Pages

Tuesday, June 30, 2020



නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*විසිපස්වන දිගහැරැම*


"සවින්දි.. බබා.."

"සවින්දි.."

"නංගි.."

අපි හැමෝම බයෙන් කෑ ගැහුව්වේ ඊලග තත්පරයේ වෙන්න යන දේ කිසි සේත්ම හොඳ දෙයක් නොවෙන නිසාවෙන්..

"කවුරැත් එන්නෙපා ලගට.. අයි වෝන්ට් සන්දීප්.. මට සන්දීප් ව ඕන.. හොඳින් හරි නරකින් හරි.. නැත්තම් මම සුයිසයිඩ් කරගන්නවා.. "

නංගි අතේ තිබුණේ වෙඩින් කේක් එක කපන්න තිබුණු පිහියයි.. තමන්ගෙම අතට තියාගෙන කාටවත්ම ලගට එන්නත් නොදී නංගි ඒ පාර මේ කරන වැඩේ මොකක්ද.. මම හොඳටම බය වුණේ නංගි මොනා හරි කරගනීද කියලයි.. අම්මත්, සන්දීප්ගෙ අම්මත් අපි හැමෝම කෑ ගැහුවේ නංගි අත කපා ගනීදෝ කියලා බයෙන්..

"සවින්දි බබා.. ප්ලීස් පිහිය අහකින් තියන්න.. මම ඔයාට ලංකාවෙම ඉන්න හැන්ඩ්සම් ම බෝයිව හොයලා දෙන්නම්... ප්ලීස් බබා පිහිය අහකට ගන්න.."

ජීවිතේ පලමුවතාවට අම්මා කාට හරි බැගෑපත් වෙනවා මම දැක්කා.. මොනව වුණත් සවින්දි තමයි අම්මගෙ හැමදේම.. සවින්දි මේ තරම් නරක් වෙන්නත් ඒ ආදරේම හේතුවක් වෙන්න ඇති...

"නෝ මමී.. සවින්දි මදනායක දෙයක් ඕන කියලා හිතුනොත් ඒක ඕනිමයි.. මේ ලෝකෙ මම ආස කරන දෙයක් වෙන කෙනෙක්ට ලබාගන්න දෙන්නෙ නෑ මං.. මට අයිති වෙන්නෙ නැත්තම් ඒ දේ වෙන කෙනක්ට අයිති වෙන්න දෙන්නෙත් නෑ මං.."

මෙච්චර දේවල් සිද්ද වෙලත් තාමත් නංගිගෙ දුශ්ටකම් හා කුහකගතිය අඩුවෙලා නෑ..
කොච්චර කිව්වත් මට මොන දේ කලත් මගේ හිතේ නංගි ගැන කිසිම තරහක් නෑ..

"අනේ නංගි මොකද ඔය කරන්නෙ.. ඔය පිහිය අහකට දාන්න නංගි ප්ලීස්.."

මමත් නංගිව වළක්වන්න උත්සහ කලේ නංගි මගේ එක කුසේ උපන් සහෝදරිය නොවුනත් මම එයාට පුදුම තරම් ආදරේ නිසයි...

"තමුන් කවුද මට අණ කරන්න.. ආහ්..? තමුන් නිසයි මේ සේරම.. ඩැඩීගෙ එකම දුව මම වෙලත් මට තමුන් එක්ක පොඩි කාලෙ ඉදන් හැමදේම බෙදාගන්න වුණා.. තමුන් මගෙ ඩැඩීවත් උදුරගත්තා..එයා තමුසෙට තරම් මට ආදරේ දීලා නෑ කවදාවත්.. එයාගෙ එකම දුව මම වෙලත්.. මගේ හැමදේම උදුරගත්තා තමුන්.. දැන් සන්දීප්.. එයාව මට නැති වෙන්නෙත් තමුන් නිසයි.. මේ හැමදේටම වග කියන්න ඕන තමුන්..මගෙන් කිසිම සමාවක් නෑ සදිසි තමුසෙට.. මට සන්දීප් ව ඕන.. නැත්තම් මම අත කපාගන්නවා.." 

දෙවියනේ නංගි කියන කතාවත් ඇත්ත.. නංගිට හැමදේම නැතිවුණේ මම හින්දා.. ඒත් මම දැනුවත් ව වරදක් කලේ නෑ.. හිතා මතා නංගිගෙන් කිසිදෙයක් උදුරගත්තෙ නෑ.. කාට කියන්නද මේ දුක...

"මොනවද කියන්නෙ.. සදසි මොකක්ද කරපු වරද ආ.. මමයි සදසිට ලංවුණේ.. මම ඔයාට එදා ඉදන් කැමති නෑ.."

සන්දීප් පහු බහින්නෙ නෑනෙ.. නංගිව නවත්තන්නෙ කෙහොමද දැන්... 

"අනේ සන්දීප්.. නංගිව නවත්තන්නකො.. එයා ඉන්න තත්වෙ එක්ක පොඩ්ඩක් හිතන්න ප්ලීස්.." 

සන්දීප් ලග මම අඬමින් ම බැගෑපත් වුණේ මොනවා වුණත් දැන් එයාගෙ කුසේ දරැවෙක් වැඩෙන නිසයි...

"සන්දීප්.. මාව මැරි කරනවද නැද්ද.. මට ඔයාව ඕන.. අද අපි මැරි කරන්නම ඕනි..."

"එ..හෙම කරන්න බෑ.. මම ආදරේ කරන්නෙ සදිසිට.. මට ඔයා මගෙ නංගි වගෙයි.. කියන්න.. ඇත්තටම බබාගෙ තාත්තා කෝ.. කොයි ලෝකෙන් හරි මම එයාව මෙතනට ගේනවා.."

සන්දීප් නංගිට සලකන්නෙ එයාගෙම සහෝදරියෙකුට වගේ..

"නෝ සන්දීප්.. මට දැන් ඕන ඔයාව.. මාව මැරි කරනවද කියන්න.."

සන්දීප් මොන දේ කිව්වත් නංගිට ඕන බලහත්කාරෙන් හෝ සන්දීප්ව එයාගෙ කරගන්නයි..

"නෑ.. මම ඔයාව මැරි කරන්න කැමති නෑ.. සදිසි තමයි මගෙ හිතේ ඉන්න එකම කෙනා.. සදිසිට ඇරෙන්න ඒ තැන වෙන කෙනෙක්ට ගන්නත් බෑ.."

"නංගී..............."

මට කෑ ගැස්සුනේ ඉබේමයි.. නංගි එකපාරටම පිහියෙන් එයාගෙ අත සීසීකඩ පාරවල් ඇඳ ගද්දි අත දිගේ ලේ බේරන්න ගත්තේ උල්පතක් මතුවුණා වගෙයි.. මගෙ අත්දෙකන්ම මුහුණ වහගත්තේ බලන් ඉන්න බැරි තැනයි.. මුළු හෝල් එකම නොසන්සුන් වෙලා.. මේ තරම් දරැණු දෙයක් කරගන්න තරම් නංගිගෙ හිත එතරම් දරැණුද.. තමන්ගෙ අරමුණු දිනන්න තමන්ගෙම ජීවිතේ අනතුරේ දාගන්න මේ වගේ දරැණු හිත් තියෙන අයට තමන්ගෙ උවමනා වෙනුවෙන් තවත් කෙනෙක්ගෙ ජීවිතයක් උදුරගන්න එක මොන තරම් සුළු දෙයක්ද.. අත දිගේ ලේ වැගිරෙද්දී නංගි බිම ඇද වැටුණේ සිහිසුන්වයි...

"සවින්දි බබා... අනේ මොකද මේ කරගත්තේ.. කතා කරන්න මගෙ දුව.. කතා කරන්න.. ඇස් අරින්න.."

නංගි වැටුණු තැන එකම ලේ විලක් වෙද්දී අපි සැවොම නංගි ගාවට දිව්වේ කලබලයෙන්..

"නංගි.. අනේ උදව් කරන්න.. නංගි මොනවද මේ කරගත්තේ.."

දරාගන්න බැරි තරම් දුකක් හිතට එද්දි නංගිගෙ කම්මුල් දෙකෙන් අල්ලා හෙලවූයේ සිහි ඒවිදෝ බලමින්..

"අයින් වෙයන් ජරා කෙල්ල.. උඹ නිසා තමයි සේරම.. අත තියන්නෙපා සවින්දිට.. උඹේ කරැමක්කාරකම නිසයි සේරම... 
අනේ කවුරැ හරි උදව් කරන්න.. හොස්පිටල් එකට මෙයාව ගෙනියන්න.."

අම්මගෙ වචන මගෙ හදවතට පිහියෙන් අනිනවා වගේ වෙද්දි මම නංගි ගාවින් අයින් වුණේ ඇස්වල කඳුළු පිහදාමින්.. තවත් එක තත්පරයක් හෝ පරක්කු නොවී සන්දීප් තමන්ගෙ දෝතට සවින්දිව ගත්තේ හොස්පිටල් එකට යන්නයි.. මොන දේ වුණත් සන්දීප්ගෙ තියෙන්නෙ උණුවෙන හදවතක්...
නංගිව ප්‍රයිවට් හොස්පිටල් එකට ඇඩ්මිඩ් කරද්දිවත් නංගිට සිහි තිබුණේ නෑ.. අම්මා අඬනවා නතර කරන්නෙම නෑ..
මම දෑත් එකතු කර දෙවියන්ගෙන් ඉල්ලුවේ නංගිට කිසිම කරදරයක් වෙන්නෙපා කියලයි.. නංගිවත් එයාගෙ කුසේ වැඩෙන දරැවවත් ආරක්ෂා කරලා දෙන්න කියලයි.....

...............................................................................


*කතාවෙ තවත් කොටසක් ඒ විදහට අවසන් වෙද්දි සවින්දි එයාට ඕන දේ ලබාගන්න එයාගෙ ජීවිතේම අනතුරේ දාගත්තා.. ඒ තරම් දරැණු හිතක් තියෙන කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන්..  සවින්දි ලේ විලක් මැද වැටිලා ඉද්දි එයාව හොස්පිටල් ගෙනියන්නත් ඉදිරිපත් වෙන්නෙ සන්දීප්.. ඇත්තටම එයා හොඳ චරිතයක්.. දැන් සවින්දිත්, එයාට ලැබෙන්න ඉන්න බබාටත් කරදරයක් වේවිද.. බේරගන්න පුළුවන් වෙයිද ඒ දෙන්නව... අවසානයේ අකමැත්තෙන් වුණත් සන්දීප්ට සවින්දිව බඳින්න වේවිද.. ඊලග කොටස අරන් ඉක්මනටම එන්නම්.. කතාව ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. දිගටම ඉන්න කතාපියස එක්කම..*
Dilru Don'T Copy

Monday, June 29, 2020



නව කථාවක්
මන්දිරයක සතුට සොයන 
සමනලී

*විසි හතරවන දිගහැරැම*


"ම්.. මේ... බ..ල..න්..න.. මේක.."

සන්දීප්ගෙ ඇස් රිපෝට් එකේ තැනක නවතිද්දි මගේ හදගැස්මත් තවත් වැඩි වුණේ ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා හිතලයි..

"ඇයි මචං.. මොකද වුණේ..?"

නුවන්ටත් සන්දීප්ගේ හැසිරීම පුදුමයක්..

"මේකෙ තියෙන්නෙ දැනට මාස දෙකක් වෙනවා කියලනෙ.. ඒ කියන්නෙ බබාට දැන් මාස දෙකක් වෙනවා.. එච්චර කල් මේක හංගන් හිටියද.. අවුල තියෙන්නෙ මම එදා ගැරිජ් කාමරේට ඇවිත් මාසයක් වෙන්නෙත් නෑනෙ.. මට හොඳට මතකයි.. උපරිම සති තුනක් වගේ ඇති.. ඒත්  ඊටත් කලින් තමයි බබා ඇවිත් තියෙන්නෙ.. මේක වුණේ කොහොමද සවින්දි..??"

රිපෝට් එකේ එක තැනක දරැ ගැබෙහි කාලය මාස දෙකක් යැයි සඳහන් වෙද්දී මගෙත් ඇස් මවිත වුණේ මේක කොහොම වුණාද කියලයි... එතකොට සන්දීප් කියන විදිහට එයා ගැරිජ් කාමරේට ඇවිත් නංගි එක්ක සිදුවුණ සිදුවීමට මාසයක්වත් වෙන්නෙ නැද්ද.. දෙවියනේ නංගි... මගේ හුස්මත් දැන්නම් හිරවෙනවා වගෙයි..

