අවුලක සිටින බව වැටහුණු නිසයි...

"අම්බෝහ්...ඔයා නිකම් මුහුද දිහා බලන් ඉන්නෙ හරියට කොහෙන් බීලා ඉවර කරන්නද කියලා කල්පනා කර කර වගේනෙ.. මෙන්න මේ අයිස් එක කාලා කූල් වෙන්න..."

මද සිනහවක් පා අයිස් ක්‍රීම් එක අතට ගත් පහන් මට තෑන්ක් කරන්න අමතක කලේ නෑ..පහන් ඉන්නෙ දුකක..මට එ්ක දැනගන්න උවමනා වුණා...

"මේ පහන්..මට කියන්නකො ඔයාගෙ ලව් එක ගැන...බූට් තියපු කෙල්ල ගැන..අපි ඉතිම් ආදරේ නොකලට අපිට යාලුවෝ වගේ ඉන්න පුලුවන්නෙ...කියන්නකෝ..."

පහන් ව කතාවට අල්ල ගත්තේ ඔහු කල්පනා කරන දේ දැන ගන්නයි..

"හ්ම්ම්..අදට එයා මාව දාලා ගිහින් අවුරැදු දෙකක්.. තාමත් හීනයක් වගේ මට..අද මම බීච් අාවෙත් එ් දුක නිසාමයි..එයාට මං ගොඩක් ආදරේ කලා..එයයි මායි සමාන වයසෙ.. අපි දෙන්න ඩිග්‍රි එක ගත්තෙත් එකට.. අරන් අවුරැද්දකින් මැරි කරමු කියලා කතා වෙලා..එ්ත් එයා මාව දාලා වෙන කෙනෙක් එක්ක ලංකාවෙනුත් ගියා..."

පහන් කතාව අවසන් කලේ දිග සුසුමක් හෙළමින්...

" අම්මෝ ඒක සුපර් ලව් එකක්නෙ..නවල් එකක් ලිව්වනම් හිට් වෙයි.."

මම හිනාෙවෙවී එහෙම කිව්වෙ පහන් පාෙඩ්ඩක් හරි හිනාවෙයි කියලා...කිව්ව වගේම පහන්ට කට කොනකින් හිනාවක් අාවා..

" හ්ම්ම්"

පහන්ගේ පිලිතුර එයයි..

 "ඒක නෙවෙයි..එච්චර ආදරේ කලානම්..ඔය තරම් මතක් වෙන්න නම් එයාගෙ මොනාම හරි ඔයා ගාව අැති කෝ දෙන්න පර්ස් එක මට.."

මම පහන්ගෙ පර්ස් එක අතට ගත්තෙ පහන්ගෙ මතකයක් හොයාගන්න...
.......................................................................


*දිදුලි පහනෙ පර්ස් එක අතට ගත්තෙ පහන්ගෙ පරණ ආදරේ මතකයක් සොයාගන්නයි... දිදුලිට මොනව හරි දෙයක් පහන්ගෙ පර්ස් එකෙන් හම්බෙයිද... දිදුලි ඊළඟට මොන වගේ දෙයක් කරයිද.. නව වැනි කොටස අරන්  ඉක්මනටම එන්නම්... කතාව ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන් යන්න... කොටස ටිකක් දිග වැඩි අැති..කතාව ඉක්මනට ඉවර කරනවා..ඊළඟ කොටසින් හමුවෙමු... දිගටම රැදෙන්න කතා පියස සමඟම...*


No comments:

Post a Comment