"නෝ සන්දීප් ඕක දාන්න පැත්තකට.. අද අපේ වෙඩින් එක.. රෙජිස්ට්‍රර් වුණාම සේරම හරි.. එන්න.."

නංගී සන්දීප් අතේ තිබුණ රිපෝට් එක උදුරගන්න උත්සහ කලේ පුදුම කලබලේකින්.. ඇයි නංගි මෙච්චරවෙලා හරි ම සතුටින් ඉඳලා දැන් කලබල වුණේ..

"රෙජිස්ට්‍රර් වුණාම හරිද.. එච්චරද අඩු.. මටයි සදිසිටයි මෙච්චර දුක් දුන්නේ මේකටද.. අර අහිංසකීව කිසි ලැජ්ජාවක් නැතුව තමුන් බ්‍රයිඩ් මේඩ්ටත් අරන්.. තමුසෙ ගෑනියෙක්ද අයිසෙ.. මොන වගේ පහත් එකියක්ද ආ.. කාගෙද ඔය බඩේ ඉන්න දරැවා.. ඒකත් මගේ කියලද කියන්නෙ..??"

සන්දීප් කේන්තියෙන් වෙව්ලන්න වෙද්දි කවදාවත්ම මම එයාගෙන් නොදැකපු නපුරැ පෙනුමක් අද දැක්කා.. ඒ වචන වලට නංගිට වඩා මටයි බය හිතුණේ.. හොටෙල් එක AC වුණාට දැන්නම් මට හීන් දාඩිය දාලා.. පැමිණ සිටි සියලුදෙනාම කිසිම සද්ධයක් නැතුව බලන් හිටියෙ කර කර හිටපු වැඩත් අමතක කරමින්..සමහර අය අතට ගත්ත ඩ්‍රින්ක්ස් වීදුරැව කටගාවට කරගෙනම බලන් හිටියෙ බොනවද නැද්ද කියලත් අමතක වෙමින්.. හෝල් එකම එක් නිහඬියාවක් වෙද්දී සන්දීප්ගේ හඬ විතරක් වේගයෙන් දෝංකාර දුන්නේ බිත්තිවලටවත් අහගෙන  ඉන්න බැරි තරම් ඒ හඬ රළු වෙද්දී..

"ස..න්..දී..ප්.. මේ.. මේ.. බබා ඔ..යා..ගෙ..?"

මෙතරම් වෙලාවක් මහන්තත්ත කමින් හිටපු සවින්දිගෙ වචන පිට නොවෙන තරම්..

"ශික්.. පෝන් එකත් කුඩු කරානෙ.. නැත්තම් පෙන්නනවා මම.. මාස දෙකක් වෙන්නෙ නෑ කියලා.. ජරා කෙල්ල.. කියනවද තවත් ලැබෙන්න ඉන්නෙ මගේ දරැවෙක් කියලා.. ආ..??"

"මේ.. ඔයාගෙයි.. ම..ගෙ..යි..ද..රැ.."

"කටවහනවා.. තමුන් කවුරැ කියලද හිතන් ඉන්නෙ ආ..? තමුසෙ හිතුවද මම සදිසි වගේ තමුන් කියන කියන එක බැගෑපත් වෙලා අහන්  ඉඳී කියලා.. ඒ අහිංසකීගෙ අහිංසක කමින් තමුන් නොගත්ත ප්‍රයෝජනයක් නෑ නේද.. ? කියනවා.. තමුන් ක්ලබ් ගිහින් කොල්ලො එක්ක බීලා නටන ජරා කෙල්ලෙක් කියලා දැන දැනත් මම මේ වෙඩින් එක කරන්න ආවෙ දරැවා නිසයි.. තර්ඩ් ක්ලාස් ජරා කෙල්ල.."

සන්දීප්ට නංගි කරපු බොරැවට වඩා වේදනාව නංගි මට කරපු වද හිංසාවලට කියලා තේරැණා මට.. අනේ මං වෙනුවෙන් ඔය තරම් ආදරයක් ඔය හිතේ තියෙනවද සන්දීප්... මගෙ ඇස්වලින් කඳුළු වැටුණේ ඒ ආදරේ ඒ තරම් සංවේදි වූ නිසයි...

"සන්දීප්.. නතර කරනවා කියවිල්ල.. සවින්දිට වැදගත් විදිහට කතා කරනවා.. මේ එඩ්වඩ් මදනායකගෙ එකම දුව.. ගරැ කරලා කතා කරනවා.."

මෙතරම් වෙලාවක් කේන්තියෙන් මේ සිදුවීම දිහා බලන් හිටපු අම්මට දැන්නම් ඉවසීම ඉක්මවා ගිහින් වගෙයි... තමන්ගෙ දුවගෙ පුළුවන්කාරකම් හා ජරා වැඩවලට හැමදාම උල්පන්දම් ඇල්ලුවේ අම්මා.. හැමදාම නංගිගෙ වැරදි වහන එක අම්මගෙ පුරැද්දක්..

"ගරැ කරන්න මෙයාට.. ආන්ටි හිතුවද මම සදිසි කියලා.. කියන කරන හැමදේම කරබාගෙන අහන් ඉන්න, බලන් ඉන්න.. නෝ ආන්ටි.. මම සන්දීප් මානවඩු... සවින්දි එඩ්වඩ් අංකල්ගෙ දුව නිසා තමයි මෙච්චරකල් ඉවසුවේ.. අංකල්ගෙ හොඳ ගතිගුණ නිසා.. එදා යාලුවගෙ බර්ත් ඩේ පාර්ටි එක දවසෙත් මගේ කරේ නගින්න එද්දි බීලා බීලා අංකල්ට අවනම්බුවක් වෙයි කියලයි ගෙදර ගෙනත් ඇරලුවේ.." 

මෙච්චර කාලයක් වෙච්ච හැමදේම දරාගෙන හැමදේම ඉවසන් හිටපු සන්දීප්ට අද ඒ හැම පීඩනයක්ම පිට කරන්න අවස්ථාවක් ඇවිත්.. එයා හැම තිස්සෙම මං වෙනුවෙන් පෙනී හිටියා.. මට ඊට වඩා සතුටක් නැති තරම්... ඒත් අද මේ මොකද වෙන්නෙ...

"අන්..න රයිට්.. මමී එදා තමයි.. මේ දේවල් වුණේ.. එදා මම ඩ්‍රින්ක්ස් අරන් ඉද්දි මෙයා මාව අරන් ආවා.. මමී මාස දෙකකට උඩින් එදා මටත් සිහියක් නැතුව මෙයත්..."

"ආ..ව්..."

නංගිට තවත් එක වචනයක් හෝ කතා කරන්න ඉඩ නොලැබුණේ හැමෝම ඉදිරියේ සන්දීප්ගෙ අත සවින්දිගෙ කම්මුලේ නැවතුණු නිසයි.. දෙවියනේ මගේ අතේ තිබුණු මල් කලළඹත් බිමට වැටුණේ ඒ කම්මුලු පාරටයි.. සන්දීප්ගෙ මෙතරම් දරැණුකමක්..

"කට වහනවා.. තමුන් තරම් ලැජ්ජාවක් නැති කෙල්ලෙක් මම දැකලම නෑ.. එදත් මගේ කරේ නගිද්දි මෙලෝ සිහියක් නැතුව ඉන්න වෙලේ මට ඕනි එකක් කරගන්න තිබුණා තමුන්ගෙන්.. මොකද මගේ කරේ බලෙන් නගිද්දි බලන් ඉන්න මම රහත් වෙලා නෑනෙ... කොච්චර කිව්වත් මම හින්දමයි ගෙදරට ගෙනත් ඇරලුවේ.. වෙන එකෙක් වුණානම් තමුන්ට මොනවා කරයිද දන්නෙ නෑ.. එදත් මම එඩ්වඩ් අංකල්ගෙ නම්බුව ගැන හිතලා එහෙම කලේ.. ගෑනියෙක්ට අතක් උස්සන්න හීනෙකින්වත් හිතපු එකෙක්  නෙවෙයි මම.. ඒත් අද මගෙ සීමාව පැන්නුවා තමුන්.. තද දෙයක් තමුන් නම් මහ ජරාම කෙල්ලෙක්.. එදා කරපු හෙල්ප් එකටත් දැන් මාව අල්ල ගත්තද..තමුන් අවසිහියෙන් හිටියට මම හිටියෙ හොඳ සිහියෙන්.."

"තමුන්ට එච්චර හයියක් කොහෙන්ද මගෙ දුවට අත උස්සන්න.. මෙච්චර වෙලා ඉවසුවේ මිසිස් මානවඩු මගෙ යාලුවා නිසයි... එදා තමුන් මගෙ දරැවට මොනව කලාද කවුද දන්නෙ.. එදා තමුසෙ කියන දේ විශ්වාස කලා මම.. ඒත් අද මගෙ දුවට මෙහෙම වුණාම අතාරින්නද.. ඒවා කොහෙද මාත් එක්ක මම ලේසියෙන් මේක අතාරින්නෙ නෑ..."

අම්මා සන්දීප් ලගට ගියේ පුදුම කේන්තියකින්.. මටනම් බෑ දරාගන්න.. මේ වෙන දේවල් නම් එච්චර හොඳ නෑ...

"ඇයි මට මොනව කරන්නද ආන්ටි.. මැරයො දම්මලා සදිසිව විනාශ කරන්න හැදුවා වගේ මටත් ගස්සවන්නද.."

සන්දීප් අද නතර වෙන්නෙ නම් නෑ වගෙයි..
මේ දේවල් දැන් නම් ඇති.. 

"අනේ සන්දීප්.. ඕවා ඇදලා ගන්නෙපා දැන්.. කට්ටියත් බලන් ඉන්නවා.. තාත්තට මේ දෙවල් දරාගන්න බැරි වෙයි.. එයා අමාරැවෙන් හදාගත්ත නම නැති වෙන්න දෙන්න බෑ.. ප්ලීස් සන්දීප් නවත්තන්න.."

මම අඬමින්ම සන්දීප්ගෙ අතක් අල්ලගෙන ආයාචනා කලේ මේ වෙන සිදුවීම් සිදු නොවිය යුතු නිසාමයි.....

"ඇයි නවත්තන්නෙ සදිසි.. අංකල් මෙයාලා ගැන හොඳටම දන්නවා.. හොයලා බලන්න කියන්න මෙයාලගෙ මහලොකු මැරයො ටික දැන් ජීවත් වෙනවද කියලා.. අංකල් එකා ගානේ නැති කරලා දැම්මා.. ඔයාට අත තිබ්බ වරදට උන්ට විදවන්න වුණා.. අංකල් ඒ පලිය ගත්තා සදිසි... ඒ හැමදේම කරවලා තියෙන්නෙ මේ දෙන්නා.."

සන්දීප් හැමදේම දැනගෙන ඉඳලා.. අනේ උන් මට කරදර කරන්න හැදුවට තාත්තා උන්ගෙන් පලි අරගෙනද.. පව් තාත්තා.. මං ගැන හිතන තරම්..

"මට ඇත්ත කියනවා සවින්දි.. තවත්නම් බොරැ එපා.."

"ඔව් ඔව් මේ බබා ඔයාගෙ නෙවෙයි.. දැන දැනම තමයි එදා මම සදිසි නින්ද ගියාට පස්සෙ එයාගෙ පෝන් එකෙන් ඔයාට මැසේජ් කරලා එන්න කිව්වෙ.. මොකද මට ඔයාට ආස හිතුණු නිසා.. ඔයාගෙ හැන්ඩ්සම් ලුක් එකට මම වශී වුණා.. ඔයා අයිති මට.."

සවින්දි එකපරම මහ හයියෙන් තමන්ගෙ හපන්කම් පාපොච්චාරණය කලෙත් මගෙ අතේ සන්දීප්ගේ අතින උදුරා දමමින්.. නංගිගෙ හිතේ තමත් සන්දීප්ව අයිති කරගැනීමේ චේතනාවම තියෙන බව පැහැදිළියි...

"වට්..? මට කියන්නෙ මම නොදන්න ලමෙක්ගෙ තාත්තා වෙන්න කියලද.. කෝ ලමයගෙ තාත්තා ඇත්තටම.. හැමෝම අහගන්න.. මේ වෙඩින් එක වෙන්නෙ නෑ.. එදා මෙතන නාඩගමක් නටලා සදිසිගෙයි මගෙයි එන්ගේජ්මන්ට් එක නතර කරලා සදිසිට අපහස කලා.. වැරදි කෝටියක් ලග තියාගෙන අහිංසක කෙල්ලෙක් රිද්දුවා.. බැඳගන්නවා හොයාගෙන ලමයගෙ තාත්තව.."

සියලුදෙනාම මවිත කරමින්.. සන්දීප් මේ කසාදයෙන් බේරෙන්න තියපු පුංචි ම බලාපොරොත්තුවක් හරි මල් පල ගැන්වෙද්දි සන්දීප්ගෙ මූණට වැටුණු අමුතුම ආලොක්ය මම දැක්කා.. මම මේ වෙලාවෙ සතුටු වෙන්නද,, දුක් වෙන්නද.. දෙවියනේ නංගිගෙ ජීවිතේම විනාශයි.. මම කොහොම සතුටු වෙන්නද.. ඒත් සන්දීප් ගැන තාමත් බලාපොරොත්තු සුන්වෙලා නෑ.. සතුටු නොවී ඉන්නෙ කොහොමද.. දුකත්, සතුටත් මැද මම තාමත් ඉන්නෙ කුමක් තෝරගන්නද කියා දෙගිඩියාවක.. නංගි රිද්දලා සන්දීප් මගේ කරගන්නත් බෑ.. නංගි කරපු වරදට සන්දීප්ව බිලි දෙන්නත් බෑ.. මොකක්ද මේ වෙන්නෙ.. ඇයි මාව උත්තර නැති ප්‍රශ්නවලම පටලවන්නෙ....

"සදිසි.. දැන් ඔයා මගේ.. මම විශ්වාස කලා..  සවින්දිගෙ කතාව බොරැවක් කියලා.. දැන් අපිට බාධාවක් නෑ.. මට සමාවෙන්න මැණික.. දුකක් දුන්නට.. මම සම්පූර්ණයෙන්ම වැරදිකාරෙක් නෙවෙයි.. මගේ වෙන්න. අපි අදම රෙජිස්ට්‍රර් වෙමු.. ඔයත් ලස්සනට ඩ්‍රස් කරලා.. මමත්.. හැමදේම අපේ අත ලග අපි නීතියෙනුත් අපේ වෙමු..."

සන්දීප් මාව හැමෝම ඉස්සරහ තදින් වැළඳ ගත්තේ උතුරා යන සෙනෙහසකින්.. සත්තයි.. ඒ පපුවට තුරැල් වුණාම දැනෙන සැනසීම වචනවලට පෙරලන්න බැරි තරම්...
ඒ පපුවේ රිද්මය වේගයෙන් ගැහෙද්දී රිද්මයට මම නතු වුනේ සියලු වේදනාවන් අමතක වෙද්දි.. ඔව්.. දැන් මට මේ උණුසුම ඕනි.. මගෙ හිත ඉල්ලුවේ එයාවමයි..

"සන්දීප් ඔයා මාව මැරි කරන්නම ඕනි.. අද අපේ මැරේජ් එක වෙනවමයි.. එහෙම නැත්තම්.."

මම ඉබේම සන්දීප්ගෙ තුරැලෙන් ඉවතට පැන්නේ නංගිගෙ කෑගැහිල්ලට මම පියවි සිහියට පැමිණි නිසාවෙන්.. ඒත් පැමිණ සිටි සියලු අමුත්තන්, මම, සන්දීප් අම්මලා අපි හැමෝගෙම ඇස් ලොකු වුණේ නංගිව දුටු විටයි.. දෙවියනේ.... මට කියවුණේ එපමණයි..

................................................................................

**කතාවේ විසි හතරවන දිගහැරැම ඒ විදිහට අවසන් වෙද්දි සවින්දි කොයි තරම් පහත් කෙනෙක්ද.. වෙන කෙනෙක්ගෙ දරැවෙක් බව දැන දැන සන්දීප් සදසිව මැරි කරයි කියලා තියෙන ඉරිසියාවට තරහට සන්දීප් පිට හැම වරදක්ම පටවන්න තරම්.. සන්දීප් පුංචිම හරි හේතුවක් හෙව්වේ දරැවෙක් ගැන කිව්ව කතාව විශ්වාස නැති නිසාවෙන්.. ඒත් කතාව ඇත්ත.. නමුත් වෙනසක් ඇතුවයි ඒ කතාව ඇත්ත වුණේ.. එතකොට සදිසිට සන්දීප්ගෙන් දැනුණු ආදරේ ඕන කියලා හිතුනත් ඒ ආදරේ තමන් සතු කරගන්න බැරි තරම් අසරණ වෙලා නංගි දුක්වෙයි කියලා.. සන්දී්ප්ට සදසිව ඕන වුනත් අද ඒ දෙන්නට රෙජිස්ට්‍රේෂන් කරන්න ඉඩ දෙයිද සවින්දි.. කාගෙත් ඇස් මවිත කරමින් සවින්දි මීලගට මොනව කරන්න හදනවා ඇත්ද.. සන්දීප්ව සදිසිගෙන් වෙන් කරන්න එයා ඕනම දෙයක් කරාවි... ඊලග කොටස අරන් ඉක්මනටම එන්නම්.. කතාව ගැන අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා... බලමු හෙට දවසෙ මොකක් වෙයිද කියලා.. දිගටම ඉන්න කතා පියස එක්කම..**
Dilru Don'T Copy

Sunday, June 28, 2020


නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*විසි තුන්වන දිගහැරැම*

සදිසි..  නැගිටිනවා සැලොන් යන්න තියෙනවා.. "

අම්මගෙ කීද්දිල්ලට මම ඇහැරැනේ හොඳටම දාඩියත් දාලයි.. 

"ඇයි.. අම්..මා..??"

"ඇයි තමුන්ට සවින්දි කිව්වෙ නැද්ද.. අද එයාගෙයි සන්දීප් ගෙයි වෙඩින් එක.. හොඳම හොටෙල් එකක ගන්නෙ.. කැත වෙඩින් හෝල් වල නෙවෙයි.. තමුන්ව බ්‍රයිඩ් මේඩ් ට ගන්න ඕනි කියලා කිව්වෙ සවින්දි.. සතුටු වෙනවා.. සවින්දි වගේ පෝසත් කෙල්ලෙක්ගෙ වෙඩින් එකට තමුන් වගේ තුට්ටු දෙකේ කෙල්ලෙක්ට ඉන්වයිට් ලැබිච්ච එකටම.."

සවින්දි වැරදි වැඩ කරලා තියෙද්දිත් අම්මා තාමත් එයාව සුද්ද කරන්නෙ මාව පහත් කරලා කතා කරන ගමන්.. මේ අසාධාරණකම් කරන්න පුළුවන් මේ වගේ අයටම විතරක්ම වෙන්න ඇති..

"මට බෑ අම්මෙ.. මගෙ ඔළුව රිදෙනවා.."

සන්දීප් ව වෙන කෙනෙක්ගෙ වෙනවා දකින දුක දරාගන්න බැරි නිසාම මම තීරණය කලේ ගෙදරින් එක අඩියක් හෝ නොයන්නයි..

"එහෙම කියලා කොහොමද.. ආ.. ඇයි තමුසෙට ඉරිසියයිද.. සවින්දි සන්දීප් ව මැරි කරනවට.. සවින්දිගෙ කැමැත්ත මේක.. ඒ නිසා දැන් මූණ කට සෝදන් එනවා.."

අම්මගෙ වචන එන්න එන්නම දරැණු වෙද්දී කෙසේ හෝ දරාගෙන වේදනා පිරැණු ඒ මොහොතට මූණ දෙන්නම මට සිද්ද වෙනවා.. මන්දයත් මට යන එනමක් නැති නිසා.. මේ බංගලාව ඉස්සරනම් මගේ දිව්‍ය ලෝකය වෙද්දි දැන්නම් අපායෙත් මීට වඩා සතුටක් තියෙනවා ඇති කියලා මට හිතුණු වාර අනන්තයි...
මේ දේවල් දරාගෙන මම ලෑස්ති වුණේ සැලොන් එකට යන්නයි.. මටත් කලින් නංගි සැලොන් එකේ ලෑස්ති වෙන බව තේරැණේ සැලොන් එකට ගිය පසුයි..

"ආ සදිසි.. ආවද තමුන්..?? මේ ඉන්නෙ විනූ.. මම කිව්ව කෙල්ල.. මෙයා ගියා ලොකු අතු අල්ලන්න.. ඉගිලෙන්න ගිහින් තටු කැඩිලා දැන් එකතැන් වෙලා ඉන්නෙ.."

නංගි සැලොන් එකේ හැමෝම ඉදිරියේ කිව්වේ හිනාවෙමින්.. එතන සිටි සියලුදෙනාම හිනා වුණේ මට සමච්චලයට මෙන්.. එක කුසේ නොඉපදුණාට එයත් ගැහැණියක් වෙලා තවත් ගැහැණියක් ලැජ්ජාවට පත් කරන තරම්.. මෙතන මං වෙනුවෙන් කවුරැත්ම නෑ.. මට ඉන්නේ මම පමණමයි.. මේ තරම් අපහස විඳ විඳ ගෙවන මේ ජීවිතේ තේරැම මොකක්ද.. මැරෙන්න හිතුණත් තාමත් මගෙ තාත්තා කවුද කියලා දන්නෙත් නෑ මං... මැරෙන්න කලින් ඒක දැනගන්නම ඕනි... මාව බිහිකරපු අම්මට සතුට ගේන්න ඕන.. මැරෙන්න බෑ මට මේ දේවල් දරාගන්නවා කොහොම හරි..

"මේ විනූ මෙයාට මේකප් එක වැඩිය ඕන නෑ.. මොකද මෙයා හැම තිස්සෙම ඉන්න ඕන මට වඩා පහලින්.. "

උඩරට මනාලියක් ලෙස හැඩ වී සිටි සවින්දි මටත් අනෙක් බ්‍රයිඩ් මේඩ් වෙනුවෙන් චාම් කහ පාට සාරි දෙකක්, ඒකට ජුවලරි සූදානම් කර තිබුණා..  නංගි දිහා දකිද්දි ඇත්තටම මට මැවිලා පෙනුනේ මමත් මේ විදිහට මාල හතක් පළඳලා එයාගෙ ගෙදරට යන්න තිබුණනම් කියලයි.. ඒත් ඒ තරම් මම පින් කරලා නැති නිසාම ඒ අවස්ථාව නංගි බලෙන් හෝ ලබාගත්තට මගේ හිතේ කිසිම ඉරිසියාවක් හෝ තරහක් නෑ.. නංගි ගෙ කීම අනුව මට මේකප් අඩුවෙන් දැම්මත්.. මම දැක්කා මගේම අමුතුම සුන්දරත්වයක්.. ඒත් සන්දීප්ගෙ මූණ බලන්නෙ කොහොමද හිත හදාගෙන මම.... පිච්චෙයි මාව දකිද්දි එයත්, එයා දකිද්දි මමත්.. මගේ වෙන්න බැරි වුණාට එයා තාමත් ආදරේ මට. අනේ මේ වෙඩින් එක ඉස්සරහ ඒ ආදරේ මතුවෙන්න නම් එපා..!! මම ප්‍රාර්ථනා කලේ එපමණයි...

................................................................................

"සන්දීප්.. පුතා ඉක්මන් කරන්න.. මටත් සැලොන් යන්න තියෙනවා.. අද මම තමයි සවින්දිට පස්සෙ ලස්සනටම ඉන්න ඕන.."

සන්දීප්ගෙ අම්මගෙ බල කිරීමට සන්දීප් වෙඩින් එකට ලෑස්ති වුණේ මැරෙන්න යන්න සූදානම් වනවා සේයි....

"අනේ අම්මා මේ.. මට ගමනක් යන්න ඕන.. නුවනා මීට් වෙන්න.."

සන්දීප් තාමත් සවින්දිගෙ කතාවෙ ඇත්ත හොයන යන චේතනාවෙන් පමණක්ම පසුවෙද්දි කිසිසේත්ම අම්මගෙන් මිදීමටනම් හැකි වූයේ නෑ..

"වෙඩින් එක තරම් වැදගත් දේ මොකක්ද.. ආ.. මගෙ කේන්ති අවුස්සනෙපා.. මාව සැලොන් එකෙන් බස්සලා ඔයත් රෙඩි වෙන්න.. යාලුවො දෙන්නවත් රෙඩි කරගන්න.. ලෑස්ති වෙලා මම එනවා ඔයා රෙඩිද බලන්න..,"

සන්දීප්ට පුංචිම හෝ බුරැලක් නැති වෙද්දී කොහොම හොයන්නද සවින්දිගේ වරදක්..

"හෙලා්.. නුවනා.. උඹ කොහෙද ඉන්නෙ.."

ඉවසන්න බැරි තරම් සන්දීප්ගෙ හදවත බයෙන් ගැහෙද්දි ගත්තෙ තම යාලුවා නුවන්ට කෝල් එකක්..

"සන්දීප්.. මම ගියා බං ඊයෙ මොකුත්ම දැනගන්න බැරි වුණා බං.. විස්තර ටික දීලා ආවා.. හොයන්නම් කිව්වා.. බට් නම කිව්ව පලියට උන් විස්තර දෙන්න අදිමදි කරනවා බං.. අද එන්න කිව්වා.. අද ගියාම කියයිද දන්නෙ නෑ හෙට එන්න කියලා.."

නුවන් කතා කලේ බලාපොරොත්තු සුන් වූ තැනක පුංචි හෝ සැනසීමක් ගන්න පිලිතුරක් හොයන්නයි...

"අනේ මචං පොරැවේ චාරිත්‍ර උදේ අටයි ගානකටලු.. අනේ බං ඊට කලින් කරන දෙයක්.. ඒ නැතත් රෙජිස්ට්‍රේෂන් එකට කලින් නම් කරන්නම ඕන..ප්ලීස් මචං.. සදිසිව ඕන බං මට.."

සන්දීප්ගේ වචන බැගෑපත් වෙද්දි සදිසි ගැන තියෙන ආදරය තවත් මතු වෙන බවක් පෙනුනා...

"හරි මචං.. පුළුවන් හැමදේම කරනවා මම.. උඹ රෙජිස්ට්‍රේෂන් එක ටිකක් ලේට් කරන්න බලපං.."

"හරි බං.. මගේ ජීවිතේම අද කාලකණ්ණි වෙයිද නැද්ද කියලා තීරණෙ වෙන්නෙ තව පොඩි වෙලාවකින්... සදිසි නැතුවත් බෑ.. ඒත් අරකි ප්‍රෙග්නන්ට් නම් මොනව කරන්නද බං.. මම හිරවෙලා.. පව් සදිසි මට ලෝබයි බං ඒ කෙල්ලගෙ විදවිල්ල දකින්න.."

සන්දීප්ගෙ හදවත කම්පා වුණේ සදිසි වෙනුවෙන් විතරමයි.. මෙවන් ආදරයක් දකින්න නම් මේ සමාජයේ නැති ගානයි..

ලංකාවේ සුප්‍රසිද්ධ තරැ පහේ හෝටල් අතරින් එකක අද ආදරයක් නොමැති විවාහයක් සිදු වෙන්න නියමිතයි.. පලමුවරට වෙන්න ඇති සුප්‍රසිද්ධ හොටෙල් එකක හදවත්වල ආදරය අල්පක් හෝ නැති දෙදෙනෙක්ගෙ එකතුවක් සිදුවෙන්නෙ.. සන්දීප්, අම්මා සහ තාත්තත් හොටෙල් එකට ගියේ සන්දීප්ගෙ හදවත ප්‍රශ්න කෝටියක නතු කරමින්.. ඒ ඇස්වල සදිසිගෙ රැවම මැවි මැවී පෙනෙද්දී සවින්දිගෙ අතිනත ගන්නේ මොන හිතකින්ද.. සවින්දිට ලැබෙන්න ඉන්න දරැවා සදිසිටගෙත්, සන්දීප්ගෙත් ආදර කතාවේ අවසානයද.. සන්දීප්ගෙ ඇස්වල පිරැණු කඳුළු පිසගත්තේ පිරිමි පෞර්ෂයට කඳුළු නුසුදුසු නිසාම මිස වේදනාව නොදැනෙන නිසා නොවෙයි...

.............................................................................

"යමු දරැවො ඇති හැඩ වුණා.. නැකතට කිට්ටුයි.. ඒ කට්ටිය ඇවිල්ලු ඉන්නෙ හොටෙල් එකට.."

අම්මා කලබලයෙන් වෙලාව සිහිපත් කරද්දි කාර් එකට අපි නැග්ගේ හොටෙල් එකට පිටත් වෙන්නයි.. දැන් නම් හෘද ස්පන්දනය වෙනදටත් වඩා වේගවත් වෙන්නේ මේ යන්නේ මරණ මංචකයට බව මට දැනෙන නිසාවෙන්... අනේ දෙවියනේ.. සන්දීප් වෙන කෙනෙක්ගෙ මනමාලෙක් වෙලා ඉන්නවා දකින්න මේ ඇස් මේ තරම්ම පව්කාරද.. මගෙ ආදරේ නැති වුණාට දුක නෑ.. ඇයි ඇස් පනාපිටම ඒක සිද්ධ වෙන්නෙ.. නංගිගෙ මේ කතාවේ මමයි කාලකණ්ණිම චරිතෙ කරන්නෙ.. මගදිගට මට හිතුණෙ එහෙමයි...
කාර් එක ඇවිත් නතර කලේ එදා තාත්තයි මමයි කෑමට ආව ප්‍රසිද්ධම හොටෙල් එකටයි.. ටුවරිස්ට්ලගෙන් හා ලස්සන පරිසරයක් ඇති හොටෙල් එකේ එදාටත් වඩා මම දැක්කෙ වෙඩින් එකට සූදානම් කරපු අමුතුම සුන්දරත්වයක්.. මෙවැනි තැනක වෙඩින් එකක් ගන්න ආත්ම ගාණක් පින් කරන්න ඕන.. තාත්තට පින් සිද්ධ වෙන්න කෑම වේලක් හෝ මෙතනින් කන්න ලැබුණේ පෙර පිනක් නිසාමයි.. අපි කාර් එකෙන් බැහැලා ඇතුලට යන්න හදද්දි සවින්දි මගෙ දිහා බැලුවේ සමච්චලේට වගෙයි.. .

"සදිසි මගෙ ඔසරි පොට ටිකක් දිග වැඩී.. බිම නොගෑවෙන්න අල්ලන් එනවා.." 

කිසිම පැකිලීමක් නැතුව නංගි මගේ ලවා ඔසරි පොටත් උස්සගෙන යන තැනටම කතා කලා... මේ මොන වගේ දඬුවමක්ද දෙවියනේ.. නෑ දෙවියො කියලා අය හිටියනම් මේ තරම් අසාධාරණකම් කරයිද මට.. දෙවියොත් විශ්වාස නෑ දැන් මට.. දුවෙකුට වඩා බංගලාවේ මෙහෙකාරියගේ චරිතය කරපු මට මේක වැඩක් නෙවෙයි.. මල් කළඹ එක් අතකට ගෙන අනිත් අතින් මම ඔසරි පොට අල්ලගත්තේ දැනටමත් සවින්දිගෙ වැඩකාරි වෙලා අවසන් බව හැඟෙද්දියි..
අපි ඇතුලට යද්දිත් සන්දීප්ලා ඇවිත් හිටියා.. අනේ එයාගෙ ලස්සන.. මගේ ඇස් එයා ලගම නතර වුණේ අද එයා වෙන කෙනෙක්ගෙ වෙන බවත් අමතක වෙමින්... චාම් කහපාට කමිසයට කෝට් එකදාගෙන ඉද්දි කොච්චරනම් කඩවසම්ද.. ඒත් ඒ ඇස්වල මම දැක්කෙ ලොකු අසරණකමක්.. සන්දීප් මාව මේ විදිහට දැක්ක නිසාද මන්දා පුදුම වෙලා මං දිහා බලාගෙනම හිටියා.. ඒ ඇස් මගේ ලඟ නතර වෙද්දි නිරායාසයෙන්ම මට ඉවත බැලුණේ අද සන්දීප් සවින්දිගෙ වෙන බව හිත දන්න නිසා වෙන්න ඇති... 

"ස.. දි..සි.. ඔ..යා.. මෙහෙ.. ඒකත් මේ.. විදිහට.."

සන්දීප් මගේ ලගට ඇවිත් ප්‍රශ්න කලේ කොහොමටවත් මෙවන් දෙයක් ගැන නොසිතූ නිසා වෙන්න ඇති.. 

"මොනා කරන්නද.. වැඩකාරියො වෙලා ඉපදුණාම මෙහෙම දේවල් වෙනවා.. සවින්දිගෙ බ්‍රයිඩ් මේඩ් වෙන්නත් වුණා.. මෙච්චරයි මට අඩු වුණේ.."

මගේ වචන දුක්බර වෙද්දි සන්දීප්ගෙ මූණ කේන්තියට පෙරලෙනවා මම දැක්කා... ඒත් මම අහක බලාගෙනම හිටියේ ඒ මූණ දකිද්දි මට වාවගන්න බැරි තරම් දුකක් දැනනෙ නිසයි..
දෙදෙනා පොරැවට නග්ගවන මොහොත උදා වුණා.. අද සන්දීප් ලග සිටිය යුත්තේ මම වුනත් මනමාලිගේ සාරි පොට අතේ තියාගෙන පෝරැව පහලින් මේ සියල්ලම බලන් ඉන්න මට සිද්ධ වෙලා...සන්දීප්ගෙ ඇස් මගේ ලගමයි.. 
අශ්ඨක මැද දෙදෙනාගෙ සුළුගිලි පටලද්දි මගේ ඇස්වලට කඳුළු  ඉනුවේ  ඉරිසියාවට නම් නෙවෙයි..  මගෙ සුළගිල්ල වෙනුවට වෙන කෙනෙකෙ සුළුගිලි පටලවන්න වෙලා සන්දීප්ට.. අනේ සන්දීප්ගෙ ඇස් මගේ දිහාම හැරිලා තිබුණා.. නිතරම ඇතුල්වීමේ දොරටුව දිහාත් අතෙහි බැඳ ඇති ඔරලෝසුව දිහාත් සැරෙන් සැරේ බලද්දි මට හිතුණේ සන්දීප් කවුරැන් හෝ එනකම් බලන් ඉන්නවා කියලයි.. සන්දීප්ගෙ ඇස්වල තියෙන ඒ අසරණකම දුක ඉස්සරහ අද සන්දීප් හා මම නිහඬ වෙලා.. සවින්දි මේ හැම චාරිත්‍රයක්ම අවසානයේ කට කොනකින් හිනා වෙමින් මම දිහා බලද්දි මට හැඟුනේ මේ වෙඩින් එක ආදරයට නොව මගේ වේදනාවෙන් සවින්දි ලබන සතුටක් හැටියට සිදුකරන බවයි.. මම තරහ නෑ නංගි.. මේ ඔයාගෙ සතුට නම්.. මම නිහතමානීව අයින් වෙන්නම් ඔයාල දෙන්නගෙන්.. ලස්සනට ඇඳගෙන මගේ දිහාම සැරින් සැරේ දුකින් බලන සන්දීප් දකිද්දි නම් මගෙ හදවත ඉකිබිඳින්නේ මටත් නොකියාමයි...

අනේ ඔබ අද.. මගේ ඉදිරියෙම...
වෙනකෙකු හා අතිනත ගන්නවා 
මේ ඇස් කොහොම ඉවසන්නද..
හදවත හයියෙන් ඔබවම ඉල්ලද්දි
කොහොම සනසන්නද හදවත..
ඔබ දැන් මට අයිති නෑ කියා..
පිලිගන්නෙ නෑ හදවත..
ඔබ දැන් මගේ නොවේ කියා...
ඇස් පනාපිටම.. ඔබව දන් දෙන්න..
සිදු වුණා මට අසරණකමටම..
අද ඔබ කුමාරෙකි.. මට හිමි නැති මාලිගාවක....
😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

පෝරැවේ චාරිත්‍ර අවසානයේ දෙන්නම රෙජිස්ට්‍රාර් ඉදිරියට ගියේ යුග දිවිය අරඹන්න නීතියට එකඟවම.. නීතියට බෑ අපේ ආදරේ මකන්න.. දුරස් වෙනවා සන්දීප් අද මම.. ඔයාගෙ සතුට ගැන හිතලම.. නීතියෙන් බැඳෙන ඔයාලා කවදමහරි බැඳෙයි හදවතින්.. සදිසි එදාට සතුටුවේවි හදවතින්ම.. 

"මේ.. මේ.. මට පොඩ්ඩක් වොශ් රෑම් යන්න ඕන.. ගිහින් එන්නම්.."

පුදුමයි.. සන්දීප් මේ හදිස්සියේ රෙජිස්ට්‍රර් වෙන්න තියෙද්දි වොශ් රෑම් එකට ගියා... ඒකත් දොර දිහා බල බලම.. මොකද මේ වෙන්නෙ.. මට හිතාගන්න බෑ..

පෝන් එක ගනින් නුවනෝ.. මගෙ පපුව හිරවෙලා දැන් නම් හාට් ඇටෑක් වගේ.. තව කෙච්චර වෙලා නවත්තන්නද මේ මගුල මම.. පික්ප් ප්ලීස්..

සන්දීප් දහ සැරේටත් වඩා නුවන්ට කෝල් කලද ඔහුගෙන් කිසිම පිලිතුරක් නැති තැන බිඳුණු බලාපොරොත්තුවෙන් නැවත මංගල සබයට ආවේ තවත් පරක්කු කරන්න හේතුවක්වත් නැති තැන..

"දැන් දෙන්න මම කිව්වට පස්සෙ කියන්න.."

රෙජිස්ට්‍රාර් මැඩම් දෙදෙනාගේ කසාදය ලියවිල්ලට හා කොන්දේසිවලට ගොනු කරන්න හදද්දී මම හිතුවේ අපේ ආදරේ තාමත් කොන්දේසි විරහිත බව...

"සන්දීප් මානවඩු වන මම.."

"ස..න්..දී..ප්.. ම්..මා..න ව.. ඩු.. වන.. ම්..ම්.. ම..ම.."

සන්දීප් ඒ වචන නොකියවෙන තරම් ය.. තාමත් එයා බලන්නේ මගෙයි දොරකොඩ දෙසයි..

"මෙහි සිටින..."

"මෙ..හි.. සි...ටි...න.."

අනේ නුවනෝ.. මගේ ඇඟම ගැහෙනවා කෝ උඹ...??? සන්දීප් තාමත් අවසාන බලාපොරොත්තුව අතැතිව සිටී.. තව ඉතිරිව ඇත්තේ මිනිත්තු කිහිපයකි.. සියල්ල වෙනස් වෙන්නට..

"සවින්දි මදනායක වන අයව.."

"ස්..ස්..ස..වි..න්..දි... ම..ද..නා..ය..ක.. ව..න අ..ය.. ව.."


"මාගේ නීත්‍යානුකූල භාර්යාව වශයෙන් පිලිගන්නා බවත්.."
"ම්...මා...ගේ.. නීත්‍යා..නු..කූ...ල භා..ර්..යා..ව ව..ශයෙන්.. පිලි..ගන්නා.. බවත්..."

අනේ.. සන්දීප් තව විනාඩි කීපයකින්.. සදහටම වෙන කෙනෙක්ගෙ.. දෙවියනේ.. මාව..මරලා දාන්න... මගේ හදවත කඩා වැටී අවසානයි...

"නු..ව...නා..."

එකපාරම සන්දීප් සියල්ලම මග නවතා දමා නුවන් දුටු විගසම මහ හයියෙන් කතා කලේ පැමිණ සිටි සියලුදෙනාගෙම ඇස් ඒ වෙත යොමු කරමින්...නුවන් තරමක් බලාපොරොත්තු සුන් වූ අයුරින් එද්දී සන්දීප්ගේ කුතුහලය හා බය තව තවත් වැඩි විය.. 

"නුවනා.. මට කියපන්.. හැම දෙයක්ම හරි නේද.. මම බේරෙනවා නේද.. කියපංකො..ඇති බං දැන් හොඳටම.. කී පාරක් ගත්තද බලපං උඹට.. රිපෝට් හම්බුණාද.. මොකද වුනේ කියපං.." 

සන්දීප් නුවන්ගේ කොරලෙන් හොලවමින් රිපෝට් එකක් ගැන අහද්දි මගෙ හිතටත් ලොකු බයක් ආවේ මේ සිදුවෙන කිසිවක් නොවැටහෙන නිසයි..

"අපි.. පරා..දයි.. මචං... රි.පෝට්.. දෙන්න බෑ කිව්වා.. පෞද්ගලිකත්වයට සුදුසු නෑ කියලා.. එයාලට අවසර නෑ කිව්වා.. වැඳලා වැඳලා එකක් ඉල්ලගත්තා.. වැ..ඩක්.. නෑ මචං.."

නුවන් සන්දීප්ට මුහුණ දෙන්න නොහැකිව වගේ බිම බලාගද්දි සන්දීප්ගේ භීතිය තවත් උත්සන්න වුණා..

"මොකක්ද උඹ කියන්නෙ.. කෝ දීපං ඕක මෙහාට.."

සන්දීප්ට තවත් එක තත්පරයක් හෝ ඉවසන්න බැරි තැන නුවන්ගෙ අතේ තිබුණ රිපෝට් එක උදුරගත්තේ සැක හැර හැමදේම දැනගන්නයි..

"වට්..?? මේක පොසිටිව්.."

සන්දීප් හිටිය තැනින් අඩියක් පස්සට ගියේ ඇස් දෙක ලොකු කරගෙන රිපෝට් එක දිහා බලාගෙනයි..

"සන්දීප් ඔයාට මම කිව්ව දේ සැක හිතුණද.. මම ඇත්ත කිව්වේ මම ප්‍රෙග්නන්ට්.. නව් යූ අා මයින්.. ඔයා තමයි අපේ බබාගෙ ඩැඩී..දැන්වත් මේක ඉක්මනට ඉවර කරමු.. ආය මුල ඉදන් කියවන්න..."

මොකක්ද මේ වෙන්නෙ.. සන්දීප් සවින්දිගෙ රිපෝට් ආය අරගෙනද.. අනේ එයාට තාමත් මාවයි ඕන.. එයා මාව එයාගෙ කරගන්න සටන තාම නතර කරලා නෑ.. ඒත් අපි පරාදයි.. සවින්දි කියලා තියෙන්නෙ බොරැවක් නෙවෙයි.. එයා ඇත්තටම අම්මා කෙනෙක් දැන්.. ඔයාව මට අයිති නෑ සන්දීප් දැන්.. හිත හදාගන්න පුළුවන් වෙයි.. ඇස්වල පිරැණු කඳුළු හෙමින් පිහදගත්තේ දැන් හැමදේම විසදී හමාර නිසාය..

නෑ.. මේක කොහොමද වුණේ.. රිපෝට් පොසිටිව්.. සවින්දි බොරැ කියලා නෑ.. අනේ මට සදිසි ලැබෙන්නෙ නැද්ද.. ඒ කෙල්ල කොහොම දරාගන්නද.. මගේ අවසාන බලාපොරොත්තුවත් බිඳුණා.. අනේ සදිසි මැණික..
සන්දීප් අඬන්න ගත්තේ කරකියාගත කිසිවක් නොමැතිවයි.. රිපෝට් පොසිටිව්..

"කෝ ඕක පැත්තකට දාලා එන්න රෙජිස්ට්‍රේෂන් එක ඉවර කරන්න.."

සවින්දි සන්දීප් අතේ තිබ්බ රිපෝට් එක උදුරගන්නයි හැදුවේ..

"ඔ..හො..ම පොඩ්..ඩක්.. ඉන්න ..මෙකේ අවු..ල..ක්.. මේ.. මේ..ක..????"

...............................................................................


*කතාවෙ විසිතුන්වන කොටස මේ විදිහට අවසන් කරද්දි මේ මොකද වුනේ.. සවින්දි කියලා තියෙන්නෙ බොරැවක් නෙවෙයි.. රිපෝට් බොරැවක් නෙවෙයි.. දැන් මොකක් වෙයිද.. සවින්දි රිපෝට් ඇදලා ගන්න හදද්දි සන්දීප් මොනවා හරි දැක්කද.. මොකක් වෙන්නැතිද.. සන්දීප්ට සදිසිට සදහටම සමුදෙන්න වෙයිද.. රිපෝට් පොසිටිව් නිසා සවින්දි හා සන්දීප් නීතියෙනුත් එයාලගෙ වෙයිද.. කතාව ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. ඊළග කොටස අරන් ඉක්මනටම එන්නම්.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru Don'T Copy

Friday, June 26, 2020



නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*විසි දෙවන දිගහැරැම*

ගෙදරට ආවත් මම උදේ ඉදන් රෑ වෙනකම්ම එකම බත් කටක් හෝ කෑවෙ නෑ.. දරාගන්න බැරි දුක් අස්සෙ උගුරෙන් පහලට බත් කටක් යවන්නෙ කොහොමද මම.. නංගි දිහා බලන්නත් ලැජ්ජයි.. මෙච්චර නරක දේවල් ඇයි මටම සිද්ද වෙන්නෙ.. දෙවියොත් දැන්නම් නිහඬයි.. ඇඳට වෙලාම කල්පනා කලේ වෙන කරන්න කිසිවක් නැති තැනයි..

"සදිසි බේබි.. මේ බත් කටක් කන්නකො.."

මැණිකෙ නැන්දගෙ හිතේ පුදුමාකාර දුකක් තියෙද්දි ඇය හැමතිස්සෙම උත්සහ කලේ මට බත් කටක් හෝ කවන්නයි..

"මට එපා මැණිකෙ නැන්දෙ.."

"නොකා කොහොමද.. උදේ ඉදන්ම කාලා නෑනෙ.. අසනීපයක් වුණොත් ලොකු සර් මාවත් පන්නයි.. අනේ සදිසි බේබි.. හොඳ දුවනෙ එක බත් කටක් කන්න.." 

මැණිකෙ නැන්දා මේ තරම් මං වෙනුවෙන් කණගාටු වෙද්දී නොකා ඉන්නෙ කොහොමද.. මම නිසා අහිංසක මැණිකෙ නැන්දට තාත්තා බනී... මම උගුර වේලී හිරවෙද්දිම බත් කටක් දෙකක් කෑවෙ මැණිකෙ නැන්දගෙ පින්සෙණ්ඩුවටයි.. සන්දීප් දුකෙන් ඇත්තෙ.. කාලද දන්නෙ නෑ.. ඒ වුණත් එයා දැන් මට අයිති නෑ.. අමතක කරන්න උත්සහ කරනවා මම.. මේ හැමදේම.. සන්දීප්ගෙ දුක සැප අහන්න හිතුණත් එයා ගොඩක්ම වැරදි නෑ කියලා හිතුණත් මම මාව පාලනය කර ගත්තේ නොදැනුවත් ව හරි සන්දීප් දැන් වෙන කෙනෙක්ගෙ කුසේ වැඩෙන දරැවෙකුගෙ තාත්තා වෙලා අවසන් නිසයි.. ඊටත් වඩා මම අවජාතක වුණත් තවත් දරැවෙක්ට මට වෙච්ච දේ වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ මට...

"ආහ්.. සදිසි දැන් සතුටුද.. මම තමුන්ට කිව්වනෙ මාත් එක්ක හැප්පෙන්න එන්නෙපා කියලා.. මට අයිති වෙන්න ඕන දේවල් තමුන්ට හීනෙන්වත් අයිති වෙන්න දෙන්නෙ නෑ මං.. තේරැණාද.."

සවින්දි කාමරයටම ඇවිත් සමච්චලයට කියද්දී මට හිතුණේ නංගි සන්දීප් එක්ක මේ හැමදේම කලේ මට සතුටක් ලැබෙයි කියලා ඊර්ෂ්‍යාවට බවයි.. සන්දීප් ගැන ආදරයක් නංගිට නෑ.. තියෙන්නෙ සන්දීප් ලස්සන නිසා මාව බඳී කියන ඉරිසියාවටයි, සන්දීප් ගැන එයාට තියෙන කාමික ආශාවන් වලටයි.. ඒත් සිදුවුණු දේ වෙනස් කරන්න නම් දැන් බෑ කොහොමත්...

................................................................................

"මචං සන්දීප් ඇති බං ඔය ඩ්‍රින්ක්ස් ගත්තා.. වැඩී බං දැනටමත් උඹට හොඳටම.."

"ම..මම..මහ මෝඩයෙක් යකෝ.. සදසි මො..න.. වගේ කෙල්ලෙක්ද.. කියලා දැන දැන.. එදා ම..ට හිතන්න තිබුණා.. එතන අවුලක් තියෙනවා කියලා... ම..ම.. මො..ක..ට රැව..ටුනා..ද.. අර.. අහිංසකීට දුන්න ගින්නට.. මට.. හෙන ගහයි..බං.."

සන්දීප් තමන්ට දැණුනු වේදනාව වචන කරමින් තම හොඳම යහළුවා වූ නුවන් සමග බෙදාගත්තේ හොඳටම මත් වෙලයි.. සන්දීප් අඬ අඬ කොච්චර බිව්වද කියනවනම් දැන් ඔහුට ඉන්න තැන හෝ සිහියක් නැත...

"යකෝ... කෙල්ලෙක් බලෙන් ගෙන්න ගෙන දෙනවනම් නොගෙන ඉන්න එකා.. පො## ක් නෙ බං.. මම ගියානම් මාත් උඹ කරපු ටික තමයි කරන්නෙ.. ලගට ගෙන්න ගෙන බලෙන් දෙනකොට නොගෙන ඉන්න මොකද උඹ, මම රහත් වෙලාද.."

නුවන්ගේ වචන රළු වෙද්දී ඒ කතාවේ වරදක් නැතුවාම නොවෙයි.. තමන්ගෙ ගෞරවය ගැන පිරිමින්ට වඩා සිතිය යුත්තේ ගැහැණුන් ය.. ගැහැණියක් වූ කල වැඩිපුරම හම්බ කල යුත්තේ ආත්ම ගෞරවයයි.. 

"ඇත්ත මචං.. ම..ට. ද්.ද්..දු..ක අ..ර.. අ..හිං..ස..ක කෙල්ල.. කා..ලද.. දන්නෙ ..නෑ.. ඒ.. කි.. විදින.. ද්..දු..කෙන්.. මු.ද..වන්..න ඕ..න වුණේ.. මචං..හැම..දේම.. ඇරේන්ජ්.. කලා.. ඒකි..වෙනුවෙන්... ඒකිත් මට.. පු..දු..ම.. ආ..දරෙයි බං... කොහොම.. උහුල..න..වද.. දන්..නෙ නෑ.. ඒකි.. මේ.. දේ..ව..ල්.. උ..ඹ..දන්..න..වද.. ඒ..කිට මම..දුන්න.. පො..රොන්..දු.. හැම.. එකක්ම.. බොඳ වෙ...ද්..දි.. ඒ..කි.. පිච්චෙනවා ඇති බං.. මහ..පව්කාරෙක් මං.."

සන්දීප් වේදනාවෙන් දොඩවද්දී.. බීමතින් වුණත් ඒ වචන වලින් පිටවුණේ සන්දීප්ට සදිසි ගැන තියෙන ආදරයයි...

"ඒකි පව් තමයි.. ඒත් දැන් මොනා කරන්නද.. අපිට මොනා හරි දෙයක් කරන්න පුළුවන් වෙයි බං.. රිපෝට් බොරැද දන්නෙත් නෑනෙ.. සල්ලිවලට ඕන දෙයක් කරන්න පුළුවන් නෙ බං.. දැන් කාලෙ රැපෝට් එකක් වෙනස් කරන එක පොඩි දෙයක්.. උඹ ලග ඒ රිපොට් එකේ එක කොපියක්වත් නැද්ද.."

"න්..නෑ.. ම..චං.. මම ඉරලා වි..සි කලා.. බට්.. මතකයි.. ම..ට.. රිපෝට්..චෙක් කරපු.. ප්‍රයිවට් හොස්පිටල් එක.."

"ට්‍රයි එකක් දීලා බලමු.. දැන් රෑ වෙලානෙ.. හෙට උදේම යමං එහෙට ගිහින් මේ කතාවෙ ඇත්ත නැත්ත දැනගමු.. ඇති ඩ්‍රින්ක්ස් ගත්තා දැන් යමං.."

ඇවිදින්න තියා හිටගන්නවත් බැරි සන්දීප් අත තමන්ගෙ කරට දාගෙන තමන්ගෙ අතක් සන්දීප්ගෙ ඉන වටා අත දමා සන්දීප්ව තදින් අල්ලගෙන නුවන් ඔහුව කාර් එකට දාගත්තෙත් අමාරැවෙන්..
කාර් එකේ එන ගමනුත් සන්දීප් වෙරි මතින් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න නුවන්ට සිදුවුණා..

"අඩෝ... නු..ව..නා.. සදිසිව මට.. නැති වෙ..යි..ද බං.. අරකි එදා.. ඉද..න්.. මගෙ.. කරේ.. එල්..ලෙන්න ආවෙ.. ඒ..ත්.. ඒ..ත් මචං මම.සදිසිට විතරයි.. ආදරේ කලේ.. බලපං මචං ඒකි..ගෙ හැදි..යාව.., චාම්.. කෙල්ලෙක්.. අපෙ ම..මී..ලා.. මගෙයි.. අර.. සක්කරව..ට්..ටමෙයි.. වෙ..ඩින්.. එක ඉක්මන් කරනවා කිව්වා.. මට බෑ බං.."

"වෙඩින් එක ඉක්මන් කලොත් නම් ඉවරයි මචං.. උඹ අවුල් නොගෙන ඉදපන්.. අපි හෙටම බහිමු වැඩේට.."

නුවන්ගේ වචනවලට සන්දීප් සැනසුනත් මේ වෙද්දිත් සවින්දිගෙයි, සන්දීප්ගෙයි කසාදෙ තීන්දු වී හමාරයි..

................................................................................

"මිසිස් මදනායක.. දුව සාරි එකක් සිලෙක්ට් කරගෙනද.. වැඩි කාලයක් නෑ අපිට.. හෙට දවස විතරයි තියෙන්නෙ.."

"ආ.. එයා ඔන්ලයින් ඕඩර් කරලා.. හෙට වෙද්දි ඩ්‍රස් එක ගෙදරටම එයි..ජුවලරි හැමදේම හරි.. අපි හෙට යනවා හොටෙල් එකක් බුක් කරන්න.. මදනායකගෙ එකම දරැවනෙ.. five star hotel එකක තමයි ගන්නෙ..මගෙ ලගම යාලුවෝ ටිකකට ඉන්වයිට් කලා මම.."

සවින්දි ගෙ අම්මත් සන්දීප්ගෙ අම්මත් දුරකතනයෙන් හරි හරියට කතා වෙන්නෙ සන්දීප්ගෙයි සවින්දිගෙයි වෙඩින් එක ගන්නයි.. සවින්දි ප්‍රෙග්නන්ට් නිසාම වෙඩින් එක ඉස්තරම්ම අයුරින් ඉක්මනින් ගන්නයි සැලසුම..

"ඕහ්.. මාත් මගෙ ලගම යාලුවෝ ටිකකට කිව්වා.. බට් මානවඩු නම් කැමති නෑ මේකට.. මිස්ට මදනායක මොකද කියන්නෙ.. වෙඩින් එකට එනවලුද.."

"මොන ඒමක්ද මිසිස් මානවඩු.. සවින්දිව හදලා තියෙන්න පහත්, නැහැදිච්ච විදිහට කියලා මට පලු යන්න බැන්නා.. තරැණ ලමයිනෙ.. ඔහොම දේවල් කරනවා.. සමාජෙ දියුණු වෙලා.. දැන් ඕවා මිනිස්සු කෙයා කරන්නෙ නැති තරම්.. එඩ්වඩ්ට ලොකු සදිසිවනෙ.. ඉතින් මට බනිනවා සවින්දි එයාගෙ නම්බුවට ලැජ්ජ කලා කියලා.."

තමන්ගෙ දුව කල මේ නැහැදිච්ච ක්‍රියාව තාමත් ඇයගෙ අම්මට සුළු දෙයක් වෙද්දි තමන්ගෙ දරැවා තවත් නොහොබිනාකම් කලත් නිලන්ති මදනායකට සවින්දිව කවදාවත් නිවැරදි පාරට ගන්න පුළුවන්කමක් නැත..

"අපෙ කොල්ලත් වැරදීනෙ.. හෙට මටත් කරන්න සෑහෙන්න වැඩ තියෙනවා.. සවින්දි බ්‍රයිඩ් මේඩ්ස්ලා සිලෙක්ට් කරලා එයාලට ඩ්‍රස් සිලෙක්ට් කරලද.. මාත් පුතාගෙ යාලුවෝ දෙන්නෙක් ලෑස්ති කරවන්න ඕන.. හෙට වැඩ කෝටියයි.. එහෙනම් අනිද්දට අපි මීට් වෙමු.. නෑයො වෙන්න බලාගෙන.. එහෙනම් මිසිස් මානවඩු මම තියන්නම්..ගුඩ්නයිට්.."

"ඔව් එයා හිතලා හෙට ඇඳුම් ජුවලරි ගෙනෙයි.. මම දුව එක්ක උදේට කතා කරන්නස්.. කේක් ඕඩර් එකත් දෙන්න ඕන.. එහෙනම් අපි අලුත් සම්බන්ධකමකින් හම්බෙමුකො.. ගුඩ් නයිට්.."

සවින්දිගෙත්, සන්දීප්ගෙත් වෙඩින් එක බොහෝ ඉක්මනින් ලෑස්ති වෙද්දි සන්දීප් තවමත් උත්සහ කරන්නේ මේ සිදු වූ අසාධාරණෙන් කොහොම ගැලවෙන්නද කියලයි......

සන්දීප් ඊයෙ ටිකක් වැඩිපුර ඩ්‍රින්ක්ස් ගත්ත නිසාම අවදි වෙන්න දවල් වුණත් නුවන්ගෙ කීද්දිල්ලට සන්දීප් අවදි වුණේ නුවන්ටත් බැනගෙන..

"මොකද අඩෝ වද දෙන්නෙ.  මගෙ ඔළුව රිදෙනවා.. ඊයෙ කොහොමද බං මම ගෙදර ආවෙ.."

"අනේ අනේ.. තෝ ආවෙ මගේ කරේ එල්ලිලා.. උඹේ ඔළුවෙ කැක්කුම දැන් සනීප වෙයි.. අන්න හෙට උඹෙයි අර සක්කරවට්ටමගෙයි වෙඩින් එක හෙට දාගෙන.. සුපිරිම හොටෙල් එකක..මටත් බෙස්ට් මන් කෙනෙක් වෙන්න කියනයා උඹලගෙ අම්මා.. ඇඳුම් සිලෙක්ට් කරන්න යන්න උඹව ඇහැරවන්නලු.."

"මො..කක්..? වෙඩින් එක හෙට.. උඹ දෙවනි මනමාලයද..?? යකෝ මම තාම මනමාලයා වෙන්න හිතලවත් නෑ.. උඹ මොනවද කියන්නෙ..."

නුවන් කිව්වා සේම සන්දීප්ගෙ ඔළුවෙ කැක්කුම සනීප වෙන්න ගියේ තත්පරයක් පමණයි..

"ඔව් යකෝ.. මම මේ උදේම ආවෙ මගුලක් කතා කරන්න නෙවෙයි.. ඊයෙ උඹ කිව්වනෙ සවින්දිව චෙක් කරපු හොස්පිටල් එකේ නම මතකයි කියලා.. මම ආවෙ යමු කියන්න.."

"ඔව් බං.. උඹනම් බොක්කෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක්.. තෑන්ක්ස් මචං මං ගැන මෙහෙම හිතනවට ගග ඉන්නවට.."

"යකෝ යාලුවෝ කියන්නෙ ඒකටනෙ.. පට ගාලා වොශ් එකක් දාගෙන වරෙන්.."

මොන දේ වුනත් හැමදේටම උදව් කරන යාලුවෙක් ලග ඉන්න එකනම් ලොකු හයියක්.. සන්දීප් ඉක්මනටම ලෑස්ති වෙලා ආවෙ සවින්දිගෙ කතාවෙ ඇත්ත නැත්ත හොයන්න යන්න හදිස්සියටයි.. කාලය ගොඩක් ම වැදගත් වූ බව සියල්ලන්ටම අවබෝධ වී ඇත...

"සන්දීප් කොහෙද මේ යන්නෙ..?"

"මමී මායි නුවනුයි පොඩි ගමනක් යනවා.."

"ආ මේ මම දැක්කා ඊයෙ ආව හැටි රෑ.. අද නම් මොනම වැඩක්වත් දාගන්නෙපා.. මාත් එක්කම ඉන්න.. තව පුරාම වැඩ තියෙනවා කරගන්න.."

සන්දප්ගෙයි, නුවන්ගෙයි වැදගත් වැඩේට සන්දීප්ගෙ අම්මා බාධාවක් වුණා..

"අනේ මමී.. මේක හදිසි වැඩක්.."

"ඔයාගෙ වෙඩින් එක තරම් වැදගත් වැඩක් තවත් කොහෙද.. සවින්දි ඇඳුම් සිලෙක්ට් කරලා.. චාරිත්‍ර කරන්න බඩු ගන්න ඕන.. ඔයාගෙ ඇඳුම්.. වැඩ කෝටියයි.. අද මාත් එක්කමයි.. ඕකෙ.. අනිත් වැඩ සේරම කැන්සල් කරන්න.."

"බෑ මමී.. ප්ලීස්.."

"සන්දීප් තවත් මගෙ ටෙන්ශන් වැඩි කරන්නෙපා. අද මාත් එක්කමයි.. යමු මාත් එක්ක.. මට ගමන් ගොඩක් තියෙනවා.. හෙට අඳින්න ඩ්‍රස් එකක් ගන්න ඕන.. මමනෙ මනමාලයගෙ අම්මා.. ලස්සනට ඉන්නෝන.."

සන්දීප්ගෙ අම්මා ඉස්සරහ සන්දීප්ට අවනත වෙන්නම සිදුවුණා..

"එහෙනම් උඹ මං වෙනුවෙන් උදව්ව කරපං මචං ප්ලීස්.. උඹ ඒ ගැන හොයන්න ට්‍රයි කරපං.. මම බෙස්ට් මන්ට සංජුටයි, රවිඳුටයි කියනවා.. උඹ නිදහසේ මට මේකෙ ඇත්ත හොයලා දියන්..මට වෙන කරන්න දෙයක් නෑ බං.. ලමයා මගේලුනෙ.. වෙඩින් එකට යට වෙන්නම වෙනවා.. ප්ලීස් මචං.."

සන්දීප්ගෙ වචන ඉදිරියේ නුවන් සන්දීප්ට උදව් කරන්න ඉදිරිපත් වුණත් සන්දීප් හොඳටම දන්න දේට යාලුවෙක් ඉදිරිපත් වෙලා ඵලක් තියෙයිද.. සන්දීප් හොඳටම හිරවුණේ තමන්ගෙ අම්මා නිසයි...

...............................................................................


"ඒයි සදිසි.. දැන් උදේවෙලා පුරාම වෙලයි.. තාම නිදි මොකෝ..ඇයි ඉරිසියයිද.. හෙට සන්දීප්ගෙයි මගෙයි වෙඩින් එක.. තමුන්ට හැපි නිව්ස් එකක් කියන්න ආවෙ.."
නින්දත්, නොඉන්දත් අතර, තෙත් වූ කොට්ටය මත වැතිරී ඉද්දී මට නින්ද යන්නට ඇත්තේ එලිවෙන ජාමෙ වෙන්න ඇති.. ඒ තරම් වෙලාවක් මම අවදියෙන් හිටිය බව මට හොඳටම විශ්වාසයි.. වේදනාව මටත් වඩා මගෙ කොට්ටය දැන් හඳුනගෙන ඇති.. දෙවියනේ.. නංගි මොකක්ද මේ කියන්නෙ.. මෙච්චර ඉක්මනට ඒ දෙන්නගෙ වෙඩින් එක සිද්ද වෙනවද.. මේ මොනවද වෙන්නෙ.. දුකටම මගේ පපුව වේගයෙන් ගැහෙද්දි ඊටත් වඩා කුතුහලයක් ඇති වුණේ නංගි මට ගෙනාව සතුටු හිතෙන ආරංචිය මොකක්ද.. මම දන්න කාලෙ ඉදන් නංගි මට ගෙනාවෙ දුක් දෙන දේවල් මිස සතුට දැනෙන දේවල්නම් නෙවෙයි...

"මො..ක..ක්..ද..?"

ප්‍රශ්න කෝටියක් හිතේ තියාගෙනත් මම ඇහුවේ ප්‍රශ්න නිරවුල් කරගන්න උවමනා නිසයි...

"ආහ්... හෙට මගේ වෙඩින් එකේ තමුසෙත් බ්‍රයිඩ් මේඩ් කෙනෙක්.. ඇඳුම්, ජුවලරි සේරම මම මැච් කරලා ඉවරයි.. හෙට නම් ඔහොම ඇඬියාව දාගෙන ඉන්නෙපා.. මොකද හෙට ක්වීන් සවින්දි මදනායකගෙ වෙඩින් එක.. තමුන් වගේ තර්ඩ් ක්ලාස් කෙල්ලෙක් මගේ බ්‍රයිඩ් මේඩ් වෙන්න සුදුසු නෑ.. බට් තමුන් දැනගන්න ඕන.. සවින්දි මදනායකට අයිති දේවල් උදුරගන්න යන අය දැනගන්න ඕන.. සවින්දි එක්ක හැරෙන්නවත් එයාලට බෑ කියලා.."

නංගි ගෙ කතාවට මගෙ මුළු ඇඟම හැරිවැටිලා ඇඟම පණ නැතිවෙලා යද්දි කියාගන්න හෝ වචනයක් කටට නාවේ මටත් නොදැනිම මගේ ඇස් කඳුළු වගුරද්දියි...
මේ මොකද මට කරන්නෙ දෙවියනේ.. මම මෙච්චර පව් කරලා තියෙනවනම් මාව මරලා දාන්න... නොමරා මරන්නෙ ඇයි..මෙහෙම..???
දෙවියනේ මට ඇති වුණ පළවෙනි ආදරේ.
 එයා වෙන කෙනෙක්ගෙ හස්බන්ඩ් කෙනෙක් වෙද්දි මම මනමාලිගෙ බ්‍රයිඩ් මේඩ් කෙනෙක් වෙලා ඒ දේවල් බලන් ඉන්න ඕනද.. මේ තරම් දරැණු දඬුවම් දෙන්න තරම් මම කරපු පව මොකක්ද..?? කවද්ද මේ කාළකණ්ණි ජීවිතේට සතුටක් ලැබන්නෙ.. මම ආදරය කරන කෙනා බඳින කෙනාගෙ බ්‍රයිඩ් මේඩ් වෙන්න... මගෙ හිතට ඒ තරම් හයියක් නෑ දෙවියනේ... සවින්දි මේ දේවල් කරන්නෙ මාව රිද්දන්නමයි...
මට මැරෙන්න හිතෙනවා... මාව මරලා දාන්න මේවා තවත් උහුලන්න බෑ..
සතුට ජීවිතයට එක මොහොතක් හෝ සමීප වුණානම්.. ඒ සන්දීප් මං වෙනුවෙන් ලස්සන දවසක් ගේන්න උත්සහ කරපු එක.. ඒත් ඒ සතුටම මට සාපයක් වෙද්දි මගෙ ඇස් නොනවත්වාම කඳුළු හැලුවේ මේ සමාජයටම වෙෙර කරන්න තරම් මගෙ හිත නතුවී අවසාන වෙද්දී.............

...............................................................................


**කතාවෙ ඒ කොටසත් හේ විදිහට ඉවර වෙද්දි මුලින්ම සමාව ඉල්ලනවා කතාව පරක්කු වුණාට... දිග කොටසක් දුන්නා ඒ වෙනුවට..මේ මොකද වෙන්නෙ.. වෙඩින් එක හෙටයි.. සන්දීප් මේ වෙඩින් එකට කොහොම මුහුණ දෙයිද.. දුශ්ට සවින්දි සදිසි සන්දීප්ට ආදරේ කරන බව දැන දැනම එයාව රිද්දන්නම තමන්ගෙ බ්‍රයිඩ් මේඩ් කෙනෙක්ව කරගෙන.. සදිසිට මේ තරම් ලොකු දුකක් දරාගන්න පුළුවන් වෙයිද.. සන්දීප් ට මොකුත්ම කරගන්න බැරි වෙයිද.. සවින්දි කියපු කතාවෙ ඇත්ත නැත්ත හොයාගන්න සන්දීප්ට යන්න බැරි තරමටම මිසිස් මානවඩු ඉස්සරහ සන්දීප් අසරණ වුණා.. ඉතින් යාලුවට පුළුවන් වෙයිද සන්දීප් නැතුව මේ දේවල් හොයාගන්න.. සන්දීප් සවින්දිව මැරි කරන්න කලින් මොකුත්ම කරගන්න බැරිවෙයිද..සදිසිට ජීවිතේ එපාවෙන මට්ටමටම දැන් දුක උත්සන්න වෙලා.. සදිසි මොකුත් අසුභ දෙයක් කරගනීද.. කතාවෙ ඊළග කොටස පරක්කු නොකර දෙන්නම්.. ප්‍රශ්න ඉක්මනටම විසදගමු.. කතාව ගැන අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. කතාව එක්ක දිගටම ඉන්න කට්ටියක් ඉන්නවා ආදරෙයි හැමෝටම.. කතාව ලියන එක අතරමග නතර කරන්න හදද්දි ඔයාලගෙ කමෙන්ට් තමයි මට හයියක් වුණේ.. ස්තූතියි ඒ වගේම ආදරෙයි හැමෝටම දිගටම ඉන්න කතා පියස එක්කම..**
Dilru Don'T Copy

Thursday, June 25, 2020



නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*විසිඑක්වන දිගහැරැම*

"සදිසි.. ම..ට මැසේජ් ආවෙ ඔයාගෙ නම්බ එකෙන්.. මීට් වෙ..න්..න ඕන කියලා.. අහන්න.. ම..ම..මම දැනගෙන හිටියෙ..නෑ සවින්දි කියලා.."

සන්දීප්ගේ වචන පැටලෙද්දි මගෙ ඇස්වලින් කඳුළු බිඳු පහලට වැටුනේ මටත් නොදැනිමයි... මේ තරම් නරක සිදුවීමක් කවද්ද වුනේ..

"මම.. කවදාවත් මම ඔහොම කරනවද ආ..? අතින්වත් අල්ලන්න දෙනවද ලේසියෙන්.. ඔච්චර දෙය..ක්.. ඇයි දෙයියනේ.. මම කවදාවත් ඔහොම කරන්නෑ කියලා හිතන්න බැරි  වුණාද.."

උහුලගන්න බැරි තැන මගේ වචනවල වේගය වැඩිවෙද්දී ගිලිහුණු මුද්ද ගැන හෝ සිහියක් නෑ..මට..

"ස...දි..සි මැණි..ක.. මම.. වරදක්.. කරන්න... හිතුවෙ නෑ රත්තරනේ.."

සන්දීප් මගෙ අත් දෙකන් අල්ලගත්ත ත් මගෙ අත ඉවතට ගන්න තරම් වේදනාව දරැණු වුණා.. දෙවියනේ මේ තරම් දුක් උහුලන්න මම කල පව මොකක්ද..

"මම කොච්චර ලැජ්ජ කෙල්ලෙක්ද.. ඔයා ආදරෙන් බැලුවත් මම බිම බලාගන්නවා.. එහෙම එකේ මම ඔයාව මහ රෑ ගරාජ් කාමරේට ගෙන්න ගෙන ඔය විදිහට හැසිරෙනවද..කතා කරන්න සන්දීප්..කියන්න මට.."

මගේ ප්‍රශ්න ඉස්සරහ සන්දීප් ගොලුවෙද්දී තවත් මොනව කතා කරන්නද මම.. නංගිගෙ වරදින් හරි නංගි ගෙ උවමනාවෙන් හරි මේ දේවල් වෙලා ඉවරයි.. දෙවියනේ සන්දීප්ගෙ ලෙයින් දරැවෙක් නංගිට....???

"හැමෝම දැනගන්න.. සන්දීප් නිසා මම ප්‍රෙග්නන්ට්.. අපි දෙන්න මැරි කරන්න ඕනි..මානවඩු පරම්පරාවටත්, මදනායක පරම්පරාවටත්.. එන්න ඉන්න උරැමක්කාරයා.. අපි දෙන්න එක්කෙනෙක්..ලගදිම වෙඩින් එක ඇරේන්ජ් වෙයි.."

සවින්දි මහ හයියෙන් කෑගහලා කිව්වෙ මෙච්චර දෙයක් කරලත් ගානක් නෑ වගේ.. මේ තරම් ලැජ්ජාවක් නැති කෙල්ලෙක්.. සන්දීප්ගෙ අතින් සවින්දි අල්ලගද්දි මේ හෝල් එක ඇතුලෙ තවත් මම සිටීම සුදුසුද.. මේ වුණු අපහසය කොහොම නම් මකාගන්නද.. ඉකි බිඳුනේ ඉබේටමයි මට..

හීන එකිනෙක බොඳ වෙමින්..
ඇස් පනාපිට කඩා හැලෙද්දිත්..
කෙසේ ඉවසන්නද.. දුක මහමෙරක්..
කුමට මැව්වද එකම මලකට සමනලියො දෙන්නෙක්..
අයිතියක් නැත වෙන්න නුඹගේ මාළිගේ රැජිනක්..
ඔබත් මැව්වා මමත් මැව්වා එතෙර වන්නට හීනයක්..
නික්ම යන්නම් ඇයත් නුඹටම බැඳුනු හින්දම ආලයෙන්..
පහුවුනා මම අවදිවෙන්නම් දැකපු සුන්දර සිහිනයෙන්..

තවත් එකම නිමේශයක් හෝ නොඉද මම මගෙ අගැල්ලට දැමූ මුද්දත් ගලවා බිම දමා රතු පලස මතින්ම දිව්වේ මහ සෙනගක් මැද, ලැබුණු අපහස, දුක තවත් දරාගන්න බැරි නොවුන තැනයි.. ලස්සන කුමාරිකාවක් වෙලා සන්දීප්ගෙ වෙන්න මැවූ හීනයම ගින්දරක් වී මාව පුච්චද්දි කොහොම තවත් බලන් ඉන්නද ඒ රැව දිහා මම.. ගවුම දෙපැත්තෙන් තරමක් උස්සගෙන දිව්වත් හීල්ස් දෙක පෙරලී මම වැටුණේ සියල්ලෝම ඉස්සරහ.. අන්තිමේදී හීල්ස් දෙකත් එතනම ගලවා දමා මම දිව්වේ මහ පාරේ යටිපතුල් අව්වෙන් සහ ගල්වලින් දැවෙද්දී.. වෙඩින් හෝල් එකත්, හිටපු කිසිවෙක්වත් දෑස්වලට නොපෙනන මානෙකට දිව්වේ මේ වේදනාව හිතේ හැටියට පිටකරගන්න වුවමනා වූ නිසයි..
ගල් ඇනුනනද, යටිපතුල් පිලිස්සුනද මට ඒ කිසිවක් දැනුනෙ නෑ.. මන්ද මට ඒ කිසිම දෙයක් සිහි වුණේ නැති නිසා... හිතේ දුකටම දුවලා දුවලා මම නැවතුනේ මහ විශාල රෑස්ස ගහක් පාමුල.. එහෙමම බිම වාඩි වුණේ සිදුවීම් මාලාව මගේ ඇස් පනාපිට මැවෙද්දි මහ හයියෙන් ඉකි ගැහෙද්දී.. අනේ ඊයෙ දවස  කොච්චර ලස්සනද.. සන්දීප් මං වෙනුවෙන් හොඳම ශොප් එකකින් ඇඳුම් ගතපු හැටි, මම නොදන්නවා වුනත් ගවුමට ජුවලරි අරගත් හැටි.. මටත් නොකියා සැලොන් බුක් කරලා මාව සුරංගනාවියක් වගේ සරසවපු හැටි.., මගේ සතුට වෙනුවෙන් එයාගෙ රෑ නින්දත් කැප කරලා මාව එයාගෙ නමට ගන්න වැඩ කරපු හැටි.., ලස්සන පරිසරයක වෙඩින් හෝල් එක බුක් කරලා ලස්සනට ඇරේන්ජ් කරලා තිබ්බ හැටි,, මාව සතුටු කරන්න එයා මගේ ඉස්සරහට රතු කාපට් එකක් එලද්දිත්, එයාගෙ රැජිණ කියලා මගේ ඔළුවේ චූටි කිරැළක් පළන්දද්දි ඒ දැනුනු හැගීම, සතුට, එයා වෙනුවෙන් ඇතිවුන ආදරය, ගෞරවය... වචනවලට හරවගන්න බැරි තරම්... එයා මං වෙනුවෙන් මෙච්චර දේවල් කරද්දි මට එයා ගැන තියෙන ආදරේ වැඩි වෙන එක අරැමයක් නෙවෙයි.. මගේ ඔළුවේ සන්දීප් පළඳපු කිරැළ ගලවා අතට ගෙන ඒ දිහාම බලාගෙන ඇඬුවේ දරාගන්න බැරි තැනමයි....

"සදිසි... "

මම ගහේ කඳට හේත්තු වී අඬද්දි මගේ ලගින් වාඩි වී කතා කල ඒ හඬ මට හුරැ වුනත් මට ඇස් අරින්න වුවමනාවක් දැනුනෙ නෑ..

"මම බොරැවක් කියන්නෙ නෑ.. ඇත්ත එදා මටත් පාලනයක් නැති වුණා... මේ බලන්න සදිසි මැසේජ් එක.. මට ඔයාගෙ නම්බ එකෙන් එදා එන්න කියලා ආවෙ.. මටත් හිතුණා ඔයාට මොනා හරි මට කියන්න ඇති කියලා.. මම සතුටු වුණා මැණික. ඔයාව දකින්න ලැබෙන නිසා.. මං ආදරේ කරන කෙල්ල මට එයාව මීට් වෙන්න එන්න කිව්වම මට වෙලාවක් වැඩක් තියෙනවද මැණික..?
මට පුදුම හිතුණා.. ගැරිජ් කාමරේ ලයිට් ඕෆ් කරලා මගේ ඇඟේ එල්ලෙද්දි ඔයා මෙහෙම කරයිද කියලා.. ඒත් රත්තරනේ මාත් අනිත් අය වගේ මනුස්සෙක්නෙ.. හැගීම් දැනීම් තියෙන.. මම හිතන් හිටියෙ එදයින් පස්සෙ ඔයා මගෙම වුණා කියලා.. මගෙ ආදරේනෙ වස්තුව ඔයා.. ඔයා එක්ක බෙදාගන්න බැරි දෙයක් නෑ මට.. මමත් එවලෙ දැණුනු හැගුමට නතු වුණා මැණික.. සත්තයි. ඒ වින්ද හැම තත්පරේකම මගේ ඉස්සරහ මැවුනෙ ඔයාව විතරයි.. මට සමාවෙන්න.. විඳවන ඔයාගෙ ජීවිතේට සතුටක් වෙන්න මිසක් හීනෙකින්වත් දුකක් දෙන්න හිතුවෙ නෑ මම.. මේ පෝන් එක නිසයි එදා ආවෙ මම.. මේකට මං.."

ඇස්වල කඳුළු පුරවගත් සන්දීප් තරහින් වගේ පෝන් එක ලගම තියෙන ගලකට තදින් ගහද්දි මගෙ ඇස් ඇරැනේ ඉබේමයි.. පෝන් එක අපේ ඉස්සරහම කෑලි කෑලි කැඩෙද්දි මම හිතුවෙ මේ කොල්ලා අතේ වරදක් නැති බව.. සිදු වුණ දේට මටත් වඩා එයා තැවෙන බව..

"මම දන්නවා.. කෙල්ලෙක් තනියම කතා කලාම.. කෙල්ලෙක් තමයි වැඩිපුරම ඉවසන්න ඕනි.. ඔයා වැරදි නෑ.. මේ නංගි හැදුන විදිහෙ වරද.. ඒත් ඔයා මම වගේ කෙල්ලෙක් කැමැත්තවත් නොදී ඔහොම හැසිරෙයිද කියලා හිතන්න තිබ්බා.. ඒකයි ඔයාගෙ වරද.. ලොකුම වරද නංගිගෙ.. එයාගේ නරක හැගීම්වලට මම විදිහට ඔයාව ගෙන්න ගෙන හැමදේම ලබාගත්තා.. දැන් නොදැනුවත්ව හරි හැමදේම වෙනස් වුණා.. හදාගන්න බැරි තරමටම.."

ලොකු හුස්මක් අරන් මම කතා කලේ හිත හදාගන්න දෙන්නටම පුළුවන් වෙන්නයි...

"මාව අතෑරලා දානවද සදිසි ඔයා.. සවින්දිට මම පොඩ්ඩක්වත් කැමති නෑ.. කොහොමද ඔයාට පැලෙන්න ආදරේ කරන ගමන් වෙන කෙනෙක්ව මැරි කරන්නෙ.. මට බෑ ඒක කරන්න.."

සන්දීප් මාව හැර වෙන කෙනෙක් මැරි කරන්න කිසි සූදානමක් නෑ වගෙයි කතා කලේ.. ඒ ආදරේ මං වෙනුවෙන්මයි..

"එතකොට සවින්දිට ලැබෙන්න ඉන්න දරැවා.. අනාථ, අවජාතක ලමෙක් වෙච්ච මට කියන්නෙ මං වගේ තව ලමෙක්ව අවජාතක කරන්න කියලද.. දැන හරි නොදැන හරි ඔයා නිසා එයා ප්‍රෙග්නන්ට් වෙලා.. මට දැන් අයිතියක් නෑ ඔය තුන්දෙනා අතරට එන්න.. මට වුණ දේ මේ ලෝකෙට එන්න ඉන්න තව දරැවෙක්ට කරන්න බෑ.. අමතක කරන්න අපි හම්බුණා කියලා.. අමතක කරන්න මේ වෙච්ච හැමදේම.. මට නොලැබීම් හොඳයි.. සතුටක් මට මං වගේ අවාසනාවන්ත කෙල්ලෙක්ට සතුට දෙන්න ඔයා උත්සහ කලාට.. ආදරෙයි මාත් ඔයාට.. ඒක මේ හිතේම මැරිලා යද්දෙන්.. නංගියි දරැවයි හදාගෙන සතුටින් ඉන්න.. අමතක කරන්න මාව.."

මම දිගටම කිව්වේ තවත් මේ සම්බන්ධය ගෙන යාමේ පලක් නැති නිසා.. සන්දීප්ගේ ඇස්වලින් කඳුළු වැටෙද්දී මට තේරැණා.. ඒ පිරිමි පපුවත් උණු වී ගලාගෙන යන බව...

"මට ඔයාව අමතක කරන්න මැරෙන්න වෙයි සදිසි... මට ඔය ප්‍රෙග්නන්ට් කතාවත් විශ්වාස නෑ.. එයාට ඕනම පහත් දෙයක් කරන්න, කියන්න පුළුවන් එයාගෙ අරමුණු වෙනුවෙන්.. මේ දේවල් අතාරින්නෙ නෑ මම.. සවින්දි කරන්නෙ බොරැවක් නම් එයාට විදවන්න වෙයි.. ඔයාව මගෙන් වෙන් කලාට.. ලේසියෙන් මම මේ සටන අතාරින්නෙ නෑ.. මාව ඔයාගෙන් වෙන් කරන්න ජරා පිරිමි අතින් ඔයාව විනාශ කරන්න ප්ලෑන් ගහපු එයාලට තව මොනාද කරන්න බැරි පහත් වැඩක් තියෙන්නෙ.. වැරැද්දක් වුණා..ඒත් මේ දේවල් මම ලේසියෙන් අතාරින්නෙ නෑ සදිසි.."

සන්දීප් තවමත් හොයන්නේ මගේ වෙන්න මගක්.. ඒත් දැන් කිසි දෙයක් නිවැරදි කරන්න බෑ... මම අමාරැවෙන් හරි හිත හදාගන්න තීරණය කලා... ගහ ගාවින් නැගිට්ටත් මට ගෙදර යන්න හිතුණෙ නෑ.. ඒ වුණත් මට ඒ අපායට ඇරෙන්න යන්න වෙන තැනක් නෑ.. ඔළුව හැරැණ අතේ යන්න හිතුවත් සන්දීප් ඉද්දි ඒකනම් කරන්න වෙන්නෙ නෑ.. මොකද තාමත් එයා මාව රකින්න කැපවෙලා ඉන්න නිසා..

"සදිසි යනවද.. I love you.. තාමත් මම ආදරෙයි.. ඒක වෙන කෙනෙක්ට ගන්න බෑ.. මේ හිතේ ඔයාට ඇරෙන්න වෙන කෙනෙක්ට ඉඩක් නෑ.. මේ වෙච්ච දේත් විසදනවා මම ප්‍රොමිස්.."

මම කතාවක් හෝ නැතිව එන්න හදද්දී එයා ටිකක් උස් හඬින් කිව්වේ තාමත් ඒ හිතේ මේ වුණ දේ ඇත්ත නැත්ත ගැන විශ්වාසයක් නැති නිසාමයි.. එයා මං වෙනුවෙන්, අපි වෙනුවෙන් හැම බරක්ම කරටගත් බව නම් තේරැණා මට.. ඒත් ඒ දේවල් ප්‍රයෝජනවත් වෙයිද දැන්.... මම හිතුවා පමණයි..

...............................................................................


කතාවෙ තවත් කොටසක් ඒ විදිහට ඉවර වෙද්දි සදිසි තමන්ගෙ හිත හදාගන්න තීරණය කලත් සන්දීප් තාමත් එයාගෙ ආදරේ වෙනුවෙන් කරන සටන අතෑරලා නෑ.. කවුරැත් ඉල්ලුවා ලස්සන අවසානයක්..  ඒත් කතාව තව කොටසක් දෙකක් වැඩිවෙයි.. අපි බලමු මේ දේවල් සන්දීප් කොහොම විසඳයිද කියලා.. එදා ගැරිජ් කාමරේ සිදුවුණ දේ හරිගස්සන්න බෑ.. ඒත් මොකක්ම හරි මාර්ගයක් විවර වෙයි එයාලා වෙනුවෙන්.. වෙඩින් හෝල් එකේ වුණ හැමදේම වීඩියෝ කෝල් එකෙන් එඩ්වඩ් මදනායක දැක්කා කියලා කාටත් අමතක වුණා.. මේක මදනායකට කොහොම දැනෙයිද.. සන්දීප් සහ සදිසි පාරවල් දෙකකට හැරෙයිද.. ඊළඟ කොටස ඉක්මනටම ගේන්නම්.. දිගටම රැදෙන්න කතා පියස එක්කම..**
Dilru Don'T Copy